මගේ 28 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔයාල හැමෝටම ලස්සන, ප්‍රසිද්ධ ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක් දෙන්න මං අදහස් කලා. ඇලිස්ගෙ නමින් චිත්‍රපට, කාටුන්, නාට්‍ය මීට කලින් නිර්මාණය වෙලා තිබුණත් මේ කතාව තමයි දැනට නිර්මාණය වෙලා තියන අලුත්ම කතාව. අමෙරිකානු ඩොලර් මිලියන 287.1 ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය මේ අවුරුද්දේ මැයි මාසෙ තමයි එළියට ආවේ. චිත්‍රපටය නිෂ්පාදනය කලේ ලෝකප්‍රසිද්ධ වෝල්ට් ඩිස්නි සමාගම. එතකොට චිත්‍රපටයේ IMDb අගය 6.4ක් වෙනවා.
දැන් ඉතිං “කවුද බොලේ ඇලිස්” කියල හිතන අයත් ඇතිනේ. එයාලට මං කතාවෙන් පොඩ්ඩක් කියන්නම්. ඇලිස් කියන්නේ ලෝකෙ වටේ අරුම පුදුම සවාරි යන තරුණ කෙල්ලෙක්. එයාගෙ මැරුණු තාත්තාගෙ නැවෙන් තමයි එයා මේ ගමන් යන්නේ. ඇලිස්ට ඉන්නේ මිනිස් යාළුවො විතරක් නෙමෙයි. ඊට අමතරව බල්ලො, පූසෝ, හාවො, මීයෝ වගේ සත්තු එක්කත් එයා යාළුයි. යාළුවන් අතර එයාට ගොඩක් හිතවත් යාළුවෙක් ඉන්නවා ටැරන්ට් කියලා. ටැරන්ට් කියන්නේ විහිළුවෙන් ඉන්න තොප්පි මහන කෙනෙක්. පුංචි සිද්ධියක් නිසා එක පාරට එයාට එයාගෙ පවුලෙ අයව මතක් වෙනවා. එයාගෙ පවුලෙ අයව ජැබවෝකි කියල මකරෙක් මරුවා කියලා එයා කලින් විශ්වාස කලත් එයා පස්සෙ හිතනවා එයාගෙ පවුලෙ අය අනිවාර්යෙන් ජීවතුන් අතර ඉන්න ඕන කියලා. ඒ ගැන හිත හිත එයා දුකින් ඉන්නේ.
ඉතිං ඇලිස් තමන්ගේ යාළුවා, ටැරන්ට් වෙනුවෙන් ලොකු අවදානමක් අරං යන්තරයක නැගලා අතීතයට යනවා එයාගෙ පවුලෙ අයව බේරගන්න. මේ ගමනේදී ඇලිස්ට ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා. කාලය තුළින් ආපස්සට ගිය ඇලිස්ට ටැරන්ට්ගෙ පවුලෙ අයව බේරගන්න පුළුවන් වෙයි ද? එයා මූණ දෙන කරදර මොනාද? එයාට ආපහු පියවි ලෝකයට යහතින් එන්න පුළුවන් වෙයිද? ටැරන්ට් දුක් විඳලම මැරෙයි ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මේ කතාව ළමයින්ට ගොඩක් සුදුසු උනාට ලොකු බබාලටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෂෝක් කතාවක්.
චිත්‍රපටයේ ඇලිස්ට ඉන්නේ Mia Wasikowska කියන ඕස්ට්‍රේලියානු ජාතික නිලියයි. සුදු රැජිණට (මිරානා) ඉන්නේ Anne Hathaway කියල කෙනෙක්. රතු රැජිණට (ඉරාසිබෙත්) ඉන්නේ Helena Bonham Carter කියල කෙනෙක්. ඒ වගේම ටැරන්ට්ට ඉන්නේ අපි හැමෝම වගේ දන්න අපි කාවවත් නොදන්න Johnny Depp. ලොල්. කලින් මම දුන්න බොක්ස් ඔෆිස් චිත්‍රපටයට වගේම මේ බොක්ස් ඔෆිස් චිත්‍රපටයටත් නිල අනුග්‍රහය දැක්වුවේ විමා සහෝ. ඉතිං මං එයාටත් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් ලස්සන කතාවක් අරගෙන මං ආපහු එන්නම්. ජය වේවා!
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.
730 downloads