ආයුබෝවන් බයිස්කෝප් වෙබ්අඩවියේ යාළුවො හැමෝටම. හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් එකක් බාගෙන ෆිල්ම් එකක් එපියක් බලනවා මිසක් සබ් එකක් හදන්නේ කොහොමද කියල හිතුවෙ නෑ නෙ. ඉතින් හැමදාම සබ් අරන් යන සයිට් එකට මමත් මොනව හරි දෙයක් කරලා දෙන්න පුලුවන්ද කියල හිතුව. ඉතින් හා හා පුරා කියල බල බල හිටපු TV සීරියස් එකක් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලල බැලුව සබ් එක මම කරලා දෙන්නද කියල. වැඩේ කියන්නේ ඒක ඒ වෙනකොට බාරගෙන. ඉතින් තව එකක් ගැන කල්පනා කරකර ඉන්නකොට හසන්ත සහෝ ඇහුව මල්ලි colony එකේ එපි ඉතුරු වෙලා තියෙනව එක කරමුද කියල. ජය වේවා පැනපු ගමන් වැඩේ බාරගත්ත. බාරගත්ත වගේ නෙමේ කරන්න ගියාම. පලවෙනි සබ් එකනේ ඉතින් ටිකක් කල් ගියා. සිංහල සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලනව වගේ නෙමේ ඒක හදන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ දැන් තමා. ඒ හින්ද මුලින්ම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටයි. බයිස්කෝප් එකට සබ් දෙන සහෝදර සහෝදරියන්ටයි.
කතා ඇති කියවන්න මම පොරක් නෙමේනේ. එපිය දිහාට හැරෙමු. මේකේ මුල් කොටස් අටක්ම දසුන් සහෝ කරලා තිබ්බනේ. ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් එනවා 9 වෙනි කොටසෙන්. දැන් නම් ගොඩක් දෙනෙක් මේක බලල ඉවර කරලා ඇති. කමක් නෑ මේ කොටස ගැන ටිකක් කතා කලොත් කොලනිය ඇතුලට විශේෂ කෙනෙක් එනවා කියල තිබුනනේ. ඒ වගේම විල් බෝ එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්නත් හදනවා නෙ.බලමු කවුද මේ අමුත්තා කියල එයාට RAP ල මොකද කරන්න හදන්නේ කියල.
ඉතින් මේක බලල අඩුපාඩු තියෙනවනම් කොමෙන්ටුවකුත් කොටාගෙන යනවනම් බොහෝම ස්තුතියි කියනගමන් ඊළඟ එපියෙන් හමුවෙන තුරු හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S01E09.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
125 downloads
<< Previous Episode All Episodes Next Episode >>