සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු නිසා වුන දේ. ඒ විතරක් නෙවෙයි ඒක ලූසෆර්ගේ හා රොවීනාගේ සැලසුමක්. රොවීනා හිතාගෙන ඉන්නේ ලූසෆර්ගේ අතවැසියා වෙලා එය ලගින් ඉදලා රැජිණ වෙන්න. ලූසෆර්ට ඕනේ වෙලා තියෙන්නේ ආයෙමත් සෑම්ගේ ශරීරය අරගන්න.ඒ අන්ධකාරය විනාශ කරන්නත් එක්කම තමයි. ඒත් ඒක බලහත්කාරයෙන් අරගන්න බැහැ කියලා ඔයාලා දන්නවනේ. ඒකට අවසරය ඕනේ. නමුත් සෑම් කැමති නැහැ. ඩීන්ට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ සෑම් අපායේ ඉන්නේ කියලා. ඩීන් කොහොම හරි අපායට යනවා. ඩීන් හා අපායේ රජා ක්‍රව්ලි එකතු වෙලා රොවීනව කොටු කරගෙන ආයෙමත් ලූසෆර්ව හිර කූඩුවේ හිර කරන්නයි හදන්නේ. අහ්හ් ඒවගේම කැස්ටියලුත් ආවා උදව්වට. සෑම්ගේ ශරීරය ලූසෆර් අරගන්නවට එයා අකමැති වුන නිසා කැස්ටියල් තමන්ගේ කැමැත්තෙන් එයාගේ ශරීරය ලූසෆර්ට දෙනවා. නමුත් සෑම් හා ඩීන් ඒ ගැන නම් දන්නේ නැහැ.අන්තිමට ලූසෆර් එයාගේ වැඩ ටික කරගත්තට පස්සේ රොවීනාව මරනවා. එතකොට ක්‍රව්ලිට මොකද වුණේ?
අද කොටසේ පුරුදු විදිහටම සෑම් හා ඩීන් දඩයමේ යනවා. අද දඩයම් කරන්න යන්නේ බැන්ෂි කෙනෙක්ව. බැන්ෂි කියන්නේ කාගේ කවුද කියලා මං පොඩි සදහනක් සබ් එකෙත් දුන්නා බලන කෙනාට තේරෙන්න. TEEN WOLF බලන අයනම් දන්නවා බැන්ෂි කෙනෙක් කියන්නේ කවුද කියලා. කෙටියෙන්ම කියනවනම් බැන්ෂි කෙනෙක් කියන්නේ අදෝනා පවත්වන හොල්මනක්. නමුත් ටීන් වුල්ෆ් එකේ ඉන්නේ සැබෑ මනුස්ස ස්වභාවයක් තියෙන්නේ ලස්සනම ලස්සන කෙල්ලෙක්. ලීඩියා මාර්ටින් ව දන්නවා ඇතිනේ. <3 :D. මේ බැන්ෂිලා සාමන්‍යයෙන් කෑ ගහන්නේ කෙනෙක්ට කරදරයක් වෙන්න යනකොට. ඒවගේම ආත්ම ආරක්ෂාවටත් එහෙම කරනවා. ඒත් මේ සුපර්නැචුරල් එකේදී නම් ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා, මේකේ ඉන්න බැන්ෂි කෙනෙක්ට කරදරයක් කරලා එයාගේ මොළය තමයි කන්න යන්නේ. හරියට සොම්බියක් වගේ. ඒකෙන් තමයි එයා පෝෂණය වෙන්නේ. අනිවාර්යෙන්ම, ඔයාලට සුපර්නැචුරල් වලින් බැන්ෂිලා වර්ග ගැන දැනගන්න පුලුවන්. එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.
අහ්හ් කියන්න බැරි වුණා. ගිය සතියේ සියළු කතාමාලාවන් විකාශය වුණත් ඔරිජිනල්ස් විකාශය වුණේ නැහැ. මං දන්න විදිහට ඒක විකාශය වෙන්නේ මේ සිකුරාදා. ඒ කියන්නේ අද. එහෙනම් ඔරිජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය.!!
ඔබ දන්නවද දීර්ඝ කාලයක් සතුටින් ජිවත් වෙන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා !? තමන්ගේ හදවත අනුගමනය කරන්න. එය ඔබට ඉබේම අවශ්‍ය කරන මග පාදා දෙයි.
115 downloads
<<Previous Episode All Episodes Next Eepisode >>