ඔන්න එහෙනම් අරං ආවෙ 14 වෙනි එපිය. ගොඩක් පරක්කුයි. ඒ නිසා වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්. IMDB එකේ මේ එපියට 7.6ක් අරං තියනව. මේ සැරේ සිල්වෙස්ටර්ගෙ තාත්ත එක්ක තමයි මෙහෙයුමට යන්නෙ. සන් ගන් එකක් දෙවන ලෝක යුද්ධ කාලෙදි නිපදවල තියනව. ඉතිං මේක බාහරි රටේ ජනාධිපති රහාල් අතට පත් වෙනව. ඇත්තටම ඒක ගොඩක් අනතුරු දායක අවදානම් දෙයක්. මොකද ඒකෙන් සෑහෙන ලොකු විනාශයක් කරන්න පුළුවන්. කොටින්ම නගර පිටිං එක පාර පුච්චල අළු කරන්න පුළුවන්. ඉතිං මෙන්න මේ ගන් එක හොයාගෙන තමයි කට්ටිය බහාරි යන්නෙ. මේ ගමනට සිල්වෙස්ටර්ගේ තාත්ත සම්බන්ධ වෙනව කියල කිව්වනෙ. ඒ දෙන්නගේ පරණ ගැටළු ගැනත් ගලාගෙන යන අතරෙ වෝල්ටර් සහ පේජ් දෙන්න අතර ඇත්ත කීම සහ ඇත්ත වසං කරීම අතර විවාදයකුත් යනව. ඒ වගේම ටෝබි ගැන හිතේ තියන ආදරේ හැපී නොපෙන්නුවට. එහෙනම් ඔයාලම ඒ ගැන බලන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය!!!
11 downloads
<< Previous Episode All Episodes Next Episode >>