Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kaavalan (2011) with Sinhala Subtitles |බොඩිගාඩ් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Kaavalan (2011)

ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්.

මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නාම යෝජනා ද ලබා ඇති මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siddique විසින්, ප්‍රධාන චරිත දෙක සඳහා දායක වෙලා තියෙන්නේ Vijay(භූමිනාදන්) සහ Asin(මීරා). මේ බයිස්කෝප් එකේ විහිළු සපයන්නේ අංක එකේ විහිළුකාරයෙක් වන Vadivelu විසින්. ගීත දර්ශක වල කාලයක් ඉහළම රැඳි ගීත කිහිපයක් පවතින මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vidyasagar විසින්. ඒ් සියලුම ගීත වලටද උපසිරැසි ලබා දීමට හැකියාව ලැබීමත් වාසනාවක්.

කතාව ගැන කියනවා නම්, භූමිනාදන්(Vijay) කියන්නේ, ගමේ රස්තියාදු ගගහා රණ්ඩු වලට පැටලෙමින් කාලය ගතකරන කෙනෙක්. මේකට එයාගේ දෙමවුපියෝ නම් කැමති වුනේ නෑ. ඒ අයගේ මතයක් තියනවා ළමයෙක්ට නම දාපු කෙනා අනුව තමයි, ඒ ළමයත් හැදෙන්නේ කියලා. මෙයාට නම දාලා තියෙන්නේ මැරකම් කර කර හිටිය කෙනෙක්. මෙයාව හදන්න වෙන්නෙත් එයාටමයි කියලා හිතන දෙමවුපියෝ මුත්තු රාමලිංගම් කියන ඒ කෙනා ගාවට බොරුවක් කියලා මෙයාව යවනවා. හැබැයි මෙයාව යවන්නේ එයාගේ බොඩිගාඩ් විදිහට කෙනෙක් හොයනවා කියලා.

මේ බොරුවට අහුවෙලා ඒ ගමට ගිය භූමිනාදන් තවත් බොරුවකට අහුවෙනවා. ඒ හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.  ඒත් එයාට මීරා මුණගැහෙන්නේ කොහොමද? මෙයා දාමරිකකම් නවත්වයිද? ඒවා ඉතින් බයිස්කෝප් එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.

සැයු. මෙම උපසිරැසිය සමග tamilyogi.cc වෙබ් අඩවියේ පිටපත සඳහා ද ගැළපෙන උපසිරැසි ගොණුවක් ද ඇතුලත් කර තිබේ.

තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය!!!

The Bodyguard (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kaavalan – DVDRip – XviD – 1CDRip – [DDR]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>