ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප වන්නෙත් මේකයි, මොකද ඔහු 2011 පෙබරවාරි 27 දින නිව් යෝක් නගරයේදී මොලේ පිලිකාවක් නිසා මිය ගිය නිසා. කවුරුත් දන්න Amanda Seyfried සොෆී ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි Gael García Bernal වික්ටර් ලෙසත් Vanessa Redgrave ක්ලෙයා ලෙසත් Christopher Egan චාලි ලෙසත් සෙසු චරිත වලට රංගනයෙන් ධායක වෙනවා. IMDb දර්ශකයේ 6.5/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව. ඉස්සෙල්ල පළ වූ ලිපියෙන් කතාව ගැන රොයිලි අයිය ලස්සන විස්තරයක් කරල තියෙන නිසා මම ආයෙ ඒ ගැන කියන්න යන්නෙ නෑ.
මේ කතාවෙ කියවෙන ජුලියෙට්ගේ ලේකම්වරියන් ඇත්තටම ඉන්නව. එයාලට කියන්නෙ ජුලියෙට් සමාජය කියල. එයාල වෙරෝනා වල විදේශිකයන්ගේ මහත් ආකර්ශනයක් දිනාගත් තැන් වලින් එකක් වන ජුලියෙට්ගේ මිදුලේ ඇති බිත්තියේ අලවල යන ලියුම් වලට පිළිතුරු ලිපි ලියන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරන පිරිසක්. කම්මැලි නැතිව එක දිගට රසවිඳින්න පුලුවන් ලස්සන ආදර කතාවක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්
කලින් පලවූ ලිපිය…
ඔන්න මං ගානෙ කට්ටියට අද අරගෙන ආව ලස්සන ප්‍රේම කතාවක්. දැන් ඉතින් කට්ටිය මට දෙස් දෙවුල් තියන්න එපා, “අපෝ රොමෑන්ටික්” කියල. ලස්සනයි කතාව. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන්නේ මම කැමතිම නිලියක්. මහාලොකු ලස්සනක් නැතිවුනාට, Amanda Seyfried ගේ අමුතු ගතියක් තියෙනවා. ඔයාල මෙයාව Mamma Mia! සහ Dear John යන චිත්‍රපටිවලදි දුටුවා මතකත් ඈතිනෙ. කතාව කෙටියෙන් මෙහෙමයි.
ඉතාලියේ වෙරෝනා නගරයේ තමයි, ලෝකප්‍රසිද්ධ Romeo හා Juliet පෙම් යුවල ජීවත් වුනායැයි සලකන්නෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනෙවනෙ ඈතිනෙ රොයිලි සහෝගේ වැඩ වලට හේතුව මොකක්ද කියල, හික්ස්.. කොහොම හරි, ඔයාල අහල ඇති දෙන්න පෙම් රස විඳපු ස්ථානය ගැන. දැන් මෙතන ලෝකයේ පෙම් වතුන් අතර සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම, අපේ අය බාරයක් ඔප්පු වෙලා පඩුරක් ගැට ගහල යනව වගේ අපරදිග පෙම්වතුන් තමන්ගෙ කරදරය ගැන ලියල Juliet ට ලියුමක් ලියනවා. කට්ටියගෙ විශ්වාසය, Juliet කෙසේ වෙතත් Juliet ගෙ සහකාරියො හරි එයාලට උදව් කරල පිලිතුරු ලිපියක් එවාවි කියල.
කතාවෙ ආරම්භයේ, Sophie ඉතාලියේ මෙතනට යනවා. ඔතනදී ඇයට අහම්බෙන් සෑහෙන්න පරණ ලිපියක් ලැබෙනවා. නියම විදියට ඇය එම ලිපියට පිලිතුරු ලියනවා. වැඩේ කියන්නෙ මේ ලිපිය ලියල තියෙන්නෙ 1957 දී Claire කියල කෙනෙක්. කොහොමහරි Sophie ට පුළුවන් වෙනවා Claire ට උදව් කරන්න. ඒ Claire ගේ සැබෑ ආලය ඇයට නැවත මුණ ගස්වන්න. එතනින් වැඩේ නතර වෙයි ද? නෑ, මේ ලියුම Sophie ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරනවා. මොනව වෙයිද? බාගෙනම බලමු නේද? සිරාවට, ආලය මනරම්!
ලිපිය :- රොයිලි ප්‍රනාන්දු.
25 downloads