ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත් දැම්ම. ඇත්තටම මේ වෙද්දි මේ චිත්‍රපටිය මම දහ වතාවකට වඩා බලල ඉවරයි. මේක ඒ තරමටම රසවත්. මේක ත්‍රාසජනක නොහොත් හොරර් ගණයේ චිත්‍රපටියක් උණත් හාස්‍යය, දුක, සතුට, මාතෘ සෙනෙහස ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ කවුරුත් මේ චිත්‍රපටිය බලන්න අකමැති වේවිය කියල. සබ දාද්දිත් පුදුම මහන්සියක් ගත්තෙ. දැනුමෙ හැටියට ඔන්න සබ කලා. හුග කාලෙකින් සබක් කරපු නැති නිසා අඩු පාඩු තියෙන්න පුළුවනි. ඒව එච්චර ගණන් ගන්න එපා. චිත්‍රපටියේ රස අඩු වෙන නිසා මම චුට්ටක් කෙටියෙන් මෙහෙම මේ චිත්‍රපටිය ගැන කියන්නම්.
මේ කථාවේ ප්‍රධාන කථානායිකා මැක්ස් විශ්ව විද්‍යාල තරුණියක්. ඇගේ අම්මා නිලියක්. තාත්ත ගැන සදහනක් නම් නෑ. මෙයාල දුප්පත්. ඒත් මැක්ස්ගේ අම්මා මැක්ස් වෙනුවෙන් ඕනම දෙයක් කරන අම්ම කෙනෙක්. දුප්පත් උණත් මැක්ස්ව හොදින් බලාගත්තා. මැක්ස්ගෙ අම්මගෙ පණ තමා මැක්ස්. දවසක් මෙයාල කාර් එකේ යද්දි කාර් එක ඇක්සිඩන්ට් වෙලා මැක්ස් ගේ අම්මා මැරෙනවා. ඔය අතරෙයි මැක්ස්ගේ අම්මා වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ පිරිසක් මැක්ස්ගේ අම්මා තරුණකාලෙ රගපාපු ත්‍රාසජනක චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන්නේ. මැක්සුත් එයාගේ යාළුවන්ගේ බල කිරීමටයි යන්නේ මේකට සහභාගී වෙන්න. එයාගේ යාළුවො තමා ක්‍රිස්, විකී සහ හොදම මිතුරිය ග(ර්)ටි සහ ඇගේ සොහොයුරා ඩන්කන්. ඩන්කන් තමා මේ දේවල් වල මූලිකත්වය අරං වැඩ කරන්නේ. චිත්‍රපටිය පටන්ගත්තම හදිසියේම ඇතිවෙන ගින්නකින් සිනමා ශාලාව ගිනි ගන්නවා. මැක්ස් යාලුවන් එකතුකරගෙන දරශන තිරය පිටුපස දොරකින් පිටතට යන්නට තිර රෙද්ද ඉරාගෙන එතැනින් පිට වෙනවා. නමුත් ඔවුන් යන්නේ ත්‍රාසජනක චිත්‍රපටිය ඇතුලට. මැක්ස්ට මැක්ස්ගේ අම්මවත් මුණ ගැහෙනවා. එයා කොහොම හැසිරේවිද? මෙතනින් මම කථාව නවත්තනවා. මෙතනදි තමා හොද හොද දේවල් සිද්ධවෙන්නේ. එහෙනං බලලම තීරණය කරන්න මේක හොදද නැද්ද කියල. එහෙනං ගිහිං එන්නම්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Final.Girls.2015.720p.BluRay.x264.[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
364 downloads