Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Guide (1965) with Sinhala Subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Guide (1965)

මෙම චිත්‍රපටය 1965 වර්ෂයේ තිරගත වූවකි. IMDb අගය 8.6 ක් වන මෙම අමරණීය සිනමා කෘතිය භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රියතාවයට පත්වූවකි. සුපිරි රංගන ශිල්පී දේව් ආනන්ද් හා වහිඩා රෙහෙමාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඉතා මියුරු ගීත රැසක් අඩංගු මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ මහා සංගීතවේදී S.D බර්මන් ය.

කතා සාරාංශය වන්නේ, රාජු යනු සංචාරක මඟපෙන්වන්නෙකි. අවිවාහකයෙක් වන ඔහු උදායිපූර් නම් පෞරාණික නගරයේ සිටින ජනප්‍රියම මාර්ගෝපදේශකයා ය. නටඹුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ලැබෙන මුදලින් ඔහු තම මව සමඟ ජීවිකාව ගෙන යයි. රෝසි නම් තරුණ බිරිඳගේ ස්වාමිපුරුෂයා වන වයස්ගත මාර්කෝ ධනවත් පුරා විද්‍යාඥයෙකි. ඔහු උදායිපූර් ගමේ නටඹුන් පිළිබඳ පරීක්ෂාකිරීමට එහි පැමිණෙන අතර මාර්ගෝපදේශනයට තෝරාගන්නේ රාජුව ය. ඔහු විසින් ගවේෂණය කර නව පුරාවස්තු රැසක් සොයාගන්නා අතර ඉන් ඔහු ඉමහත් කීර්තියට පත් වෙයි. මුළු ජීවිතයම පුරාවස්තු සමඟ ගෙවන මාර්කෝගේ දිවිය ඔහුගේ තරුණ බිරිඳට ඉමහත් පීඩාකාරී බවක් ඇතිකිරීම නිසා ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට පටන් ගනී. මේ දෙදෙනා අතර අතරමැදියා සේ කටයුතු කරන රාජු ඉබේම මෙම ප්‍රශ්න ගොන්නට මැදි වෙයි. ඉන්පසු ඉතා සංකීර්ණ සිද්ධිදාමයකට මුහුණදෙන රාජුගේ ජීවිතය ශෝකාකූල අවසානයකට පත් වෙයි.

ආදරය, දුක, ආධ්‍යාත්මික බව මෙන්ම දාර්ශනිකභාවයෙන්ද පිරිපුන් මෙම සිනමා කෘතිය 14 වන ෆිල්ම්පෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිණිය, හොඳම කතාව ආදී සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. ඉංග්‍රීසි උපශීර්ෂයේ නොතිබුණු, එහෙත් අවශ්‍යයැයි හැඟුණු ගීත දෙකකට සිංහල උපශීර්ෂ ඇතුළත් කළෙමි. මේ සඳහා මා හට බොහෝ උදවු උපකාර සිදුකළ “විතානගේ ප්‍රියන්ත” සොයුරාට මෙහි දී විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම යු ටියුබ් එකේ ඇති 644 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 50 යි, තත්පර 43 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ සම්මානලාභී “Pakeezah” පැරණි හින්දි සිනමාපටය ද මෙම “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇත. මෙය මාගේ දෙවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

වැඩි විස්තරයක් දැම්මේ නෑ. එහෙනම් මේක බලලා COMMENT එකකුත් දාගෙන යන්නකෝ.

Guide (1965) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග සදකැළුම් වීරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>