Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all 2655 articles
Browse latest View live

Roswell (2000) [S02 : E20] with Sinhala Subtitles |බ්‍රෝඩි ද, ලාරෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell S2-1

සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් Roswell දෙවෙනි කතා මාලාවෙත් අවසාන හරියට ලං වෙලා තියෙන්නේ. අද මම අරගෙන ආවේ 20 වෙනි කොටස. කතාවේ සාරාංශය නම් කියන්න බලාපොරොත්තුවක් නෑ අද. මේකේ කිව්වොත් බලන්න දෙයක් නැති වෙනව.මෙහෙම කියන්නම්. මේ කොටස බැලුවම ඔයාලට දැනගන්න පුළුවන් බ්‍රෝඩිගෙයි ලාරෙක්ගෙයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියල. එහෙනම් බලන්නකෝ.

Roswell දෙවෙනි කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන මම ඉක්මනින් එන්නම්.

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        


Wicker Park (2004) with Sinhala Subtitles |ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Wicker Park (2004)

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය

ඔන්න එහෙනම් මගේ තුන් වැනි උපසිරස ගැන්වීම විදියට ආදර කතාවක් ගැන තියන ලස්සන චිත්‍රපටියක්  අරගෙන ආවා. මීට කලින් My Dog Skip සහ Savior  කියන චිත්‍රපටිවලට  මම උපසිරැස දුන්න මතකයි නේ.  ඉතින් මේ සැරේ තවත් වෙනස් තේමාවකට යන්න හිතුවා. චිත්‍රපටියෙ නම තමයි Wicker Park. මේක තිරගතවීම ආරම්භකලේ  2004 සැප්තැම්බර් 3 වෙනිදා ඇමරිකාවෙදී. ඒවගෙම දැනට IMDb Ratings 7/10 ක ඉහල අගයක් අරගන්න සමත්වෙලා තියනවා. මේක පැය 1යි මිනිත්තු 54ක්  පුරා දිවයන Drama | Mystery | Romance | Thriller කියන කාණ්ඩවලට අයත්  චිත්‍රපටියක්. අධ්‍යක්ෂනය කලේ Paul McGuigan.

ආදර කතාවලට කැමති අයටනම් ගොඩක්ම හිතට අල්ලාවි කියල හිතනවා. ඒත් හැමෝටම ආසවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක… අතීත සිදුවීමකුත් , වර්තමානයෙ සිදුවීම්නුත් ගලපමින් ගලා යන චිත්‍රපටියක් නිසා මුල් ටිකේ ටිකක් වෙන්නෙ මොකක්ද  කියලා හිතා ගන්න අමාරු වෙන්නත් පුලුවන්. ඒත් ඒ නිසාම එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන්. කොහොමහරි අන්තිමේදී ඒ සේරටම උත්තර හොයා ගන්න පුලුවන් වේවි…

ප්‍රධාන චරිතවලට Josh Hartnett සහ Matthew Lillard කියන කඩවසම් නලුවො දෙන්නයි, Diane Kruger සහ Rose Byrne කියන සුන්දර නිලියන් දෙන්නයි රඟ පානවා. මේ කියල තියන  චිත්‍රපටි බලපු අයටනම් ඔවුන්ව මතක ඇති. Josh Hartnett Pearl Harbor (2001) චිත්‍රපටියෙත්, Matthew Lillard  Scooby-Doo චිත්‍රපට මාලාවේත් [එහි Shaggyගෙ චරිතයට රඟපාන්නෙත් හඬකවන්නෙත් ඔහු තමයි ] , Diane Kruger National Treasure: Book of Secrets (2007) චිත්‍රපටියෙත්, Rose Byrne X-Men: Apocalypse (2016) චිත්‍රපටියෙත් රංගනයෙන් දායකවෙලා තියනවා.

චිත්‍රපටිය ගැන තව විස්තර ටිකක් මීට පෙර පළකරල තියන ලිපියෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුලුවන්. ඒවගේම චිත්‍රපටිය බලපු අය  ඒ ගැන පහලින් දාල තියන comment වලිනුත් චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතින්, උපසිරස ලබාදෙද්දී, වෙනදා වගේම මම විමසීම් කරන සමන් ප්‍රසාද් සොහොයුරා ඇතුලු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සියලුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනව. අවසානවශයෙන්, මේ ගැන ඔයාලගෙ අදහස්  පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත්  චිත්‍රපටියකින්  හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.

ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !

” ආදරය වෙනුවෙන් ඔබ උමතු දේවල් කරන්න උනත් පෙළඹෙන්න පුලුවන්…

ඒ හොඳ සිහියෙන් නොකරන දේවල්…

ඒවගෙම අවුරුදු මිලියනයක් ගියත් ඔයා කරාවි කියලා කවදාවත් නොහිතපු දෙවල්…”

# Wicker Park (2004)

ෆා ද බ්ලොගී ස්යුරිය විසින් ලියා තිබූ ලිපිය

ඔන්න නමෝවිත්තියෙන් කියලා මමත් ලිපියක් දෙන්නයි යන්නේ. කට්ටිය කැමති ජාතියේ එකක්ද නම් දන්නේ නෑ. මටනම් නියම බයිස්කෝප් එකක් මේක. ටිකක් මොළේ කොලොප්පම් වෙන කතාවක් (මට එහෙම උනා… 😀 ). එහෙම කිව්වට නොබලා ඉන්න එපා ඔන්න. මේක ආදර කතාවක්. අමුතු ආදර කතාවක්. කතාව ටිකක් කියන්නම්කෝ.

ඔහු මැතිව්. වීදුරු කවුළුව තුළින් ප්‍රථම වතාවට ලීසා දකින මැතිව්ගේ හිත ඇය කෙරෙහි ආදරයෙන් වෙලී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නොබෝ දිනකින් ඔවුන් එකිනෙකාට ගොඩාක් ආදරය කරන පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර මැතිව්ට නිව්යෝක් නගරයේ රැකියාවක් ලැබෙනවා. මැතිව් ලීසා හමුවී තමන් සමඟ නිව්යෝක් හි පදිංචියට යෑමට යෝජනා කරන නමුත් ලීසා ඊට පිළිතුරු දීම හෙටට කල් දමා හදිසියේම අතුරුදහන් වෙනවා.

ඉන් වසර දෙකකට පසු එක්තරා අවන්හලකදී මැතිව් හට ලීසාගේම හැඩරුව ඇති තරුණියක් දක්නට ලැබෙන අතර ඇය පිළිබඳ ලැබෙන හෝඩුවාවන් පසුපස යමින් ලීසාව සොයන මැතිව්ට හමු වන්නේ ලීසාගේ නමම ඇති වෙනත් තරුණියක්.

ලීසා අතුරුදහන් උනේ කොහොමද? ලීසා නමින් සිටින අනික් තරුණිය කවුද? මැතිව්ට ලීසා හමුවෙයිද? උත්තර හම්බවෙයි මේ අමුතු පහේ ආදර කතාව බැලුවම. මුල් පැය භාගෙදි කතාව නොතේරෙන අපබ්‍රන්සයක් කියලා බලන එක අතහැරලා දාන්න එපා..හොඳ අවධානෙන් අන්තිම වෙනකල් බලන්න…

Wicker Park (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Wicker Park 2004 H264 DVDRip AAC-SecretMyth

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 

Quantico [S02 : E07] | with Sinhala Subtitles |රහස් හෙළිවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico S2-1

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. මේ මොකද බලනව ඇති නේද? අද ඉදන් Quantico කතාමාලවට උපසිරැසි ලබාදෙන්නේ මම ඉතිං ඔන්න. (කස්ටිය කැමති වෙයිද මන්ද මගේ උපසිරැසි එක්ක කතාව බලන්න *:P tongue*:D big grin) හරි ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මම බලන්න ආසකරන කතාවක් නම් නෙමේ. මොකද Priyanka Chopra කියන්නෙ මම අකමැති නිළියක් නිසා. ඒත් ඉතිං මධූකප්‍රිය සොයුරාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කතාව කරන්න බාර ගත්ත. මොකද මම Baiscope එකත් එක්ක එකතුවෙලා වැඩි කාලයක් නැහැ. මාස 7ක් වගේ ඇති (උපසිරැසි කරන්න අරගෙන). ඉතිං ඒ කාලය තුල මාත් එක්ක Baiscope කණ්ඩායමේ කෙනෙක් විදිහට මුහුණු පොතෙන් හෝ මුලින්ම set වුනේ මධූකප්‍රිය සොයුරා. ඒ නිසා ඉතිං ඔහුගේ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. ඉතිං මගේ පෞද්ගලික මතයෙන් වැඩැක් නැහැ. ඒත් සැකයක් තියාගන්න එපා මම මට හැකි උපරිම ආකාරයෙන් කතාවට උපසිරැසි ලබාදෙන්න පොරොන්දු වෙනවා.

අද කතාව ගැන කීවොත් ගිය සතියේ ඇලෙක් ලිඩියා එක්ක ධාවකයන් සොයන්න යනව. ඒ වගේම ලිඩියා ඇලෙක්ස්ට පහර දීල ඇයව බැදදමා ධාවකත් අරගෙන පැණල යනව. ඉතිං අද කොටසේදී ඇලෙක්ස් ෂෙල්බිට පවසනවා ත්‍රස්තවාදීන් පිටත සිටින යම් කෙනෙක් සමග සංනිවේදනය කරනවා කියල. ඒ වගේම ඇය එම දුරකතනඅංකයේ අංක කිහිපයකුත් ඇයට ලබාදෙනවා. ඒ වගේම ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව අල්ලා ගන්නවා සහ ධාවක ඇති තැන ඇගෙන් විමසනවා. ඒ වගේම FBI හි අධ්‍යක්ෂිකාවගේ සම්බන්ධයක් ත්‍රස්තවාදීන්ට තිබෙන බව පෙනෙනවා. මොකද ඇලෙක්ස් පවසන අර දුරකතනය තිබෙන්නේ ඇය ළග.

ඒ වගේම අතීත කතාවේ දී අද කස්ටියට වධදී කෙනෙක්ව බිදවලා රහස් දැනගන්නා ආකාරය ගැන කියල දෙනව. ඒ වගේම ඕවන් ඔවුන්ට පැවරුමක් ලබාදෙනවා. ඒක තමයි ඉතිං ඔහුට වධදීල ඔහුගේ කාර්යාංශයේ අන්වර්ථ නාමය ලබා ගන්නා ලෙස. ඒ වගේම ඇලෙක්ස්ට ඕවන්ගේ රහස් කාමරයත් සොයාගැනීමට හැකිවෙනවා.

ඉතිං කට්ටියට ඕවන්ගෙන් ඔහුගේ අනුවර්ථ නාමය ලබාගන්න හැකිවේවිද, අධ්‍යක්ෂිකාව දුරකතනය නිසා අල්ලාගැනීමට හැකිවේවිද, ත්‍රස්තවාදීන්ට අහුවුණු ඇලෙක්ස්ට කුමක් වේවිද, එහෙනම් කතාව බලලම තීර්ණය කරන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් Chicago PD කතාමාලාවෙන් හමුවෙමු.
සුබ දවසක්….!!!!

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

quantico.207.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                           Next Episode >>

Teen Wolf [S06 : E01] with Sinhala Subtitles |භූත අශ්වාරෝහකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Teen Wolf S06-1

හැමෝටම සුභ දවසක් වේවා.ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමය අද විකාශන ආරම්භ කළා.කතා මාලාවේ අධ්‍යක්ෂකවරයාට අනුවනම් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය.ඒ වගේම මේ සමය කොටස් 20ක් පමණ අන්තර ගතවන බවයි ඔහු පවසන්නේ.කෙසේ හෝ වේවා ගොඩක් ආසාවෙන් බලපු මේ පට්ට කතාව මේ සමයත් සමගම අවසන් වෙනවා කියලා හිතෙනකොට ගොඩක් දුක හිතෙනවා.මොනා කරන්නද.හැමදේටම අවසානයක් තියෙන්නත් එපැයි…

ටීන් වුල්ෆ් කතා මාලාවේ මේ සමය භූත ආත්මයන් හා සම්බන්ද කතාවක් තේමා කරගෙන තමා විකාශනය වෙන්නේ.භූත ආත්මයන් කිව්වට එසේ මෙසේ භූත ආත්මත් නෙවෙයි.ඔවුන් බිලි ගන්න සෑම කෙනෙක්ම හා ඔවුන් හා බැදුණු සෑම දෙයක්ම පැවැත්ම තුලින් මැකී යනවා.(අනිවා බැරී ඇලන් මේකට සම්බන්ධයි :3 ) ඒ නිසා කලින් වගේ නෙවෙයි.මහා විනාශයක් පැමිනුනත් කිසිම කෙනෙක්ට ඒක තේරුම් ගන්න හැකියාවක් නෑ.මොකද ඔවුන්ට මැකුණු යතාර්ථය මතක නැති නිසා.ඒ නිසාම මේ කතා සමය ගොඩක් පුදුම සහගත දේවල්වලින් යුක්ත වෙන්න පුළුවන් කියල හිතනවා.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො..මාස 03ක් තිස්සේ කිසිම අවුලක් නැතුව ආතල් ඒකෙ හිටපු යාළුවො කණ්ඩායමට මේ සැරේ මුහුණ දෙන්න වෙන්නේ නොපෙනෙන බලවේගයකට.මම ඔවුන්ට භූත අශ්වාරෝහකයෝ කියන්නම්.ඉතින් මේ භූත අශ්වාරෝහකයෝ ඇලෙක්ස් කියන පොඩි එකාගේ දෙමාපියෝ අල්ලගන්නවා වගේම පැවැත්මෙන් මකා දමනවා.ඒ වගේම යමෙක් මේ අශ්වාරෝහකයෝ දකීද,ඔහුගේ විනාශයත් එතනදීම ආරම්භ වෙනවා.ඒ කියන්නේ ඊළඟ ඉලක්කය ඇලෙක්ස්.කෙතරම් ආරක්ෂා දැම්මත් කිසිවෙක්ට බෑ මේ බලවේගයන්ගෙන් ඇලෙක්ස්ව බේරගන්න.ඇලෙක්ස්ගේ අතුරුදහන් වීමත් සමග ඔහු හා බැඳුනු සියලු මතකයන්,විස්තර මැකී යනවා.ඒ වගේම සිල්ළන්ටම ඔහුව අමතක වෙනවා.නමුත් ඇලෙක්ස්ගේ අවසානයට පෙර ඔහුගේ මතයන් ඔස්සේ ස්කොට්ට හා ස්ටයිල්ස්ට ඇලෙක්ස්ගේ ගෙදරට යනවා.මෙහි දී ස්ට්යිල්ස් අශ්වාරෝහකයෙක් දකිනවා…ඒ කියන්නේ ස්ටයිල්ස්වත් විනාශ වේවිද?ඔහුවත් පැවැත්මෙන් මකා දමාවිද?ඉතින් ඒ ටික දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.

කලින් කතා සමය ඉවර වෙද්දීම තමා මම මේ කතා සමයත් භාරගත්තේ.ඉතින් මම භාර ගත්ත මේ කටයුත්ත මට පුළුවන් උපරිමයෙන් කරන්න මම උත්සහ කරනවා.ඒකට හැමෝගෙම සප් ඒක ලැබේවි කියල බලපොරෝත්තු වෙන ගමන් අදට මම නවතිනවා.හැමෝටම බුදු සරණයි.ජය ශ්‍රී

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Gotham [S03 : E09] with Sinhala Subtitles |අළුගෝසුවා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-1

කොහොමද යාළුවනේ. වෙනදට නම් අපේ සමන් අයියා(පූසා) තමා ගෝතම් ගෙන්නේ. සමන් අයියට වෙන වැඩක් කිව්ව නිසා, මට භාර දුන්නා මේක කරන්න. මාත් ආසා කතා මාලාවක් තමා මේක. ඒක නිසා එච්චර අමාරු උනේ නැ උපසිරස නිර්මානය කිරිමට. හැබැයි මම තවම ගොතම් සිසන් 03 බලලා නෑ. ඒක නිසා, මේ කතාවට මේ සිසන් එකේ අළුතින් එකතු උන චරිත වල නම් මට ටිකක් නුහුරැයි. ඒ නම් වල පොඩි වෙනස්කම් තියෙනවා නම් ඒ එච්චර ගනන් ගන්න එපා. හරි කෝම හරි ඔන්න උපසිරස හදලා ගෙනාවා. අපි බලමු මේ සතියේ වෙන සිදු වීම් ටික.

ගිය සතියේදි මතකනේ ඉසබෙලා කොච්චියක හැප්පෙනවා. මේ කොටසේ වෙන්නේ එඩ්  දැන ගන්නවා ඉසබෙලා මැරිලා බවත් සහ ඒක මිනී මැරුමක් කියලත් දැන ගන්නවා. තව අපේ කැප්ටන් බර්න්ස් ඉන්නවනේ, මනුස්සයා අර සයිමන් කාරයව තල්ලු කරලා මරලා දානවා. නමුත් ඔහු මැරෙන්න කලින් ජිම්ට කියනවා කව්ද තල්ලු කලේ කියලා.පස්සේ ජිම් මේක ගැන හොයන්න පටන් ගන්නවා.ඒ අස්සේ අයිවී ඇන්ටික් බඩු විකුණන කෙනෙක්ගේ ගෙදර යනවා. එහෙදි අයිවී මාලයක් හොරකම් කරනවා.පස්සේ මේ මාලේ පස්සේ තව කට්ටියක් පන්නන්න පටන් ගන්නවා… අම්මේ එතනදි අයිවී ලොකු ගේමක් දිලා පැනලා යනවා. මේ අස්සේ බර්න්ස්, ෂුගර් කියලා මනුස්සයෙක්ව මරනවා. ඒකට ජිම්ව අහු කරනවා. පස්සේ බාර්න්ස් ජිම්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න උත්සහ කරනවා. නමුත් එය අසාර්ථක වෙන නිසා බර්න්ස් තිරනය කරනවා ජිම්ව මරන්න… ඇති ඇති අදට. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ… ලබන සතියේ ඉදන් අපේ සමන් අයියා ඔයාලට ගොතම් ගෙන එයි… එහෙනම් මම සමුගන්නවා අදට.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E07.HDTV.x264-LOL

Gotham.S03E07.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E07.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

The Flash [S03 : E06] with Sinhala Subtitles |සෙවනැලි භූතයා… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි වුනා. සමහර සබ් ටිකක් පරක්කු වුනා සමහර ඒවා ගොඩක් පරක්කු වුනා, සබ් එක ගන්න ආපු අයව රස්තියාදු කරා වගේ දෙයකුත් වුනානේ. ඔය දේවල් නිසා කට්ටියට තරහා ගිහිල්ලත් තිබුනා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනි ගොඩක් අය ඒ පරක්කුව ඉවසාගෙන ඉදලා තිබුනා වගේම ඒකට කමක් නෑ කියලත් තිබුනා. ඇත්තටම ඒ දේ නම් මම බලාපොරොත්තු නොවුන දෙයක්. අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි දෙයක්. 🙂 හැබැයි ඉතින් හැමදාමත් ඔය වැඩේ කරන්න බැරි නිසා මේ සතියේ ඉදන් ආයෙමත් සුපුරුදු ට්‍රැක් එකට එන්නයි සූදානම. නිකන් නෙවෙයි වෙනස්කම් ටිකකුත් එක්කමයි. එකක් තමයි සබ් එක දෙන වෙලාව කලින්ම කියන එක. පසුගිය සතිවල එක එක වෙලාවට දුන්න ෆ්ලෑෂ් කතාවේ සබ් එක අද ඉදන් හැම සතියේම බදාදා රෑ 9ත් 12ත් අතර වෙලාවක දෙන්නම්. දවසම බලාගෙන ඉන්න ඕනි නෑ ඒ වෙලාව අතරතුර ආවම අනිවාර්යයෙන්ම සබ් එක සයිට් එකේ තියේවි. (කැම්පස් එකේ වැඩයි, ජොබ් එකේ වැඩයි එක්ක ඊට වඩා කලින් නම් දෙන්න අමාරුයි සහෝ.. :/ ).

ඒ වගේම කතාවත් එක්ක දෙන ලිපියත් පොඩ්ඩක් විතර වෙනස් කරලා දෙන්න හිතුවා. ඉස්සර නිකන් විස්තරයක් විදියටනෙ කතාව කීවේ. ඒ වෙනුවට පොඩි විචාරයක් එක්ක ලිපිය දාන්න උත්සහ කරන්නම්. මොකද එතකොට ඔයාලට වැඩිපුර දේවල් දැනගන්නත් පුලුවන් වේවිනේ. ගොඩක් දුරට පිටරට අයගේ විචාර පාවිච්චි කරලා තමයි ලිපි ලියන්න හිතාගෙන ඉන්නේ. මං හිතනවා අද ඉදන් ඔයාලා ලිපිය කියවලාම මේ සතියේ කොටස බලන්න පටන්ගනිවි කියලා. ඒ වගේ මං විතරක් නෙවෙයි ඔයාලත් මේ කතාව ගැන විචාර ලියන්න. මොන වගේ දේවල් ඉස්සරහට වෙයිද කියලා අනුමාන කරන්න. ඒ දේවල් අපිත් එක්කත් බෙදාගන්න. එතකොට තමයි කතාව තව තවත් රසවත් වෙන්නේ. ඒ වගේම තව දෙයක්. සමහර විට කවුරු හරි කමෙන්ට් එකක් විදියට මේ එපිසොයිඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් එක දාන්නත් පුලුවන්. ඒ නිසා විඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් කමෙන්ට් දිහාත් පොඩ්ඩක් බලන්න. 😉 එහෙනම් ඉතින් අදට පදුර වටේ තැලුවා ඇති අපි කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්.. .  .   .

ෆ්ලෑෂ් කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම ගොඩක් ලොකු කුතුහලයක් වගේම ලොකු කතාන්දරයක් ගොඩනගාගෙන ආවා. ඒත් පහුගිය සතියේ විකාශය වුන කොටසින් නම් එක දිගට වැඩිවුන ඒ රටාව එකපාරටම වෙනස් වුනාද මන්දා. ඒ කොටස නරක එකක් කියනවා නම් නෙවෙයි. හැබැයි ඉතින් ඒක පහුගිය සති 4ත් එක්ක බලද්දි සාමාන්‍ය කොටසක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද පහුගිය කොටසේදි ඩොක්ටර් ඇල්කමි සම්බන්ධ කිසිම දෙයක් වුනේ නෑ ඒ වෙනුවට ෆ්ලෑෂ් කතාවේ ඉන්න එක එක චරිත විස්තර කරන්නයි ඒවා ඉස්සරහට ගෙනියන්නයි තමයි ගොඩක් අවධානය දීලා තිබුනේ.

මේ වැදගත් එක දෙයක් තමයි කේට්ලන් සම්බන්ධ වුන දේවල්. මොකද කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් විදියට වෙනස් වෙන එක ලස්සනට පෙන්නුවා. ඒ වගේම කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් කියලා කෙලින්ම පෙන්වන්නේ නැතිව කිලර් ෆ්‍රොස්ට් කියන්නේ කේට්ලන්ගේ ළගම යාලුවෙක් එහෙමත් නැත්නම් එයාගේම කොටසක් කියලා පෙන්වපු එක නම් ගොඩක් ලොකු කුතුහලයක්. මොකද මේ යන විදියට කේට්ලන්ට නරක කෙනෙක් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් අපි එයා ගැන හිතාගෙන ඉන්න හැමදේම කනපිට ගහනවානේ. හැබැයි ඉතින් මේක කියන්න නම් තවම කල් වැඩියි. අපි තවම දන්නේ නෑ එයාගේ ඇගේ පාලනය තියෙන්නේ කේට්ලන්ටද නැත්නම් කිලර් ෆ්‍රොස්ටද කියලා. ඒක දැනගන්න නම් ටික දවසක් ඉන්න වෙයි වගේ. ඉතින් මේ වෙනස්කම නිසා කේට්ලන් එයාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න එයාගේ අම්මා හම්බවෙන්න ගියානේ. එතනදි කේට්ලන් ගැන අම්මා හිතාගෙන ඉන්නේ කොයි විදියටද කියලා අපි දැක්කා. එයා නම් හිතේ කිසිම තෙතමනයක් නැති කෙනෙක් වගේ තමයි හැසිරුනේ. හැබැයි ඉතින් එහෙම වෙන්න හේතුව මොකක්ද කියලත් අපිට දැනගන්න ලැබුනානේ. කොහොම හරි ඒ ගියපු වැඩෙන් නම් කේට්ලන්ට කිසිම හොදක් වුනේ නෑ. ඒක නිසා සමහර විට අපිට ආයෙමත් කේට්ලන්ගේ අම්මා මේ කතාවේදි ඉස්සරහට මුනගැහෙන්නත් පුලුවන් වේවි.

හැබැයි කේට්ලන් එයාගේ අම්මා හම්බවෙන්න ගියා කියලා සිස්කෝට කියන්නේ නැතිව හැංගුවා. කොහොමත් ඉතින් මේ රහසත් ඉස්සරහ සතියකදි අනිවාර්යයෙන් එලියට ඒවි කියලා ලොකු සැකයක් තියෙනවා. මොකද කලින් වුන දේවල් එක්ක බලද්දි මෙයාලා කාටවත් ඉතින් රහසක් තියාගෙන ඉන්න බෑනේ. රහස් ගැන කියද්දි ඊලගට අපිට මතක් වෙන්නෙ වෙල්ස් එහෙමත් නැත්නම් HR ගැනයි. එයා නිකන් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා හැමෝම දැනගත්තනේ. මං හිතන්නේ HRට තේරෙන්න නැතිව ඇති 19වෙනි ලෝකයේදි ලැබ් එකේ ඉදගෙන අනිත් අයට දිරිමත් කරන්න අනං මනං කියන දේ මේ ලෝකයට ගැලපෙන්නේ නෑ කියලා. මොනවා වුනත් මේක නම් ඇත්තටම හිතුවෙවත් නැති දෙයක්. මොකද වෙල්ස් චරිතයෙන් මේ වගේ දෙයක් නම් කවුරුවත් කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඔව් ඔව් මේ වෙල්ස් කියවන කියවිල්ලේ හැටියට මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුනා තමයි. ඒත් ඉතින් නිකන්ම වැඩ බැරි ටාසන් කෙනෙක් වුන එක? කැමති වුනත් අකමැති වුනත් අපිට මේ වෙල්ස්ව ටික දවසක් දකින්න ලැබෙයි වගේ. මොනවා වුනත් ඒ චරිතයෙත් අමුතුම වෙනසක් තියෙනවානේ. හැබැයි දෙවැනි ලෝකයේ වෙල්ස් ඉක්මනට එන තරමට හොදයි. මොකද වෙල්ස් කියන්නේ මේ කතාවේ ලොකු චරිතයක් වගේම ටීම් එකේ හැම වැඩකම පස්සෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ චරිතය නිකන්ම නිකන් නවකතාකාරයෙක් කලොත් ලොකු හානියක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. අනික ඉස්සරහට තියෙන ලොකුම ලොකු ක්‍රොස්ඕවර් එකත් ලග ලගම එන නිසා අනිවාර්යයෙන්ම දෙවැනි ලෝකයේ වෙල්ස් ඉක්මනින්ම ඒවි.

කලින් කොටසේ අභියෝගය වුනේ ලොකු ඩයිනසෝර්වයි. මං හිතන්නේ මේකෙන් තමයි මේ කොටසේ තත්වයට ගොඩක්ම හානි වුනේ. මොකද ෆ්ලෑෂ් කතා මාලාවේ ආපස්සට හැරිලා බලපුවාම හැම කතාවකම අපිට අමුතුම ආකාරයේ හතුරෙක් පෙන්වනවා. ඒ ලොකු කතාව වටේට තමයි ඉතිරි සිද්ධින් ගොඩනගලා සාර්ථක විදියට කතාව ඉවර කරන්නේ.  හැබැයි ඉතින් ගිය සතියේ නම් මේ සතුරා ගැන අවධානය ගොඩක් අඩු වුනා වගේම ඒක එච්චර දැනෙන විදියට උලුප්පලා පෙන්නුවේ නෑ. ඒ වෙනුවට බෙරියි ජුලියන් අතර සම්බන්ධය තමයි ගොඩක් මතු වුනේ. ඒ වගේම මේ ඩයිනසෝර් දැක්කම මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුනා. හිතපු විදියටම ඒ නිකන්ම නිකන් හොලග්‍රෑම් එකක් විතරයි. ඇත්තටම ඒක නම් මැද හරියෙදි නිකන්ම හිතෙනවා. ඒ වුනාට ඒක පාලනය කරලා තියෙන්නේ පොඩි ළමයෙක්? අනිත් අයගෙන් කොන් වුනා, ගුටි කෑවා කියලා පොඩි ළමයෙක්ට තනියම මේ වගේ ලොකු වැඩක් කරන්න පුලුවන්ද? මං නම් හිතන්නේ කතාව ලියපු අයට මීට වඩා හොද තාත්වික හේතුවක් දෙන්න තිබුනා. ඒ නිසාම ඒ ගැන තිබුන කුතුහලයත් සම්පුර්ණයෙන්ම නැති වුනා වගේ දෙයක් තමයි වුනේ.

කොහොම හරි  පහුගිය කොටසේ තිබුන වැදගත්ම දේ තමයි බෙරීයි ජුලියනුයි එකට වැඩ කරපු එක. ඒක නිසාම අපිට මේ ජුලියන් කියන චරිතය කොයි වගේ එකක්ද කියලත් ගොඩක් දුරට දැනගන්න ලැබුනා. ඇත්තටම ගිය සතිය වෙනකන් මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ මේ ජුලියන් කියන්නේ කවුද ඇයි මෙයා මෙච්චරම මෙටා මිනිස්සුන්ට වෛර කරන්නේ කියලා? ඉතින් ඒ හැමදේකටම උත්තර අපිට ගිය සතියේ කොටසින් දැනගන්න ලැබුනා. පේන විදියට මේ දේවල් එලියට දාලා මෙයාගේ චරිතය වැදගත් කියලා අපිට පෙන්වන්නයි මේ කොටසින් උත්සහ කරලා තිබුනේ. හැබැයි ඉතින් මේ දේවල් විශ්වාස කරන්න තවම කල් වැඩියි. මොකද අපි දන්නේ නෑ මෙයත් එක්ක ඇල්කමිගේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. බෙරීට අකමැති වීමයි මෙටා මිනිස්සුන්ට අකමැති වීමත් එක්ක එක එක විස්තර කියලා අපිව නොමග යවනවද කියලත් වෙලාවකට හිතෙනවා. එහෙමත් නැත්නම් ජුලියන් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්ද කියන්නත් බෑ. ඉස්සරහට අපි බලමුකෝ මේ ජුලියන් මොකාටද එන්න හදන්නේ කියලා.

සමස්ථයක් විදියට ගත්තම පහුගිය කොටස තනි කොටසක් විදියට සාර්ථක නොවුනට ඒකෙන් ඉලක්ක වුන පැති නම් විශේෂයි. බෙරීගෙයි ජුලියන්ගෙයි බැදිම, කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් වුන එක වගේම වෙල්ස් බොරු කෙනෙක් වුන එක මෙතනදි වැදගත් නොවුනට ඉස්සරහට මේවාගෙන් ලොකු බලපෑමක් වෙයි කියලා අපිට හිතන්න පුලුවන්. මොනවා වුනත් පසුගිය සතියේ කොටස ‘Monster’ ‘මෘගයා’ කියලා නම් කරලා තිබුන එකට නම ලොකු සාධාරණයක් වුනා. මොකද එක පැත්තකින් නගරයට මෘගයෙක් ඇවිත් කරදර කරද්දි අනිත් පැත්තෙන් තමන් මෘගයෙක් වෙයි කියලා කේට්ලන් බයවෙලා හිටියානේ. ඉතින් ඒ හැමදේකින්ම පස්සේ ඒ කොටස ඉවර වුනා.

මේ සතියෙන්.. .  .   .

මට කලින් කියන්න බැරි වුනා ගිය සතියේ ෆ්ලෑෂ් කතාව විකාශය වුනේ නෑ. මං හිතන්නේ ගොඩක් දුරට ඒ ඉස්සරහට එන ෆ්ලෑෂ් පොයින්ට් එකට මේ හැම කතාවකම ගතවෙන කාලය සමාන කරන්න වෙන්න ඇති. මොකද හොදින් අවධානයෙන් හිටපු කෙනෙක්ට මතක ඇති මේ ෆ්ලෑෂ් කතාව ඇරෝ කතාවට වඩා කතාවේ කාලයෙන් සතියක් ඉස්සරහින් තමයි තිබුනේ. හැබැයි දැන් නම් හැම කතාවක්ම සමාන කාලයට ඇවිත් තියෙනවා. ඒ වගේම මේ කොටසේදි ආයෙමත් පරණ තිබුන සුපුරුදු ජවය ගොඩක් දුරට දකින්න පුලුවන්. මොකද ආයෙමත් ඇල්කමි චරිතය බෙරිගේ ජිවිතයට එනවා.

ඔයාලට මතක ඇතිනේ ෆ්ලැෂ් පොයින්ට් එක වෙන්න කලින් තිබුන ටයිම් ලයින් එකේ වොලි තමයි කිඩ් ෆ්ලෑෂ් වෙලා හිටියේ. ඒත් ඉතින් ෆ්ලැෂ් පොයින්ට් එකෙන් පස්සේ එයාට එහෙම ස්පීඩ්ස්ටර් බලයක් නැතිවුනානේ. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට වොලිට එයාගේ පරණ ආත්මයේ වුන දේවල් මතක් වෙන්න පටන්ගන්නවා. ඔව් ඔව් ඔයාට හිතුනා හරි මේ සැරේ ඇල්කමිගේ ගොදුර වෙන්න යන්නේ වොලිවයි. හැබැයි ඉතින් අපි දන්නවනේ කලින් ඇල්කමිගේ ගොදුර වුන කවුරුවත් බලය ලැබුනට පස්සේ හොද දේවල් නම් නෙවෙයි කලේ කියලා. ඉතින් මේ නිසාම ෆ්ලැෂ් ටීම් එකේ හැමෝම බය වෙනවා වොලිත් ඇල්කමි ලගට ගිහින් බලය ලබාගෙන අර වගේ පිස්සු නටයි කියලා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට වොලිව ඇල්කමිගෙන් බේරාගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් වොලිට ඇල්කමිගෙන් බලය ලැබිලා නරක කෙනෙක් වෙයිද? එහෙමත් නැත්නම් බලය තිබුනත් හොද කෙනෙක් විදියට වොලි ෆ්ලෑෂ්ට උදව් කරගෙන ඉදිවිද? මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස බලන්න. අනිවාර්යයෙන්ම අවසානය වෙද්දි ඔයාලට මේ වුනේ මොකක්ද කියලා විශ්වාස කරන්න බැරිවේවි… . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Scorpion [S03 : E08] with Sinhala Subtitles |ගමට ගිහින් එහෙත් ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

වෙනදා වෙලාවටම කතාව දෙන්න පුළුවන් උනත් හිතේ ලොකු දුකවල් දෙකක් තියාගෙන තමා මේ කොටස නම් කලේ… හසන්ත අයියාට පොරොන්දු උන නිසා මග නතර කරන්නේ නැ කියලා කරන්න වෙනවා. මොකද මම අද දැක්කා බුකියේත් දාලා තියනවා මොකක්ද අමුතු ක්‍රමයකට මරනවා කියල. මෙහේ ඉන්න එකේ ඇවිත් මැරුවොත් එහෙම.

ලගම එකට ඉදපු යාලුවෙක් මෙහෙදී මරුනහම කොහොම ෆිලින් එකක් දැනෙනවද කියලා කියන්න තේරෙන්නේ නැ. මොනවා උනත් ඒ දේවල් දරාගෙන තමා මේ උපසිරැසිය කලේ… වැඩ කරන ගමන් ඒවත් බලලා කරන එක අමාරු නැ කියනවනම් බොරු.

දෙවෙනි එක තමා ලොකුම වැදගත් දේ. හසා අයියා  මෙහෙදී මැරුවත් ඔන්න මේක නම් කියන්නම වෙනවා. අංක එක මම උප සිරැසි කරන්න ගත්තේ ආසාවට. ඉතින් සාමන්යෙන් වැඩ කරන වෙලාවට මේවා කරනවා කියන එක නම් හිතන්නවත් බැරි දෙයක් තාම උපසිරසි 20ක් වගේ විතරක් කරලා තියන නිසා ලොකු ප්‍රවිනයෙකුත් නෙමේ. හැබැයි කරපු ටික කලේ පහුගිය සතිය වෙනකන් ගොඩක් සතුටින්. ඇත්තටම මට 100%ක් ඉංග්‍රීසි දන්නවා කියලා නම් කියන්න බැ.  පාසලෙන් නැතිව පිටින් තනියම ඉගන ගත්ත දෙයක් තියනවනම් එකේ ඉස්සහරම තියෙන්නේ ඉංග්‍රීසි. ඒ නිසා මට 100% ඉංග්‍රීසි බැ. සබ් එකක් ට්‍රාන්ස්ලේට් කරන්නේ අර දන්නා ටිකෙන්නේ ඉතින් එතකොට සමහර ඒවා නම් තේරෙන්නෙම නැ , මේ කතාවේ තියන සමහර විද්යා කොටස් තේරුම් ගන්න සතියක් දෙකක් විතර ඒවා ගැනම ඉගන ගන්න වෙනවා. පුලුවන් ඉක්මනට මේක අරන් එන්නත් ඕනා. හැබැයි කතාවේ අදහසට ගැලපෙන්න මට හිතෙන කොටස් මම ඇතුල් කරලා ඇති. මම මේක ඉංග්‍රීසි පන්තියක් කරගන්න ඉතින් හිතුවේ නැ. එත් පැය 10-12ක් අරන් ලයින් 1000ක් 1500ක් ට්‍රාන්ස්ලේට් කරනවට මට මොනවත්ම කවුරුවත්ම දෙන්නේ නැහැනේ. ඉතින් පොඩි ඉල්ලීමක් මම මේකේ සබ් කරනවට අකමැති අය ඉන්නවනම් අද කියන්න. එක ඊට පස්සේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය සලකලා බලලා මොනවා හරි තීරණයක් ගනීවි.. ඒ ගන්න තීරණය එක්ක ඔයාලා කැමති විදිහට එක ඉස්සරහට එක වේවි… මම සර්ව සම්පුර්ණ නැ. නිකන් දෙයක් කරලා දුකක් හිතට ඕනේ නැ ඒ නිසා කමෙන්ට් නොදාන අයත් අද අවංකව හිතන දේ කියලා යන්න… මොනවද ඉස්සරහට වෙන්න ඕනා කියලා. මේ මම කරන්නේ මගේ උපරිමේ මිට වඩා කරන්න පුළුවන් දේවල් නැ. අදහස් බලාපොරොත්තු වෙනවා.

කතාව ගැන කියනවා නම් අද වෝල්ටර් , කණ්ඩායමත් එක්ක ගමට එහෙම නැතිනම් අයර්ලන්තේ යනවා. එහෙ ගිහිනුත් වෙන්නේ වැඩ පෙන්නන්න තමා… පරණ යාළුවො එහෙම ලොකු ඇනයක් වෙනවා. කතාව බලන්නකෝ. ලොකු දෙයක් කියන්න යන්නේ නැ.

එහෙමනම් වෙන ඕනදෙයක් උනාවේ.. ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E08.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Timeless [S01 : E06] with Sinhala Subtitles |රිටන්හවුස් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Timeless TV-1

ඔන්න ඉතින් අදත් 6 වෙනි අරගෙන ආවා. ගිය සතියෙ කොටසක් අවෙත් නැති ඉන්දයි ඊට කලින් සතියෙ වැඩි දෙයක් කියන්න ලැබුනෙ නැති හින්දයි නිසා 4 සහා 5 කොටස් දෙකම ගැන විස්තරයක් කලා. සමහර අයටනම් කතාව අවුල් වගේ නේද? ඒකනෙ කොමෙන්ට් එහෙමත් අඩු. හරි එහෙනං කලින් කොටස් දෙක ටිකක් මතක් කරගෙන ඉන්නකො.

4 වෙනි කොටසින්

කොහොමහරි ජියා හොයාගන්නවා ෆ්ලින් වර්තමානයේ කොහෙද මව් යානය හංහගෙන ඉන්නෙ කියලා. ඒ නිසා ෆ්ලින්ව අල්ලගන්න කණ්ඩායමක් පිටත් කරලා අරිනවා. ඒ වෙනකොටත් ඇන්තනි ලොකු වැඩක යෙදිලයි ඉන්නෙ. ඔය අතරෙ තමයි කණ්ඩායමක් එන්නෙ ෆ්ලින්ව අල්ලගන්න. ඒ ඉතින් එතනදිත් කට්ටියට ෆ්ලින්වනම් අල්ල ගන්න බැරිවෙනවා. මොකද එයා එතනිනුත් පැන ගන්නවා. හැබැයි න්‍යෂ්ටි බෝම්බයත් අරගෙනම තමයි ගිහින් තියෙන්නෙ. ඒත් තාම කවුරුත් දන්නෙ නැ එයා මේකෙන් මොනවද කරන්න යන්නෙ කියලා. ඔය අතරෙ තමයි රූෆස් වායට්ට කතා කරලා කියන්නෙ ෆ්ලින් ජර්මනියට, 1944 දෙසැම්බර් 9 වෙනිදට ගිහින් කියලා. හැබැයි 1945 වෙනකන් එක්සත් නපදය ඒ බෝම්බ පිළිබදව වැඩ පටන්ගෙන තිබිලා නැ. ඉතින් මෙයාලා හිතනවා යුද්ධය නතර කරන්න ෆ්ලින් මේ බෝම්බය නාසීන් අතට තමයි දෙන්න යන්නෙ කියලා. කොහොමහරි ලුසි එක තැබෑරුමක් ගැන හොයා ගන්නවා 1944 තිබුන. ඒක තමයි මිත්‍ර පාර්ශික විරෝධතා කරුවන් රැස්වුන ස්ථානය. ඉතින් කට්ටියම ආපහු පාරක් ඉතිහාසයේ ආපස්සට ගමනක් යනවා. මෙයාලා එහෙදි කොහොමහරි මේ තැබෑරුම හොයා ගන්නවා. ඒත් එතනදි මෙයාලට කැප්ටන් කෙනෙක් හම්බවෙනවා. එයා ලුසීවයි වායට්වයි වෙන තැනකට එක්කගෙන යනවා. ආයි ඉතින් කියන්න ඕනෙ නෑනෙ වායට් ඕන දේකට රෙඩි කියලා. ඇතුලට ගිය ගමන් එකිනෙකාට තුවක්කු දික් කරගන්නවා. ඒත් බලද්දි තමයි තේරුණෙ මේ කැප්ටන් මිත්‍ර පාර්ශික කෙනෙක් කියලා. ඔය අස්සෙ තමයි රූෆස් කාරයත් ඇතුලට කඩා පාත්වෙලා හෙන විකාරයක් නටන්නෙ. හැබැයි පොර එනකොට සේරම විසදිලා. ඔය අතරෙ තමයි ලුසි මේ කැප්ටන්ගෙන් අහන්නෙ ඔහුගෙ නම මොකක්ද කියලා. එයා නම කියපු ගමන් කට්ටියම තක්කු මුක්කු වෙලා යනවා. මොකද එයාගෙ නම තමයි ඉයන් ෆ්ලෙමින්. ඒ කියන්නෙ ජේම්ස් බොන්ඩ් කතාව ලියපු කෙනා.

ඉතින් කට්ටියම ඉයන්ට මෙයාලා හොයන දේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරනවා. ඒ කියන්නෙ න්‍යෂ්ටි බෝම්බය ගැන. ඉතින් ඒකෙන් කරන්න පුළුවන් විනාශය ගැන ඇහුවාම ඉයන් තක්කු මුක්කු වෙලා යනවා. මොකද ඒ න්‍යෂ්ටික බෝම්බය රොකට් එක්කට හයි කරලා බෙල්ජියමටයි පහර දෙන්න හදන්නෙ. ඉයන් කියන විදිහට රෑ ප්‍රදර්ශනයක් තියෙනවා මේ බෝම්බයේ දියත් වෙන විදිහ නරබන්න. ඉතින් වායට් කියන්නෙ ඉයන්ට පුළුවන්නම් එයාලවඑතනට එක්ක යන්න රූෆස්ට පුළුවන් වෙයි කියලයි ඒක නිශ්ක්‍රිය කරලා දාන්න. ඒකත් ඒ කියපු ලෙසටම වුනත් කට්ටිය රොකට් එක ලග යනකොටත් න්‍යෂ්ටික බෝම්බය එතනට ගෙනත් නැ. ඔය අස්සෙ තමයි ෆ්ලින් එතනට පාත් වෙන්නෙ. ඔයාලා දන්නවනෙ වායට් බලන් ඉන්නෙ ෆ්ලින්ව ඉවරයක් කරලා දාන්න කියලා. ඉතින් මෙයාට මෙතනදි අවස්ථාවක් ලැබෙනවා ෆ්ලින්ට වෙඩි තියන්න. ඒත් ඒ අවස්ථාව ලුසි නිසා අහිමි වෙනවා. මොකද එයා ඒක නතර කරනවා. වෙන දෙයක් හින්දා නෙවෙයි ඉතිහාසයට ගොඩක් වටින මනුස්සයෙක් ෆ්ලින් ලගින් ඉන්න නිසා. ඒතමයි වෙනහර් වොන් බ්‍රෝන්. ඔහු හදට යන එක වගේ ගොඩක් විශේෂ දේවල් වලට අවශ්‍ය පුද්ගලයෙක්. ඒ නිසයි ලුසී වායට්ට වෙඩි තියන්න දෙන්නෙ නැත්තෙ.

කොහොමහරි වාද විවාද අවසානයෙ ලුසියි ඉයනුයි මාලිගාවෙ තියෙන උත්සවේට යනවා. ඒ අතරෙ වායට් සහා රූෆස් රොකට් එක නිෂ්ක්‍රිය කරන්න යනවා. මාලිගාවෙදි ලුසීට ඒ මාලිගාව ගැන පොඩි දෙයක් සිහියට ආවත් ඒක හරි හැටි තේරුම් යන්නෙ නැ. ඔය අතරෙ තමයි වොන් බ්‍රෝන් සාදයට එන්නෙ. ඉතින් ඉයන් කියනවා ලුසීට වොන්ව කතාවට අල්ලගන්න කියලා. එතනට යද්දිම තමයි ෆ්ලින් ලුසීව අල්ලගන්නෙ. ඉතින් හැමෝම දන්නවනෙ ඕකට ඕනෙ ඉතිහාසය කන්න කියලා. එතනදි තමයි ලුසීට ෆ්ලින් මේ කාලයට ආව හේතුව දැනගන්න ලැබෙන්නෙ. මූ මෙහාට ඇවිත් තියෙන්නෙ න්‍යෂ්ටික බෝම්බය සම්බන්ධ දේකට නෙවෙයි. මූ ඇවිත් තියෙන්නෙ වොන් බ්‍රෝන්ව අල්ලගන්න. ඒත් මරන්න නෙවෙයි. මනුස්සයව රුසියානුවන්ට බාර දෙන්න. එතකොට හිතා ගන්න හැකිනෙ ඇමරිකාවට වෙන වින්නැහිය. සීතල යුද්ධය දිනන එක, මුලින්ම හදට යන එක, පවා වෙනස් වෙනවා එතකොට. ඒකෙන් ඉතිහාසය සෑහෙන්න වෙනස් වීමක් වෙනවා. ඒක වොන් බ්‍රෝන්ව ඝාතනය කරනවටත් වඩා දරුණු දෙයක්. එතකොටම තමයි ඉයන් ඔතෙන්නට එන්නෙ. ඒත් වැඩක් වෙන්නෙ නැ. මේ දෙන්නම අල්ලා හිර කරනවා. ඕක වායට් එලියෙ ඉදලා බලද්දි දකිනවා. ඉතින් වායට් සහා රූෆස් රොකට් එක නිෂ්ක්‍රිය කරනවා වෙනුවට ඒක එතනම පුපුරවලා ලුසීව බේරගන්න එනවා. එතකොටත් ඉයන් එයාගෙ රසස් තුවක්කුවෙන් දෙන්නෙක් ඉවර කරලා.

එතනින් පැන ගන්න ගියත් ලුසීට වොන් බ්‍රෝන්ව බේර ගන්න ඕනෙ වෙනවා. ඉතින් මේ අය එයාවත් අරගෙන පැනලා යන්න හැදුවත් එක කාමරේක හොදටම හිර වෙනවා. ඔය දේවල් අතරෙ තමයි අපේ ඉයන් ෆ්ලෙමින්ග්ට වොන්ව මරන්න ඕනෙ වෙන්නෙ. මොකද මූ හදපු රොකට් හින්දා ඉයන්ගෙ සහෝදරයා ඔහුට අහිමි වුන නිසා. ඒත් ඉතින් වායට්ගෙ මැදිහත් වීමෙන් ඒක නතර වෙනවා. ඉතින් මේ අයට පැනලා යන්න තැනක් කොහෙත්ම නැ. ඒ අස්සෙ ෆ්ලින් එලියෙන් දොර කඩන් එන්න හදනවා. ඒ අතරෙ තමයි ලුසීට මේ මාලිගාවෙ තියෙන විශේෂත්වය මතක් වෙන්නෙ. මොකද මේ මාලිගාව උපං ජාලයකින් පිරුණ මාලිගයක්. කට්ටියම උමං වලින් පැනලා ගිහින් බේරෙනවා අවසානයේදි.

ඉතින් තවත් අසාර්ථක මෙහෙයුමකින් පස්සෙ මේ අය එයාලගෙ කාලයට ආපහු එනවා. ආවම තමයි තේරෙන්නෙ දේවල් තවත් අවුල් වෙලා කියලා. මොකද කිව්වොත් ජේම්ස් බොන්ඩ් කතාව පවා වෙනස් වෙලා. ඒ කතාවෙ ලුසි, වායට්, වගේම රූෆස් ගැනත් ඉයන් ෆ්ලෙමින්ග් කියලා තියෙනවා. ඒ කියන්නෙ කතාව වෙනස් වෙලා.

අවසාන වෙනකොට තමයි තේරෙන්නෙ ෆ්ලින් මොකටද න්‍යෂ්ටියක් හොරකම් කලේ කියලා. මොකද කිව්වොත් එයා ඒක පාවිච්චි කරලා ඇන්තනීට කියලා බැට්ට්‍රියක් නිර්මාණය කරගෙන අවුරුදු 300ක් චාර්ජ් නොකර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙයාල ඒක මව් යානයට හයි කරනවා. ඉතින් මේ අයට ආයි මව් යානය චාර්ජ් කරන්න ඕනෙ කමක් නැ. තාමත් තේරෙන්නෙ නැත්තෙ ඇයි මේසන් රූෆස්ට කියලා වායට් සහා ලුසී කතා වෙන ඒව පටිගත් කරන්නෙ කියලයි. හැබැයි ඉතින් මේකට රූෆස්නම් ටිකක්වත් කැමති වෙන්නෙ නැ. ඒක එහෙම වෙනකොට ලුසී ඒටන්ට් ක්‍රිස්ටෝපර් එක්ක පැටලෙන්නෙ. ලුසී කියන්නෙ එයාගෙ නංගිව ආපහු ඕනෙ වගේම ඉතිහාසය තිබුණ විදියටම ආපහු හදන්න ඕනෙ කියලා. නැත්නම් එයා මේකෙන් අයින් වෙලා යනවා කියලා. ඕව සේරම අහවර වෙලා රූෆස් ගෙදර යන ගමන් ඉන්නකොට මෙයාගෙ වාහනේ එක පාරටම නතර වෙනවා. වෙනවා නෙවෙයි නතර කරනවා. ඒ තමයි රිටන්හවුස් නමින් හදුන්වන අය. ඒ අය රූෆස්ට කියන්නෙ සද්ද නොකර එයාලට සහයෝගය නොදැක්කුවොත් එයාට වගේම පවුලෙ අයටත් ලොකු කරදර වෙයි කියලා. ඔයව් විදිහට තමයි හතරවෙනි කොටස ඉවරවුනේ.

5 වෙනි කොටසින්

රූෆස්ට වෙච්ච දේ හින්දා මනුස්සයා හෙන අවුලෙන් තමයි ඉන්නෙ. ඒ නිසා මෙයා මේසන්ටත් දොස් කියනවා. ඔය අතරෙ තමයි නියෝජිත ක්‍රිස්ටෝපර් වායට්ට කතා කරන්නෙ. ඒ එයාගෙ ලොක්කත් එක්ක. මෙයාලා වායට්ට කතා කරන්නෙ එයාව මේ මෙහෙයුමෙන් අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක් දාන්න තීරණය කලා කියන්නයි. මොකද කිව්වොත් වායට්ට තාම බැරිවුනා ෆ්ලින්ව මරලා දාන්න. ඒක තමයි මෙයාව අයින් කරලා වෙන කෙනෙක්ව ගන්න හේතුව. ඔය අතරෙ තමයි සමාගමේ අය හොයාගන්නෙ ෆ්ලින් ආයිමත් කාලය හරහා ගිහින් කියලා. ඒ 1836 මාර්තු දෙවනිදට. ඉතින් ඒ නිසා වායට්ට තම එක වතාවක් කාලය හරහා යන්න ලැබෙනවා.

මේ වැඩේට හැමෝම ඕනෙ වෙනවනෙ. ඒ හින්දා ලුසිත් රෑම ගෙදරින් පිට වෙන්න හදනකොට එයාගෙ අම්මත් එක්ක පොඩි වලියකුත් දා ගන්නවා. කොහොමහරි කට්ටියම යන්න ලෑස්තියි. වායට්නම් මේ පාර ගේමට හොද ලෑස්ති පිට තමයි යන්නෙ. ෆ්ලින්නම් මේ වෙනකොටත් ඕන කරනතැනට ගිහින් අහවරයි. එයා ජෙනරල් සැන්ටා ඇනාව හම්බවෙනවා ඒ දෙවන ඉසබෙල් රැජින එවපු කෙනෙක් හැටියට. ෆ්ලින් හදන්නෙ මේ ජෙනරාල්ට සහයෝගය දෙන්න කැරැල්ල මැඩ පවත්වන්න. ඒ කියන්නෙ මෙයා සහයෝගය දෙන්නෙ සතුරු හමුදාවට. ඔය අතරෙ ලුසි එහෙමත් මේ කාලයට එනවා. ඉතින් එයාලා ගිහින් අනික් පැත්තෙ ඉන්න ජිම් බුවි කියලා කෙනෙක්ගෙන් ෆ්ලින් ගැන විස්තර අහනවා. ඉතින් මේ අය එහෙම කෙනෙක් දැකලා නැ. වායට් සහා කට්ටිය මේ කදවුරේ හැම තැනම ෆ්ලින්ව හොයන අතරෙ තමයි වායට්ට දේවල් පෙන්න ගන්නෙ. ඒ එයා හමුදාවෙ ඉන්න කාලෙ වුන දේවල්. ඔය අතරෙ තමයි ෆ්ලින් මේ කදවුරේ ඉන්න කර්නල් ට්‍රැවිස්ව හම්බවෙන්න එන්නෙ. ඒ නිකන් නෙවෙයි එයාව මරලා දාන්න. ඒකත් එයා හරියට කරනවා. හැබැයි මේ කර්නල් කොහොමත් මැරෙන්න උන්න කෙනෙක්. නමුත් මෙයාව ෆ්ලින් ඇවිත් කලින්ම මරලා දාන්නෙ මෙයා ලියන ලියුම නතර කරන්න ඕනෙ නිසයි. ඒ ලියුම ලියුවොත් තමයි මේ අයට මේ යුද්ධෙ ජය ගන්න පුළුවන් වෙන්නෙ. ලියුම නැතුව මේ අයට උදව් කොහොමත් ලැබෙන්නෙ නැ. ඒ කියන්නෙ යුද්ධෙ පරාදයි. ෆ්ලින් කරන්න ආව දේ හරියටම වෙනවා.

ඒත් ෆ්ලින්ටත් ටිකක් විතර වරදිනවා. හරිනම් ජෙනරාල් සැන්ටා ඇනා පහර දෙන්න කලින් අනික් කදවුරේ ඉන්න ගැහැණුන්ට සහා ළමයින්ට කදවුරෙන් පිට වෙන්න දැනවා. ඒත් ෆ්ලින් කරපු දෙයක් හින්දා ඒක වෙන්න නැ. ෆ්ලින්ට මේකටනම් හෙන අවුල්. ඒනිසා ෆ්ලින් සහා සැන්ටා ඇනා අතරෙ පොඩි විවාදයකුත් ඇති වෙනවා. ඉතින් ලුසි හිතන හැටියට මෙහෙම වෙලා තියෙන්නෙ ලියුම සම්පූර්ණ නොකරපු නිසා කියලයි. මේ ලියුම තමයි ප්‍රසිද්ධ “ජයග්‍රහණය හෝ මරණය” කියන කර්නල් බැරට් ට්‍රැවිස් විසින් ලියපු ලියුම. ඉතින් වායට් කියන්නෙ මේ ලියුම ලුසීට ලියලා ඉවර කරන්න කියලා. ඒ අතරෙ රූෆස් කදවුරෙන් පැන ගන්න විදිහකුත් හොයන්න කියලා කියනවා. ඉතින් ලුසි ලියුම ලියන්න හැදුවත් ඒකට කිසිම අදහසක් එන්නෙ නැ, ඒ වගේම තමයි රූෆස්ටත් හිතා ගන්න බැ මොකද කරන්නෙ කියලා. ඉතින් රූෆස් ඩේවි ක්‍රොකට්ව හම්බවෙන්නෙ එයා එක්ක කතා කර කර ඉන්නකොට තමයි එයා කියන්නෙ මේ කදවුර හරහා ඇල මාර්ගයක් තියෙනවා කියලා. ඉතින් රූෆස්ට අදහසක් එනවා කදවුරෙන් පැන ගන්න විදිහක් ගැන. මේක වායට්ටයි ලුසීටයි කියනවා. ඒත් වුලකට තියෙන්නෙ මේ ඇල මාර්ගයට එතුල් වෙන්න නම් අඩි තුනක් විතර ගලක් හාරන්න වෙනවා. ඉතින් ඒකත් බාර වෙන්නෙ රූෆස්ටම තමයි. ඒ අතරෙ වායට් ලුසීගෙන් ලියුම ගැන අහනවා. එයා කියනවා ඒක තාම ඉවර නැ කියලා, ඒ වගේම එයාට ලියුමෙ තිබුණ හැම වචනයක්ම මතක නැ කියලා. ඉතින් වායට් කියන්නෙ ඒක ලුසි කැමති විදිහට ලියන්න කියලයි. මොකද කිව්වොත් වායට් හෙන අවුලෙන් තමයි මේ වෙනකොට ඉන්නෙ. ඒ එයාට මේ වතාවෙ ෆ්ලින්ව මරන්න බැරිවුනොත් එයාව අයින් කරන නිසා. ඕවා වෙන අතරෙ කදවුරට ප්‍රහාරයක් එල්ල වෙලා ඒකෙන් පොඩි එකෙක් තුවාල වෙනවා. වායට් තමයි එයාව බේර ගන්නෙ.

ඔය අතරෙ රූෆස් මල පැනගෙන ගල හාරනවා. එතෙන්ට ඩේවි ක්‍රොකට් ඇවිත් රූෆස් එක්ක ටෝකක් එහෙමත් දානවා. ඒ කතාව අවසානයෙ තමයි රූෆස්ට හොද අදහසක් එන්නෙ මේ වැඩේ ඉවර කරන්න. ඒ වායට් එනකොට ගෙනාව අත් බෝම්බ පාවිච්චි කරලා ගල පුපුරවන්න. ඔය අතරෙ තමයි බූවි ඇවිත් වායට්ට ස්තූති කරන්නෙ පොඩි කොලුවගෙ ජීවිතේ බේරගත්තු එකට. ඒත් එක්කම බූවි තේරිලා එයලට මේ යුද්ධෙ දිනන්න බැ කියලා. ඒ නිසා වායට්ට සැලැස්මක් පැහැදිලි කරනවා හැමෝටම නැතත් ගැහැණුන්ටයි ළමයින්ටයි බේරෙන්න පුළුවන් විදිහෙ. ඕව වෙන අතරෙ ලුසිත් ලියුම ලියන්න ගන්නවා. රූෆස් උමගෙ වැඩේ කරනවා. ඔය සේරම අව්සාන වෙනකොට මේ අයට පහර දෙන්න ගන්නවා. කොහොමහරි වායට්ගෙ සැලැස්ම හින්දා ගෑණු අයවයි ළමයිනුයි බේරගන්න පුළුවන් වෙනවා. ආ කලින් අර වායට් බේර ගත්ත පොඩි එකා තමයි කර්නල් බැරට් ට්‍රැවිස්ගෙ පණිවුඩ කාරයා. එයා මාර්ගයෙන් ලුසි ලියපු ලිඋයුමත් ලැබෙන්න ඕනෙ තැනට ලැබෙන්න සලස්වනවා. හැබැයි ඉතින් මේ සටනෙදි ජිම් බූවි, ඩේවි ක්‍රොකට් වගේ අය දිවි පුදනවා. ඒ තමන්ගෙම පිරිසක් බේර ගන්න. කොහොමහරි ෆ්ලින් කරන්න ආව වැඩේ කරගන්න බැරිවෙනවා. ඒ වගේම වායට්ට ෆ්ලින්ව මරන්නත් බැරිවෙනවා.

ඉතින් ලුසි ඇතුලු කණ්ඩායම ආපහු වර්තමානයට ඇවිත් බලනකොට ඇලමා වල වෙච්ච දේ නිසා ටෙක්සාස් එහෙම යුද්ධයට එකතු වීමෙන් සැන්ටා ඇනා පරාජය කරලා යුද්ධය දිනලා. ඒ කියන්නෙ ලුසි ලියුම හරි තැනට ගිහින් කියන එකයි. ඉතින් වායට් තවත් වතාවක් අසාර්තක වුන නිසා එයාව අයින් කරන්න හැදුවත් ලුසි සහා රූෆස්ගෙ මැදිහත් වීමෙන් ඒකත් නතර වෙනවා. ලුසි අම්මා එක්ක දාගත්ත රණ්ඩුවත් විසදෙනවා වගේම එයාට එයාගෙ ඇත්ත තාත්තා ගැන විස්තර අම්මා එයාට කියනවා. ඔක තමයි 5 වෙනි කොටසෙ වුන දේවල්.

අද කොටසින්

ඔන්න ඉතින් අද කොටසින් නම් රිටන්හවුස් ගැන තමයි වැඩි පුරම කතා වෙන්නෙ. ඒ වගේම ලුසි සහා රූෆස්ගෙ රහස් වගයකුත් එලි වෙනවා. අනික රිටන්හවුස් අදක ඊයෙක ඉදන් පවතින දෙයක් නෙවෙයි කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් කතාව බලලම මේ ගැන වැඩිය දැනගන්නකො. ඊලග කොටසින් හම්බවෙමු.

ජය වේවා!

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Timeless.S01E06.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                      Next Episode >>


The Blacklist [S04 : E05] with Sinhala Subtitles |ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The blacklist S4-1

පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ.

එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්නස්ව හොයාගන්න ගත්ත උත්සහයත් ව්‍යාර්ත උනා මතක ඇතිනේ. ඉතිං අදත් රෙඩ් සහ ලිස් එකතුවෙලා ඒ වගේම ටොම් වෙනම විදියකිනුත් ඇඇගන්ස් ගැන සහ ඇලෙක්සැසැන්ඩර් කර්ක් ගැන තොරතුරක් හොයාගන්නයි හදන්නේ. ඉතිං ඒකේ ප්‍රතිපලයක් හැටියට අද දවසේදිත් කළු ලැයිස්තුවේ පුද්ගගලයෙක් පස්සෙසෙන් එෆ් බී අයි කණ්ඩායම ලුහුබදිනවා.

එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ… හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E05.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

The X Files [S02 : E19 – “Død Kalm”] with Sinhala Subtitles|“වේගෙන් වයසට” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

එක්ස් ෆයිල් කතා මාලාවේ 2වෙනි කතා මාලාවේ 19 වෙනි කොටස එක්ක මටත් මේ කතා මාලාවේ මේ කොටසට දායක වෙන්න ලැබුනා. ඇත්තටම හසන්ත සහෝ තමා ඇහුවේ මේක කරලා එවන්න පුලුවන්ද කියල. අනිත් කතා මාලාවකට වඩා ටිකක් විතර වැඩි කාලයක් ගිය මේක කරලා ඉවර කරන්න. එත් මම හිතනවා ලොකු පරක්කුවක් වෙන්න නැතිව ඇති කියලා. අද කතාව ගැන ලොකු දෙයක් කියන්න යන්නේ නැ. හැබැයි මෝල්ඩර් ස්කලී දෙන්න වයසට ගිහින් ඉන්නකොට කොහොමද කියන එක ගැන නම් ස්කලී ට මෝල්ඩර් ට ලව් කරන අයට බලා ගන්න පුළුවන් කතාවත් එක්ක එකතු වෙලා.

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E19.Død.Kalm.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Miss Peregrine’s Home for Peculiar Children (2016) with Sinhala Subtitles |මායා දරුවන්ගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Miss Peregrine's Home for Peculiar Children (2016)

ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු උන නිසා ඔන්න අද දවසම අරං මේක ඉවර කලා.

චිත්‍රපටයේ ඉංග්‍රීසි නම නම් ටිකක් දිගයි නේද? කතාවත් පැය දෙකක් විතර යනවා. හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. මේ චිත්‍රපටයේ මුල් තිරගත වීම උනේ සැප්තැම්බර් 29 වෙනිදා ඉන්දුනීසියාවේ. චිත්‍රපටයේ IMDb අගය 7ක් වෙනවා. මේක නිෂ්පාදන කරලා තියෙන්නේ 20 වෙනි සියවසේ නරියා. ඒ කියන්නේ 20th Century Fox සමාගම. අධ්‍යක්‍ෂණය කලේ Tim Burton කියල කෙනෙක්.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මේ කතාව ගෙතිලා තියෙන්නේ ජේක් (Asa Butterfield) කියන පිරිමි ළමයෙක් වටෙයි. ජේක් ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ කියන්නේ 2016 අවුරුද්දේ. ජේක් ව කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. එයාගෙ සීයා ඒබ් (Terence Stamp) තරුණ කාලේ ජීවත් වෙලා තියෙන්නේ වේල්ස් වල පිහිටපු පුංචි දූපතක. මේ දූපතේ තියන විශේෂත්වය තමයි අරුම පුදුම ළමයින් වෙනුවෙන් එහෙ පවත්වාගෙන යන ළමා නිවාසය. ළමා නිවාසය බලා ගන්නේ පෙරග්‍රයින් නෝනා (Eva Green) කියල කෙනෙක්. මේ ළමා නිවාසයේ ඉන්න ළමයි සාමාන්‍ය ළමයින්ට වඩා ගොඩක් වෙනස්. සරලවම කියනවා නම් ඒ ළමයින්ට පුදුමාකාර බලයන් තියනවා. ඒ වගේම එයාල කවදාවත් වයසට යන්නේ නෑ. හැමදාම ජීවත් වෙන්නේ එකම දවසක. දවස ඉවර උනාම ආපහු ඒ දවසම ආපහු උදා වෙනවා. උදා වෙනවා නෙමෙයි ඇත්තටම බලෙන් උදා කරවනවා. ඒක නිසා එයාලා හැමදාම ජීවත් වෙන්නේ 1943 සැප්තැම්බර් 2 කියන දවසෙයි.

ජේක් ගෙ සීයා ජේක් පොඩි කාලේ මේ ළමයින් ගැන එයාට කතන්දර වගේ කියලා දෙනවා. සීයා ඉතිං ඒ අය එක්ක ජීවත් වෙලා තියනවනේ. ජේක් ගෙ සීයාටත් බලයක් තියෙනවා. ඒ තමයි අනිත් අයට නොපෙනෙන යක්කු එයාට පේන එක. යක්කු පේන සීයා යකෙක් ගහලා මැරුණට පස්සේ ඒ බලය උරුම වෙන්නේ ජේක් ට. ජේක් පොඩි කාලේ අහපු කතන්දර විශ්වාස කරලා කාලය අතරින් අර දූපතේ තියන ළමා නිවාසයට ගිහිල්ලා අනිත් ළමයින් එක්ක එකතු වෙලා යක්කු එක්ක සටන් කරන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ.

කතාව ඕනවට වඩා කිව්වම ගතියක් නැති නිසා ඔන්න ඔයාල හැමෝටම බලන්න ආරාධනා කරනවා. මුලින්ම කිව්වා වගේ මේක නම් සුපිරි කතාවක්. එහෙනම් තව උපසිරැසියක් අරං එනකල් හැමෝම සතුටින්, විනෝදයෙන් ඉන්න.

ජය වේවා!

Miss Peregrine's Home for Peculiar Children (2016 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Miss.Peregrines.Home.For.Peculiar.Children.2016.720p.HC.HDRip.950MB

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

American Crime Story (2016– ) [S01:E08] with Sinhala Subtitles |ජුරිය සිරභාරයේ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • අට වැනි කොටස : “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ”
  • IMDb ratings: 8.7/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 04

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ අට වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  සිම්සන් නඩුවට තෝරා ගත් ජුරිය මාස ගණනාවක් හෝටලයක රඳවා තැබුණා. ඒ කිසිම මාධ්‍යයකට නිරාවරණය නො වන අන්දමින්. ඔවුන්ට රුපවාහිනිය නැරඹීමට හෝ කිසිම ආකාරයක සඟරාවක් හෝ පුවත් පතක් කියවීමට අවසර ලැබුනේ නැහැ, මේ නඩුව පිළිබඳව ජනමාධ්‍යයේ පැතිර යන අදහස් ජුරියට බලපෑමෙන් නඩුවේ තීන්දුවට බලපෑ හැකි නිසා.  මේ අන්දමින් එක්තරා ආකාරයක සිරභාරයේ සිටින ජූරියක් ගැන යි අටවෙනි කොටසෙන් ඉදිරිපත් වෙන්නෙ. ජුරි සභිකයන් කළු ජාතිකයන් වන තරමට එය විත්තියට හිතකර වන බවත්, සුදු ජාතිකයන් සිටීම පැමිණිලි පාර්ශ්වයට හිතකර බවත් දන්නා නීතිඥ දෙ පිරිස තම තමන්ගේ පාර්ශවයන්ට හිතවත් ජුරි සභික අපේක්ෂකයන් ජුරියට ඉදිරිපත් කරමින් අහිතවත් සහිකයන් ජූරියෙන් ඉවත් කිරීමට විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් ගෙන යන සිතල යුද්ධය ගැනත් මේ කොටසින් ඉදිරිපත් කෙරෙනවා.

මේ සිංහල උපසිරැසි ලබා දී ඇත්තේ, American.Crime.Story.S01E08.HDTV.x264-FUM[ettv] [268 MB] පිටපතට ගැළපෙන අයුරින්. මේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

American.Crime.Story.S01E08.HDTV.x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

The Exorcist [S01 : E08] with Sinhala Subtitles | (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Exorcist TV-2

මාකස් කොහොම හරි අර වැව ළග කේසී ඉදලා එයාව හොයාගත්තා. සුළු මොහොතකට විතරක් මාකස්ට පුළුවන් වුණා කේසීව ලබාගන්න. දැක්කනේ ඒ වෙලාවේ යොදපු බලයෙන් සිද්දවුනු දේවල්. මාකස් විශ්වාස කරන්න ගත්තා දෙවියන් වහන්සේ එයා එක්ක ඉන්නවයි කියලා. එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. මාකස් කේසී කන්‍යාරාමයට එක්ක යන්නයි කියලා උදව් ඉල්ලලා තිබුණේ තෝමස්ගෙන්. කොහොමහරි කන්‍යාරාමයට එක්ක ගිහින් බේරන්ඩෙට් මව්තුමියගෙන් උදව් බලාපොරොත්තු වුණා වගේම මාකස් තෝමස්ට කිව්වා කේසීව හොයාගෙන එහෙ ඉන්නවා කියලා කාටවත් කියන්න එපා කියලා. මොකද මේ ගැන දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. මේ නිසාම තෝමස් කාටවත්ම කියන්න ගියේ නෑ. මෙයත් බොරුවට එයාව හොයාගන්න බැරි වුන ගානට දේවස්ථානයේ හැමෝම රැස් කරලා දේව මෙහෙයකුත් තිබ්බා. ඇන්ජෙලාට මේ ගැන හිතලා තෝන්තුවෙලා හිටියේ. බොන එකමයි කලේ. මේ අතරේ බේරන්ඩෙට් මව්තුමිය හා එකතු වෙලා මාකස් පියතුමන් උත්සහ කරනවා කේසීව හොද කරන්න. නමුත් කිසිම හොදක් නම් වුණේ නෑ ඇයව දිරාපත් වෙන්න පටන් ගත්ත එක ඇරෙන්න. මේ අතරේ පාප් වහන්සේගේ සංචාරයට වැඩ පිළියෙළ කරන තැන ඔක්කොම හොර මගොඩියෝ එක්ක බෙනෙට් පියතුමන්ට වෙනවා මේ සංචාරේ සැලසුම් කරන්න. අනිත් අයගේ පිස්සු විකාර දැකලා එයා ටැටර්සල්ලගේ හැමදේම කියලා එතන කට්ටියෙග් වෙස්මූණු ටිකත් ගැලෙව්වා. ඒ කට්ටියටත් කරකියාගන්න දෙයකුත් නැතිවුණා. ඒවගේම බෙනෙට් පියතුමන්ට අර පහල මිනිස් අවයව අරං පුච්ව්පු තැනට යනවා එතනදී යක්ෂ විමානයකුත් මුණගැහෙනවා. හැමෝම උත්සහ කලේ බෙනෙට්ව මරන්න නමුත් එයා එතනින් ගැලවිලා එනවා. කේසීව ගොඩගන්න බැහැයි කියල හිතලා බේරන්ඩෙට් මව්තිමිය හැදුවේ බෙලඩෝනා කියන ශාකය දීලා එයාව මරන්න. නමුත් ඒකට මාකස් නම් ඉඩදුන්නේ නෑ. අන්තිමට තෝමස් තීරණය කලා කේසීගේ පවුලේ අයව එක්ක එන්න තීරණය කලා. අන්තිමට ඇන්ජෙලා එතනට ගියා විතරයි කේසී “ඊරි” කියාගෙන නැගිට්ටා.

කේඇන්ජෙලා ආපු නිසා එයාගේ උදව්වෙන් කේසීව සුව කරගන්නයි හදන්නේ. ඒක කරගන්න පුලුවන් වේවිද? කවුරු මේකෙන් බේරිලා කාට මේකෙන් කරදරයක් වේවිද? අනික එතකොට මේ පාප් සංචාරය කඩාකප්පල් කරන්න හදන මිනිස්සු, අර මළමිනී වලට මොනා වේවිද? අද කොටසේ ජීවිත අහිමිවීමකුත් තියෙනවා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්. ජය!!

 The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E08.HDTV.x264-LOL

The.Exorcist.S01E08.HDTV.XviD-FUM

The.Exorcist.S01E08.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                       Next Episode >>

Street (2015) with Sinhala Subtitles |විදි බල්ලා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Street (2015)

සටන් චිත්‍රපට වලට ඇල්මක් දක්වන අය වෙනුවෙන් මෙන්න අරන් අවා හොද චිත්‍රපටක්. 2015 අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටය පැය එකයි විනාඩි තිහක් වෙලාවක් ධාවනය වෙනවා. Remo Street කියන්නේ තාත්තා නැති වුනාට පස්සේ තමාගේ අම්මයි නංගිවයි බලාගන්න කෙනෙක්. දවසක් මේ කොල්ලා යනවා මත්ද්‍රව්‍ය කඩයට එතනට එන තුන් දෙනෙක්ට හදිසි මැර පහරක් එල්ලවෙනවා එකෙන් බේර ගන්නේ  Remo Street. ඒ ප්‍රහාරයට මැදිහත් වන  කෙනෙක් ඔහු මොහුට එන්න කියනවා තමන් යටතේ වැඩ කරන්න අම්මගේ ඉල්ලීමක් මත මේ කොල්ලා  යනවා ජිම් එකට වැඩ කරන්න. කොහොම හරි අර පහර දුන්නු මැරයෝ කට්ටියට මේ කොල්ලා ව හසුවෙනවා. ඔහු එතනින් පණපිටින් එලියට එන්නේ කොහොමද ?ඒ මැරයන් වෙනුවෙන් මේ කොල්ලා ට සටන් කරන්නත් වෙනවා. කොහොම හරි මේ කොල්ලා පොඩි ආදර පලහිලවුවකත් අහුවෙනවා. අන්තිමට ආදරය කරන කෙල්ලව බේරගන්න වෙන්නත් මේ කොල්ලටම තමයි. ඒ වගේම ලොකු සටනකත් අහුවෙන්න වෙනවා. ඔහු සටන් ශුරයෙක්. පුළුවන් වෙයිද මේ සටන ජයගන්න තමාගේ පවුලේ අයව බේරගන්න. ලොකු කතාවක් තියෙනවා මේ අස්සේ බලලම තේරුම් ගන්න.

එහෙනම් කතාව බලලා අදහසක් දක්වන මෙන් ඉල්ලා සිටින අතර. ඊලග මගේ උපසිරස ගැන්වෙන්නේ හින්දි චිත්‍රපටක්  Tum Bin 2 . මිට කලින් හින්දි චිත්‍රපටය කරලම නැහැ බලමු එකත් එහෙනම් !!!!

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

Street (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Street.2015.1080p.BluRay.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The X Files [S02 : E20 – “Humbug”] with Sinhala Subtitles|“ෆීජි කිඳුරා” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

The Whispers වලින් පස්සේ TV series එකක් කියල කරන්න සමීර කරුණාරත්න සහෝගෙ ආරාධනයෙන් මේ කොටස් ටික බාර ගත්තා. X files කියන්නේ කවදාවත් නොමියෙන ගනයේ TV Series එකක් කියන්න ඔයාල දන්නවා ඇතිනේ. ඉතින් අදටත් මේක බලද්දී පරණයි කියල රසයේ අඩුවක් දැනෙන්නේ නෑ මටනම්. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ මේකේ මුල season එකේම ඒ ගැන කියල තියනව.අනික මේක ගැන ඕනෑම කෙනෙක් දන්නවනේ.ඒ නිසා මන් මේ කොටසේ කතාව ගැන ටිකක් කියන්නම්.

මෑතකදී ෆ්ලොරිඩා වල වාර්තා වෙච්ච මිනීමැරුම් වගයක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි බාර වෙන්නේ.අබිරහස් විදිහට එකපාර ශරීරයට පහරදීමක් වෙලා තියන්නේ.මේ පරීක්ෂණ කරන්න වෙන්නේ සංචාරක සංදර්ශන පවත්වන කට්ටියක් එක්ක.එකේ එක එක විදිහේ අය ඉන්නවා.ඉතින් මේ අය අතුරෙන් මේ දෙන්නට පරීක්ෂණ කරන්න වෙන එක එක්තරා විදිහට අභියෝගයක්. කොහොමරි මෙයාලට දැනගන්න ලැබෙන්නේ මේ මරණ වලට ෆීජි කිඳුරෙක්ගේ සම්බන්ධයක් තියනවා කියල. කිඳුරා කියල පාවිච්චි කලාට එයාගේ පෙනුම ඔයාලට මැවෙන ජාතියේ කිඳුරෙක්නම් නෙවෙයි. 😛

මොකද වෙන්නේ කියල කතාව ඔයාලම බලන්නකෝ.ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E20.Humbug.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>


War & Peace (2016) [E02] with Sinhala Subtitles |යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

War-&-Peace-(TV-Mi-2016)-4

රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ දෙවන කොටස.

දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කෝ එතකොට පළවෙනි කොටස කියලා. කලබල වෙන්න දෙයක් නැහැ, මාස ගණනකට කළින් පළමු කොටසේ උපසිරැසිය විමුක්ති මල්ලි දීලා තිබුණා. ඒත් විමාට ඉතිරි ටික කරගන්න වේලාවක් නැති නිසා විමාගේම ඉල්ලීමකට තමයි මම මේක පටන් ගත්තේ. හැබැයි මේ කොටසෙත් පේළි ගොඩක් විමා හදලා තිබුණා. ඒ වගේම දිව උළුක්වෙන රුසියානු නම් ලැයිස්තුවත් මට එව්වා. ඒක ඉතින් ගොඩක් පහසුවක් උනා මේකට උපසිරැසි කරගෙන යන්න.

ඉතින් පළමු හා දෙවන කොටස් අතරේ තරමක කාලය ගතවීමක් තිබෙන නිසා පළමු කොටස බලපු අයට මතක් වෙන්නත් ඒවගේම නොබලපු අයව බලන්න කැමති කරගන්නත් එක්කම “යුද්ධය හා සාමය“ සහ පළමු කොටසේ සිදුවීම් ගැන පොඩි විස්තරයක් කරන්නම්.

ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ග්‍රන්ථ අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ “යුද්ධය හා සාමය“ සහ “ඇනා කැරනිනා“ යන නවකතා දෙකයි.  2009 වසරේ දී Newsweek සඟරාව හොඳම පොත් 100 ශ්‍රේණිගත කිරීමේ දී එහි පළමු තැන ලැබුණේ මේ “යුද්ධය හා සාමය“ කියන පොතට. ඒවගේම 2007 දී විශිෂ්ඨතම පොත් 10 තෝරා ගැනීමට Timeසඟරාව සිදුකළ ඡන්ද විමසීමේදී එහි තෙවන තැනට පත්වෙලා තියෙන්නේ “යුද්ධය හා සාමය“. එවිට එහි පළමු ස්ථානය ලබා ගත්තේ “ඇනා කැරනිනා“ පොතයි. ලියෝ ටෝල්ස්ටෝයි විසින් මේ කතාවේ එන නම් සකස් කරගෙන තිබෙන්නේ එකල විසූ පුද්ගලයින්ගේ නාමයන් මඳක් වෙනස් කිරීමෙන් බවත්, සමහර සිදුවීම් තම පවුලේ සාමාජිකයින් ලද අත්දැකීම් හා ඉතිහාසගත සිදුවීම් අනුසාරයෙන් ගොඩනඟා ඇති බවත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

ඉතින් මේ කතාවට පාදක වෙන්නේ 1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක්.

රුසියාවේ ධනවත්ව මිනිසා වූ බෙසුකොව් සිටුතුමාගේ අවජාතක පුත්‍රයෙක් වූ පියරේ තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. කාරුණික හදවතක් තිබෙන ඔහුට ඕන කරන්නේ ලෝකය වඩා හොඳ තැනක් කරන්න. අනෙක් අය නම් ඔහුව දකින්නේ තරමක මෝඩපහේ කෙනෙක් විදිහටයි. ඔහුගේ සමීපතම මිත්‍රයා, බොල්කොන්ස්කි පවුලේ උරුමක්කාරයා වන ඇන්ඩ්‍රේ කුමාරයා. තම වංශවත් සමාජ රටාව එපා වුණු ඇන්ඩ්‍රේට ඕන කරන්නේ සාර්ගේ හමුදාවට බැඳිලා කීර්තිය සොයා යන්න. පියරේ කුඩා කල පටන්ම හඳුනන නටාෂා, අඩු වංශවත් රොස්ටොව් පවුලේ සාමාජිකාවක්. ඇය සතුටින් ඉන්න, ඒ වගේම සැබෑ ආදරය සොයන තරුණියක්. බෙසුකොව් පවුලේ ඥාතියකු වන වැසීලි කුරගින් කුමාරයා බෙසුකොව් පවුලේ කටයුතු සොයා බලනවා. ඒ වගේම ඩෲබෙට්ස්කෝයි පවුලට බෙසුකොව්, රොස්ටොව් හා කුරගින් යන පවුල් තුන සමඟම විවිධාකාරයේ සම්බන්ධතා තිබෙනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධකම් ඔස්සේ මේ පවුල් පහේ සාමාජිකයින් මුහුණ දෙන සිදුවීම් තමයි මේ යුද්ධය හා සාමය නැමැති කෙටි නාට්‍ය මාලාවට ඇතුලත් වෙන්නේ.

පළමු  කොටසින්…….

නැපෝලියන් බොනපාට් රුසියානු සීමාව අසළට පැමිණෙන අතරේ, වැසීලි කුරගින් සමඟ වංශවතුන්ගේ සාදයකට යන පියරේ, නැපෝලියන් බොනපාට් ගැන මහා ඉහළින් වර්ණනා කරමින් තම දැක්ම ගැන ප්‍රකාශයන් සිදු කරනවා. වඩාත් ධනවත් වංශවත් පියෙක් සිටියත් අවජාතක දරුවෙක් වන පියරේට මේ හමුවේ දී උණුසුම් පිළිගැනීමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ ඇනා මිකලොව්නා, වැසීලි කුරගින් කුමාරයා හමුවෙනවා තම පුත්‍ර බොරිස් ඩෲබෙට්ස්කෝයි හට හමුදාවේ නිලධාරි තනතුරක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලමින්. නමුත් වැසීලි නම් ඒක ප්‍රතික්ෂේප කරනවා.

පියරේට තම මිතුරා ඇන්ඩ්‍රේ හා ඔහුගේ බිරිඳ ලිසේ හමුවෙනවා. ගැබිණි තමන්ව පිටිසර වෙසෙන මාමණ්ඩිය වෙත යවා ඇන්ඩ්‍රේ හමුදාවට බැඳීම ගැන නම් ලිසේගේ කිසිදු කැමැත්තක් නැහැ. නමුත් තම ජීවන රටාව එපා වී සිටින ඇන්ඩ්‍රේ තම තීරණය වෙනස් කරන්නේ නැහැ. සාදය අවසානයේ ඇනටෝල් කුරගින් විසින් රාත්‍රියේ පවත්වන මත්පැන් සාදයට පියරේට ආරාධනා කරනවා. හැබැයි ඒ අතරේ පියරේගේ ඇහැ යන්නේ නම් සුරූපි හෙලෙන් කුරගින් දෙසට.

කෙසේ හෝ අවසානයේ මොස්කව් හි සිටින මහළු බෙසුකොව් සිටුතුමා මරණාසන්නව සිටින බැවින් ඔහු බලන්නට යාමට තමන් සමඟ එන ලෙස වැසීලි කුමාරයා පියරේට කතා කරනවා. මොස්කව් වෙත ළඟාවන විට තම පියා බැලීමට නොගොස් පියරේ තම පැරණි මිතුරිය වූ නටාෂා දකින්නට යනවා ඒ බොරිස් ඩෲබෙට්ස්කෝයි සමඟ වන ඇගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේ දී.

ඒ අතරේ ඇනා මිකලොව්නා විසින් තම පැරණි යහළුවන් අතරේ විනෝදවන පියරේව ඔහුගේ පියාව දැකීමට කැඳවාගෙන යනවා. නමුත් පියරේව මහළු බෙසුකොව් සිටුතුමා හට මුණ ගැස්වීමට වැසීලි කුමාරයා හෝ කැටිශ් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ විශාල ධනස්කන්දය පියරේට අහිමි කිරීම සඳහා. ඒත් ඇනා මිකලොව්නා බලහත්කාරයෙන්ම පියරේව ඔහුගේ පියාට මුණගස්වනවා. මේ හමුවීමෙන් සතුටට පත්වන මහළු බෙසුකොව් සිටුතුමා පසුව මිය යනවා. එවිට කැටිශ් ඔහුගේ අවසන් කැමැත්ත සොරා ගන්නවා. නමුත් ඇනා මිකලොව්නාගේ උත්සාහය නිසාම පියරේ අතිවිශාල ධනස්කන්දයකට උරුමක්කාරයා වෙමින් බෙසුකොව් සිටුතුමා බවට පත්වෙනවා. මේ උරුමයත් සමඟම වංශවත් සමාජය තුළට පියරේව බොහොම ඉහළින් පිළිගන්නවා.

ඇන්ඩ්‍රේ කුමාරයා තම බිරිඳ පිටිසර වෙසෙන තම පියා සහ සහෝදරිය ළඟ නවතා යුද්ධයට සහභාගිවීමට යනවා.නිකොලායි රොස්ටොව් හා බොරිස් ඩෲබෙට්ස්කෝයි ද හමුදාවට බැඳෙනවා. යුද්ධයෙන් රුසියානුවන්ට දැඩි හානි සිදුවුනත් ඔවුන් යුද්ධය දිගටම කරගෙන යාමට උත්සාහ කරනවා. මේ අතරේ පියරේට ඔහුගේ උරුමය පිළිබඳ උපදෙස් දෙමින් වැසීලි කුමාරයා උත්සාහ කරන්නේ තම දියණිය වූ හෙලෙන් කුරගිනා පියරේ වෙත විවාහ කර දෙන්න. ඉතින් මේ උත්සාහය සාර්ථක වෙමින් පියරේ නොදැනම හෙලෙන් හා විවාහ ගිවිස ගන්නවා. මේ තමයි පළමු කොටසේ සිදුවීම් බොහොම කෙටියෙන්.

දෙවන කොටසින්….

අද කතාව පටන් ගන්නේ පියරේ සහ හෙලෙන්ගේ විවාහ මංගල්‍යයෙන්. ඒ වගේම වැසීලි කුමාරයා තම පුත්‍රයා වු ඇනටෝල් කුරගින්ගේ විවාහය සඳහා ධනවත් කුමාරිකාවක් වූ ඇන්ඩ්‍රේගේ සොයුරිය වූ මාර්යා වෙත යෝජනාවක් ගෙන යනවා. ප්‍රංශය හා රුසියාව අතර යුද්ධයත් බොහොම දරුණුවට සිදුවෙනවා. ඒ අතරේ පියරේ ද්වන්ධ සටනකට අභියෝග කරනවා. තවත් බලාපොරොත්තු නොවූ සිදුවීම් පෙළක් තිබෙනවා. මේ සියල්ල කියනවට වඩා බලන එක තමා රසවත්. ඉතින් එකතු වෙන්න දෙවන කොටස සමඟින්…

 Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

War.and.Peace.2016.S01E02.HDTV.XviD-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                        Next Episode>>

Call of Heroes AKA The Deadly Reclaim (2016) with Sinhala Subtitles |වීරයන්ගේ කැඳවීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Call of Heroes (2016)

සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට Louis Koo, Ching Wan Lau, Eddie Peng, Jing Wu ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයත් 6 කට වඩා ගන්න සමත්වුණු සුපිරි චීන ක්‍රියාදාම ෆිලුමක් මේක.

කතාව ගැන චුට්ටක් කියන්නම්කො. 20 වෙනි ශතකේ මුල්ම කාලයේ වගේ චීනයේ උතුර, දකුණ දරුණු යුදගැටුම් ඇතිවුනා. උතුරේ ජෙනරාල් කාඕ තමයි දරුණුම. එයාටත් වඩා එයාගේ පුතා. එයාට ඇත්තටම මරන්න තියෙන්නේ ආසාවක්. ලොකු පොඩි කියලා නෑ, ඕනම අහිංසක කෙනෙක් එයාට හිතුන ගමන් මරනවා. එයාට මරන්න හේතුවක් ඕන නෑ. ඉතින් ඔය යුද්ධ වෙන කාලේ චීනයේ තියෙන පූචෙන්ග් කියන පළාතටත් මේ කාඕගේ පුතා එනවා. පූචෙන්ග්වල හමුදාවත් යුද්ධයේ ඉදිරි පෙලට යවලා තිබුණු නිසා, මේ නගරේ ආරක්ෂා කරගන්න එක මේ පළාතේ ඉන්න ප්‍රාදේශීය ආරක්ෂකයන්ගෙ උරමත තමයි පැටවෙන්නේ. තව එකී නොකී කතා ගොඩක් තියෙනවා, ඒත් වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙනවනේ. ඉතින් ඒ නිසා මේ පූචෙන්ග් නගරය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද, පළාතේ හමුදාව ආයේ උදව්වට එයිද, නැත්නම් වෙන කවුරුහරි උදව් කරයිද, අහිංසක මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් වෙයිද, පළාතේ ආරක්ෂකයින් මේ කාඕගේ සේනාවට කොහොම මුහුනදෙයිද කියලා දැනගන්න ඔයාලත් ෆිලුම අරගෙන බලන්නකෝ.

මේ ෆිලුම ලබාදීම සම්බන්ධවත් මම සමන් ප්‍රසාද් සහෝදරයට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නයි හදන්නේ. මේ ෆිලුමට ලින්ක්ස් හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් පහතින් දාල තියෙන ෆේස්බුක් ගිනුම හා සම්බන්ධ වී විමසන්න. ඔබට ජය…!

අදාළ පිටපත්

  • Call.of.Heroes.2016.720p.WEB-DL.850MB.Ganool
  • Call.of.Heroes.2016.CHINESE.1080p.WEBRip.x264.AAC2.0-FGT
  • Call.of.Heroes.2016.1080p.WEB-DL.x264.AAC-HQC
  • Call.of.Heroes.2016.WEBRip-AVC.DVO.1.45Gb.stalkerok.new-team.mkv
  • INDOXXI.COM[Call-of Heroes]-SD.360p

Call of Heroes (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත සඳහන් පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Knight Rider (2008–2009) [S01 : E05] with Sinhala Subtitles |හඹායන දඩයක්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් සහ කිට්ට සම්පූර්ණ කරන්න ලැබුණ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා. ඒ වගේම මෙහයුම සම්පූර්ණ කලත් මයිකල් 99 න් තමන්ගේ ජීවිතේ බේරා ගත්තා කිව්වොත් හරි.

අද එපිසෝඩ් එකේදි මයිකල්ට භාරවෙන මෙහෙයුම තමයි පෞද්ගලික හමුදාවක් මෙහෙයවන වෝල්ට් කූප්ටන් ගැන විස්තර හොයලා බලන එක. මොකද කූප්ටන් කියන්නේ රජයට විරුද්ධව වැඩකරන අන්න්තවාදී කණ්ඩායමක නායකයෙක් කියලා ලැබෙන තොරතුරුත් එක්ක.

ඒත් ඇත්තටම මේ කූප්ටන් කියන්නේ කවුද ? අන්තවාදී කණ්ඩායමක් කියලා කිව්වට ඇත්තටම මොනවද මේ කණ්ඩායම කරන්නේ? මෙන්න මේ තොරතුරු කිට් සහ මයිකල් හොයා ගන්න ආකාරය සහ ඒවා හොයාගන්න අතරතුර කිට්ට සහ මයිකල්ට මුහුණපාන්න වෙන කරදර මොනවද කියලා බලාගන්න පුළුවන් ඔයාලාට මේ එපිසෝඩ් එකේදි.

එහෙනම් ආයෙමත් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. එතකල් හැමෝටම ජය…!!! වැරදි අඩුපාඩු තියේනම් ඒවත් කොටාගෙනම යන්ට.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight Rider – 1×05 – Knight of the Hunter.HDTV.LOL

Knight.Rider.2008.S01E05.Knight.Of.The.Hunter.DVDRip.XviD-SAiNTS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

The Batman [S03 : E03] with Sinhala Subtitles |බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් නෑ අපි කතාව පැත්තට එමු.

මේ වෙද්දි බැට්මෑන් ගොඩක් දුර ඇවිල්ලා. තනියෙන් පටන්ගත්ත අපරාධ වලට විරුද්ධව කරන සටනට දැන් සහයෝගයට බැට්ගර්ල් ඉන්නවා. (පිස්සු කෙල්ලෙක් නම් තමා, අඩුම ගාණේ නමට හරි ඉන්නව නෙ 😛 ) ඒ වගේම පොලිස් අධිකාරී ගෝර්ඩන් ඉන්නවා බැට්මෑන් ගේ උදව්වට. මම Commissioner කියන එක කොමසාරිස් නොකියා අධිකාරී කෑල්ලක් දැම්ම එකට කට්ටිය අවුල් ගිහින්ද දන්නෑ. මම කොමසාරිස් කියලා නොදැම්මේ, ලංකාවේ නම් කොමසාරිස් ලා නෑ නිසා. පොලිස් අධිකාරී වරු ඉන්නවා. (ෂුවර් නැත්නම් Google කරලා බලන්නකො 😀 )

අද කතාව මෙහෙම එකක්, ඔයාලා හිතුවොත් මෙහෙම… බෲස් වේන්ට එයා බැට්මෑන් කියලා අමතක වුණොත් මොනා වෙයිද? පෙන්ගුයින් ගෙ පස්සෙන් පියාඹන්න ගිහින් බැට්මෑන් ට හරිම ජරමරයක් වෙනවා. එයාගෙ ඔළු ගෙඩිය වැදිලා වතුරට වැටෙනවා. ඒක නිසා එයාගේ තාවකාලික මතක අහිමි වීමක් වෙනවා. බැට්මෑන් ට හැමදේම මතක තිබුණත් එයාට බැට්මෑන් කියන්නේ තමන් බව අමතකයි. ඕන්න වැඩේ. කොහොමද ඊට පස්සේ කතාව යන්නේ කියලා ඔයාලම බලාගන්නකො. ගිහින් එන්නම් යාළුවනේ. ජය වේවා!!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Z Nation [S03 : E10] with Sinhala Subtitles |එයා දැන් ලොකු ලමයෙක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Z Nation S3-2

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ලබන සතියෙන් පස්සේ දිර්ඝ  නිවාඩුවකුත් Z Nation වලට එනබව මතකයේ තියාගන්න.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Z.Nation.S03E10.HDTV.x264-FLEET

Z.Nation.S03E10.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                       All Episodes                      Next Episode >>

Viewing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>