කොහොමද යාළුවනේ… කට්ටිය ජමනාරං කාලා ඇතිනේ.. ඒ මොකද.. මේ පාර මං ගෙනාපු චිත්‍රපටියේ නමත් ජමනාරං (Tangerines 2013) මේක ඇවිල්ලා ජෝජියානු චිත්‍රපටියක්. movie එක IMDb දර්ශකයේ 8.3 වැනි ඉහළ අගයක් හිමි කරගෙන තියෙනවා. සම්මාන ගනාවකින්ම වර්ණ ගැන්වුනු මේ චිත්‍රපටිය, 2015 වසරේ ඔස්කා සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්‍රපටිය සදහා වූ නිර්දේශිත නාමයන්ට එක්වෙනවා.ඒකෙන්ම තේරෙනවනේ කොහොම චිත්‍රපටියක්ද කියලා. හොඳයි, කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු එහෙනම්.
චිත්‍රපටියට පසුබිම් වෙන්නේ 1992 වසරේ ජෝජියාව සහ රුසියානුවන්ට සහය දක්වන චේචෙන් නම් කැරළි කණ්ඩායම් අතර අරගලයක්. යුද්දයේදි රුසියානුවන්, චේචෙන්ලා සහ ඇබ්කාසියන්ලා එකම පැත්තක්. ජෝජියානුවෝ අනෙක් පැත්ත. සටන් යන්නේ බොහොම සරුවට ජමනාරං වැවෙන පෙදෙසකයි. මහළු ඉවෝ සහ ඔහුගේ මිතුරෙකු වන මාර්ගස් මෙහි ජමනාරං වගා කරනවා. මේ අස්වනු නෙලන සමයයි. දවසක් එකපාරටම චේචෙන්ලා සහ ජෝජියානුවන් අතර පොඩි සටනක් මාර්ගස්ගේ වගාබිම අසල යනවා. සටනින් එක් ජෝජියානුවෙක් සහ චේචෙන් කෙනෙක් තුවාල ලබනවා. ඉවෝ මේ දෙන්නවම තමන්ගේ ගෙදරට එක්කං ගිහින් ප්‍රතිකාර ලබාදෙනවා. නමුත් දෙන්නා සතුරෝ. ඉතිං මේ දෙන්නා එක ගෙදර කොහොම ඉදීද? දෙන්නටම සනීප වෙයිද? මරා ගනීද? මොනවා කර ගනීද? මොකද දෙන්නට දෙන්නා පුදුම තරහකින්නේ ඉන්නේ. චිත්‍රපටිය බලලම මේ දේවල් දැනගන්නකෝ.. කුතුහලයක් ඇතුව බලන්න පුළුවන් වෙනස්ම විදියේ උසස් කතාවක්. මට මේක බලද්දි ඉස්කෝලේ යන කාලේ literature වලට ඉගෙන ගත්තු the man he killed කවිය මතක් වුනා. මම ඒ වුනාට literature fail හොඳේ..
ඒකේ යුද්දෙට ගිය සෙබෙලෙක් තැබෑරුමකදි තමන් අතින් මැරුම් කෑ සතුරෙක් ගැන මෙන්න මෙහෙම හිතනවා. Had he and I but met, By some old ancient inn, We should have sat us down to wet, Right many a nipperkin! හරි, ඔන්න ඉතිං හැමෝටම මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා!
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Tangerines.2013.720p.BRRip.750MB.MkvCage
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
324 downloads