කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්.
තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩිමල් සොයුරිය, ඒ කියන්නේ අක්කා නර්තනයේ යෙදෙන්නෙක්. නමුත් අනතුරකට පසුව ඇගේ නර්තන හැකියාව ගිලිහෙනවා. ඇය දිගටම උත්සහා කලත් ඇය අසාර්ථක බව ඇයට තේරෙනවා. නංගී ඉගෙනගන්නවා. ඇය පාඩම් කටයුතු කරනවා. සාමාන්‍ය විදිහට ගෙවෙන ඔවුන්ගේ ජීවන රටාව එක්වරම සිදුවන විදුලි බිඳ වැටීමක් නිසා වෙනස් වෙනවා. දින ගනනක් එකදිගට විදුලිය නැතිවෙනවා. නගරය අනාරක්ෂිත බවට පත්වෙනවා. ඔවුන් වනගත නිවසේම ඉන්න තීරණය කරනවා. දිනක් හදිසි අනතුරකින් ඔවුන්ගේ පියා මිය යනවා. විදුලිය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන් සතුව තියෙන්නේ එක් ඉන්දන බැරලයක් පමණයි. ආහාර අවසන් වේගන යනවා. ආරක්ෂාවට ඇත්තේ පියාගේ ගිනි අවිය පමණයි. දිනෙන් දින ගිලිහෙන නර්ථන හැකියාව, පියාගේ සහ මව අහිමි වීම, තනිකමේ ඇති අනාරක්ෂිත බව නිසා වැඩිමල් සොයුරිය ශෝකයට පත්වෙනවා. නමුත් බාල සොයුරිය දිරිමත් තරුණියක්. ඇය උත්සහා කරනවා සාර්ථකව මුහුණ දෙන්න. ඔවුන්ගේ ජීවිතය කෙබඳු වේවිද? විවිදාකාර සිදුවීම් වලට ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා. අනාරක්ෂිත කාලයක, වනාන්තරයක් මැද ගෙවන ජීවිතය ඔවුන් ජය ගනීවිද…?
මෙහි කතාව ගලා යන්නේ විදුලි බිඳ වැටීම සමග සිදුවන සිදුවීම් මාලාවක සම්බන්දයෙන්. පොඩි කට්ටිය එක්ක නම් බලන්න අමාරුයි. මේක මගේ 7වෙනි උපසිරැසිය. ඊලඟට දෙමල/තෙලිඟු එකක් කරන්නත් අදහසක් තියනවා. එහෙනම් ඉතින් ඊලඟ එකෙන් හම්බවෙමු.
ඔබට ජය!!!
ගැළපෙන පිටපත්
- Into.the.Forest.2015.WEB-DL.
x264-FGT - Into.the.Forest.2015.1080p.
WEB-DL.DD5.1.H264-FGT - Into.the.Forest.2015.720p.WEB-
DL.XviD.AC3-FGT - Into.the.Forest.2015.WEB-DL.
XviD.MP3-FGT - Into.the.Forest.2015.WEB-DL.
XviD.AC3-FGT - Into.the.Forest.2015.720p.WEB-
DL.x264-Ganool - Into.the.Forest.2015.720p.
WEBRip.x264.AAC-ETRG - Into.the.Forest.2015.HDRip.
XviD-ETRG - Into.the.Forest.2015.HDRip.
XviD.AC3-EVO - Into.the.Forest.2015.HDRip.
XviD-iFT
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
211 downloads