එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mark Neveldine සහ Brian Taylor නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham නළුවා සහ Mirrors, Flight 7500, The Single Moms Club වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Amy Smart නම් සරාගී නිළියයි.
චෙව් චෙලියෝස් (Jason Statham) කියන්නෙ කුළීයට මිනී මරන්නෙක්. නිකී වෙරෝනා නම් අයෙක් විසින් ඔහුට දරුණු විෂක් ශරීරගත කරනවා. මේ බව දැනගන්නා චෙව් වෙරෝනාව මරා දමන බවට දිවුරනවා. ඔහුට වෙරෝනාව මරා දමන්න හැකි වෙයිද? දරුණු විෂක් ශරීරගත වී ඇති චෙව්ට බේරෙන්න හැකි වෙයිද? චෙව් ඝාතන ප්‍රයත්නය පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් මොකද චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වදන් ඇතුළත් වෙනවා. ඒ වගේම පොඩි සීන් එකකුත් තියෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Crank.2006.720p.BrRip.x264.YIFY
349 downloads