ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නෙ සුපිරිම මට්ටමේ, සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටයක්. Hard Target 2 (2016) චිත්‍රපටය දීලා සුමාන තුනක වගේ නිහැඬියාවකින් පස්සේ තමයි මේක අරගෙන එන්නෙ.වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ කාලය අතරතුරේදී, කට්ටිය ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න අලුත්ම හින්දි චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා. ඉතිං, චිත්‍රපටයේ හොඳ පිටපතක් ආපු සැණින් ඔයාලට චිත්‍රපටය නරඹන්න පුළුවනි. මේ වතාවේ අරගෙන එන චිත්‍රපටය ගැන කියනවානම්, මේක චීන චිත්‍රපටයක්. ක්‍රියාදාම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයින්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්.
චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන්නෙ මේ වර්ෂයේ අප්‍රේල් මාසයේදී.නමුත්, හොඳ පිටපතක් නිකුත් වුණේ දැනට දවස් කීපයකට කලින් තමයි.කෙසේ නමුත්, මේ වන විට චිත්‍රපට විචාරකයින්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබාගනීමට මෙම චිත්‍රපටය සමත් කම් දක්වා තිබෙනවා.විචාරකයින්ගේ ප්‍රතිචාර කෙතරම් ඉහල මට්ටමක තියෙනවාද කියනවානම්, ඔවුන් පවසන ආකාරයට පසුගිය දශක දෙකක කාලය තුලදී නිර්මාණය වූ හොඳම කුංග්-ෆු චිත්‍රපටය ලෙස ඔවුන් මෙම චිත්‍රපටය හඳුන්වනවා.එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාවට පණ පොවනා රංගන ශිල්පියාගේ සටන් හැකියාව කෙතරම් ඉහල මට්ටමක පවතිනවාදැයි පවසනවානම්, විචාරකයින් පවසන්නේ මෙය, එදා මෙදා තුර ලොව විසූ අසහායම සටන් ශිල්පියා වන බෲස් ලී ගේ නැවත සම්ප්‍රාප්තියක් ලෙසයි.එමෙන්ම මේ ලිපිය ලියන මොහොත වන විට IMDB දර්ශකයේ 6.0 ක් වැනි අගයකින් සන්නද්ධ වන්නටද මෙම ක්‍රියාදාම චිත්‍රපටය සමත් වී තිබෙනවා.චිත්‍රපටය පිළිබඳව දළ අදහසක් ලබාගන්න, මං හැමදාම කියනවා වගේම මුලින්ම පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො.
කතාව පිළිබඳව නම් වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. පොඩි කොටසක් පමණක් කියන්නම්. Wu-Lin කියන්නෙ, හුදකලා ගම්මානයක තම ගුරුවරයාගේ මග පෙන්වීම මත කුංග්-ෆු සටන් කලාවේ පරතෙරටම ගිය සටන් කරුවෙක්. මොහුට හැකියාව තිබෙනවා එකිනෙකට වෙනස් ආකාරයේ අති ප්‍රබල අයෝමය ප්‍රහාර 108ක් එල්ල කිරීමේ හැකියාව. එමෙන්ම තියුණු තීක්ෂණ බුද්ධියකින්ද සමන්විත වෙනවා. කුඩා කාලයේ පටන් තම දරුවෙකු මෙන්ම තමාව හදාවඩා ගත් සිය ආදරණීය ගුරුතුමාගේ වියෝවෙන් හුදෙකලා වන මෙම අභීත රණ ශුරයා නගරයට පිය තබන්නෙ කිසිඳු අපේක්ෂාවකින් තොරවයි. එනමුත්, කිසිසේත් නොපැතු විරූ අයුරින් නගරයේ ධනවත්ම පුද්ගලයාගේ දියණියගේ පුද්ගලික ආරක්ෂක තනතුර මොහුට හිමිවනවා. ඒ, එකල්හි එම නගරය භීතියෙන් මුසපත් කොට ගෙන සිටින, අති දරුණු මිනීමරු ඝාතන හමුදාවකින් තම බලය දසත පතුරා ගෙන සිටින, කාලයක තම ජීවිතයේ සමීපතම සගයෙකු වී සිටි පුද්ගලයෙකුගෙන් එම ධනවතාගේ දියණිය ආරක්ෂා කිරීම උදෙසා. Wu-Lin සමගින් එම පුද්ගලයාට ඇති අතීත සම්බන්ධතාවය කුමක්ද… මේ සියලු සිදුවීම පිටුපස සිටිනා අදෘශ්‍යමාන බලවේගය කුමක්ද… පළමු මිනිත්තුවේ පටන් අවසාන මොහොත දක්වාම ක්‍රියාදාම ජවනිකා වලින් පිරිපුන් මෙම අනගි නිර්මාණය නරඹන ඔබ සැමට ඉතිරිය භාරයි. ක්‍රියාදාම චිත්‍රපට නරඹන අය අනීවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. විනාඩි 10කට ආසන්න කාලයක් දිගහැරෙන සුපිරිම සටන් ජවනිකා කීපයක්ම තියෙනවා. ඒ නිසා එක හුස්මට නරඹලා ඉවරයක් කරන්න පුළුවන් කියා සහතික කොට කියන්න පුළුවන්.
තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, සියලු දෙනාටම ජයවේවා!
ප.ලි. – චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවසරය ලබා දුන් සමන් ප්‍රසාද් සොයුරාට විශේෂ ස්තුතිය…
Due to copyright issues, we do not provide any torrent links.
The Bodyguard (2016) 720p WEBRip 550MB nItRo
ලබා දී ඇති උපසිරසි WEBRip සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.
1964 downloads