ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං පොරොන්දු වුන විදිහටම මායාබන්ධන දෙවන කතා මාලාවත් අරන් ආවා. මේ කතාමාලාව නම් කරලා තියෙන්නේ Spellbinder – Land Of the Dragon Lord එහෙමත් නැත්තන් මායාබන්ධන මකර රජදහන කියලා. මායාබන්ධන රසික රසිකාවියන් නම් දන්නවා මේ ගැන හොඳින්ම. ඉතින් සුපුරුදු විදිහටම මේ කතා මාලාව සඳහාත් ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න නම් තිබුනේ නෑ. මේකත් සුපුරුදු පරිදි අසාලිවීමක් කරන්න සිද්ධ වුනා. මේක මට පරිවර්ථනය කරලා දෙන්නම් කියලා මගේ නඟා භාරගත්තා. එයාගේ නම නිශාරා මධුවන්ති. මං මේ අවස්ථාවේදී එයාටත් ස්තූතිය පුද කරනවා. නමුත් එයාට මේක පරිවර්ථනය කරන්න තරම් කාල වේලාවක් තිබුනේ නෑ. කොහොම නමුත් කොටස් දෙකක් පරිවර්ථනය කරලා මට දුන්නා. අධ්‍යාපන කටයුතු නිසා තමයි එයාට කාල වේලාව හොයාගන්න බැරි වුනේ. කොහොම නමුත් මං පොරොන්දු වුන විදිහටම මායාබන්ධන සියළුම කොටස් සඳහා උපසිරැසි සකස් කළා. ඉතින් ඔයගොල්ලන්ට මේක බය නැතුවම බාගන්න පුලුවන්. මොකද ටොරන්ට් එකේ සියළුම කොටස් අන්තර්ගත වෙනවා. ඒ වගේම කියන්න කැමතියි මේකේ ටොරන්ට් ෆයිල් එක හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් G+ හරහා මට මැසේජ් එකක් එවන්න. මං ටොරන්ට් ෆයිල් එක සඳහා ලින්ක් එකක් දෙන්නම්.
මායාබන්ධන මකර රජදහන කරලියට එන්නේ 1997 වර්ෂයේ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Noel Price. රචනය සහ නිර්මාණය කරලා තියෙන්නේ Mark Shirrefs සමඟ John Thomson. කතාවේ ප්‍රධාන චරිත බවට පත් වෙන්නේ මේ අය. කැතීගේ චරිතයට පණ පොවන්නේ Lauren Hewett. ජෝෂ්ගේ චරිතයට පණ පොවන්නේ Ryan Kwanten. ඒ වගේම මෙක් ගේ චරිතයට පණ පොවන්නේ Anthony Brandon Wong. සන් හෙවත් මකර අධිරාජයාගේ චරිතයට පණ පොවන්නේ Leonard Fung. ඒ වගේම මේ කතා මාලාව IMDb දර්ශකය 7.9 ක් පමණ ලබාගෙන තිබෙනවා.
කතාව ගැන ටිකක් විතර කියන්නම්. මකර රාජධානිය කියන්නේ සමාන්තර ලෝකයක්. මේ රාජධානියේ රජතුමා තමයි මකර අධිරාජයා කියලා හඳුන්වන්නේ. මේ කතාව පටන් ගන්නෙම සමාන්තර ලෝකෙකින්. මකර රජදහනේ ඉන්නවා ටිකක් දඟ ශිෂ්‍ය විද්‍යාඥයෙක්. මෙයාගේ නම තමයි මෙක්. මකර අධිරාජයා අණ මෙයාට අණ කරනවා සංගීත ආභරණ කට්ටලයක් නිර්මාණය කරලා දෙන්න කියලා. මෙයා මේ ගැන පර්යේෂණ කර කර ඉන්න අතරේ මෙයාට පොඩි මාර්ගයක් පෑදෙනවා. එයා සංගීත භාණ්ඩ හදන එක පැත්තකින් තියලා බෝට්ටුවක් නිර්මාණය කරනවා. එක නම් සාමාන්‍ය බෝට්ටුවක් නෙමෙයි. මේක වතුරෙ පදින්නත් බෑ. එහෙනම් මොකක්ද මේ අමුතු බෝට්ටුව? මේක තමයි විවිධ මාන අතරේ ගමන් කරන්න පුලුවන් බෝට්ටුවක්. ඇත්තටම ක්වොන්ටම් භෞතික විද්‍යාව උපකල්පනය කරනවා විවිධ මානවලට අයත් විවිධ ලෝක අපේ ලෝකයට සමාන්තරව තියෙන්න පුලුවන් කියලා. ඉතින් ශිෂ්‍ය මෙක් නිර්මාණය කරපු මේ බෝට්ටුවෙන් පුලුවන් මේ මාන අතරේ තියෙන ලෝක අතර ගමන් කරන්න. ශිෂ්‍ය මෙක් තමන්ගෙ ගුරුතුමාත් එක්කත් හිත් අමනාපයක් ඇති කරගෙන එයාගෙ බෝට්ටුවෙන් පළමු චාරිකාව යනවා. ඉතින් මෙක් එන්නේ අපේ ලෝකයට.
මෝගන් පවුල කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ පවුලක්. තාත්තා පා පන්දු ක්‍රීඩකයෙක් වෙලා ඉඳලා තියෙනවා. ආබාධයක් නිසා ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් තමයි පවත්වාගෙන යන්නේ. කාල් තමන්ව හඳුන්වා ගන්නේ ක්‍රේසි කාල් කියලා. එහෙමත් නැත්තන් පිස්සු කාල්. කාල් මෝගන්ගේ බිරිඳ තමයි විකී මෝගන්. පුතා ජෝෂ් මෝගන්. දුව කැතී මෝගන්. මේ මෝගන් පවුල නිවාඩුවක් ගත කරන්න කඳවුරක් ගහනවා පොඩ්ඩක් කැලෑබද පැත්තක. කැතීට නම් මේ කඳවුරු කෙරුවාව ටිකක් බෝරිං. මොකද එයාට සෙට් වෙන කවුරුත් නැති නිසා.
ශිෂ්‍ය මෙක් තමන්ගේ බෝට්ටුවේ මංගල ගමන ඇවිල්ලා තියෙන්නෙත් මේ කෑම්පිං සයිට් එක කිට්ටුවටමයි. මෙක් මේ ලෝකෙ තියෙන අමුතු දේවල් බල බලා ඉන්නවා. පොඩි විහිළුවක් නිසා හිත රිදවාගත්ත කැතී තනියම කැලේ ඇතුලට යනවා. ඉතින් ජෝෂ් හෙමින් තමන්ගෙ නංගි යන දිහා බලන්න හෙමින් පස්සෙන් යනවා. මේ අතර කැතී දකිනවා මෙක් ආව අන්තර්මාන බෝට්ටුව. ඉතින් කැතී හෙමීට බෝට්ටුවට නැගලා කෑලි බෑලි ටිකක් එහෙ මෙහෙ කරනවා. ඉතින් මොනවා වෙයිද? ඒක දැනගන්න නම් මකර රජදහන පළමු කොටස අරන් බලන්න. එහෙනම් පුලුවන් ඉක්මනින් දෙවන කොටස සඳහා උපසිරැසිය අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මායාබන්ධන රසික රසිකාවියන්ට ජයම වේවා!
ප.ලි.
නිකන්ම උපසිරැසිය අරන් යන්නේ නැතුව අදහස් දක්වලාම අරන් යන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද අපි උපයාගන්නා ධනය ඔබලාගේ අදහස් නිසා. අපි සතුටක් ලබන්නේ ඔයාලගෙ කමෙන්ට් කියවලා. පළමු කතා මාලාව සඳහා දුන්න උපසිරැසි නම් ගොඩක් දෙනෙක් බාගෙන ගිහින් තියෙනවා සද්ද නැතුව. හැමදාම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කළේ කිහිප දෙනයි. ඉතින් මේ කතා මාලාව සඳහා වත් වැඩි වැඩියෙන් කමෙන්ට් දාන්න සිත් පහළ වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E01.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
136 downloads