Image may be NSFW.
Clik here to view.
ඔන්න එහෙනම් අලුත් වැඩකට බහින්න හිතුවා. මෙච්චර කල් සබ් දුන්නේ ඇනිමේෂන් චිත්‍රපට වලටනේ. මේ පාර ඇනිමේෂන් රූපවාහිනි කතාමාලාවකට සබ් ගේන්න හිතුවා. ඒ තමයි 2013/2014 කාලසීමාවේ විකාශය වුණු Beware the batman කතාමාලාව. ඔක්කොමලා බැට්මෑන්ට ආසයිනේ ඉතින්. මේ කතාමාලාවේ බැට්මෑන්ට අමතරව කටානාවත් දැකගන්න පුලුවන්. Arrow Season 3 බලපු අයනම් කටානව දන්නවා ඇති. එයාගේ ඇත්ත නම තමයි ටට්සු යමෂිරෝ. හරි එහෙනම් පළවෙනි එපියේ කතාව පැත්තට හැරෙමු.
මේ කතාවෙදී හතුරන් විදිහට ඉන්නේ පිග් හා ටෝඩ් කියලා දෙන්නෙක්. කතාව ආරම්භයේදීම මේ දෙන්නා සයිමන් ස්ටැග් කියලා කෙනෙක්ව පැහැරගන්නවා. ඒ කීස්ටෝන් කියලා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව. ඒත් ඒ ගනුදෙනුවට සම්බන්ධ එයා විතරක්ම නෙමෙයි. ඒකට තවත් දෙන්නෙක් අයිතියි. ඒ මයිකල් හෝල්ට් හා බෲස් වේන්(බැටා). මයිකල් හෝල්ට්ව පැහැරගත්තත් බෲස් වෙනුවට පැහැරගන්න ලැබෙන්නේ ඇල්ෆ්‍රඩ්ව(බෲස්ගේ සේවකයව). අපේ හතුරෝ දෙන්නා එයාලව දඩයම් කරන්නයි පැහැරගන්නේ. ඒ ඇයි කියලත්? එයාලා කරලා තියෙන වරද මොකක්ද කියලත්? බැට්මෑන් මේ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලත්? බලන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා. මේකේ බැටාගේ නියම සටන් දර්ශන ටිකකුත් තියෙනවා. එහෙනම් බලලම ඔයාලගේ අදහස් කියන්නකෝ.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E01.Hunted.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.