Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all 2655 articles
Browse latest View live

Mahal (1949) with Sinhala Subtitles |මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Mahal (1949)

එදා මෙදාතුර හින්දි සිනමාවේ ගමන් මාර්ගය වෙනස් කිරීමට දායක වූ චිත්‍රපට, ගණනින් අතළොස්සකි. ඒ අතරට අනිවාර්යයෙන් ම එකතු වන නිර්මාණයක් වශයෙන් 1949වර්ෂයේ තිරගත වූ මැහැල් චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය. එක්තරා යුගයක හින්දි සිනමාවේ විශේෂ අවධානයට බඳුන් වූ කමල් අම්රෝහි නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කෘතිය, අශෝක් කුමාර් නම් ප්‍රවීණ රංගවේදියා විසින්නිෂ්පාදනය කරන ලද්දකි. එසේම, බිමල් රෝයි නම් විශිෂ්ට සිනමාකරුවා මෙහිසංස්කරණ කටයුතු සඳහා දායක වී තිබීම ද විශේෂත්වයකි.

චිත්‍රපට ඇගයීමේ ක්‍රමවේද හින්දි සිනමාව තුළ බිහිව නොතිබූ පැරණි යුගයක නිර්මාණය වූවක් බැවින්, මැහැල් චිත්‍රපටයට අන් කිසිදු සම්මානයකට හිමිකම් කිව නොහැකි වුවත්,ජනතා සම්මානය නම් නොඅඩුවම ලැබී ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එය, උක්ත වර්ෂයේ වැඩිම ආදායම් ලැබූ හින්දි සිනමා නිර්මාණ අතර ඉදිරියෙන් ම පවතින්නකි. එසේම, වර්තමානයේ පවා හින්දි සිනමා රසිකයන් විසින් ආදරයෙන් වැළඳ ගනු ලබන කෘතියක් බවට පත්ව ඇත්තේ, මෑත යුගයේ නිර්මාණය වන සමහර සිනමා නිර්මාණ පවා රසිකයන්ගේ මතකයෙන් ගිලිහෙත්දී ය.

සිංහල උපසිරැසි යෙදීම සඳහා මැහැල් චිත්‍රපටය තෝරා ගැනීමේදී මම කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළෙමි. ඉන් පළමුවැන්න නම්, හතළිහ සහ පනහ දශක දෙක අතරතුර කාලයේ හින්දි සිනමාවේ සිදුවූ යුග පරිවර්තනය සඳහා මෙම කෘතියෙන් ලැබුණු දායකත්වයයි. සැබැවින්ම, ගලා යන රිද්මය සහ දර්ශන යොදා ගැනීමේ ක්‍රමවේදය ආදී කරුණු පිළිබඳව සලකා බලන විට මැහැල්හි රූප රචනය වඩාත්ම සමීප වන්නේ හතළිහ දශකයේ ජනප්‍රිය වූ රත්තන්, අන්මෝල් ඝඩී, අනෝකිඅදා වැනි චිත්‍රපටවලට නොව, වසර දෙදහසින් පසුව එළඹුනු වර්තමාන යුගයේ නිර්මාණය වන චිත්‍රපටයක රූප රචනයට බැව් සිතේ. එසේම, සිනමාව යනු දෘශ්‍ය මාධ්‍යයක් බව මැනැවින් වටහා ගනිමින් රූපයටත් ඒ හා බැඳුණු ශබ්දයටත් මූලිකත්වය ලබා දීමට නිර්මාණකරුවා කටයුතු කර ඇත්තේ සවිඥානිකව ම ය. හඬ සහ උපසිරැසිවලින් තොරව මෙම නිර්මාණය රස විඳින්නේ නම්, එම උත්සාහය කොපමණ සාර්ථක වී ඇත්ද යන්න වටහා ගැනීමට හැකි වනු ඇත.

අද්භූත කතා ශෛලිය” (Horror) දකුණු ආසියාවට අරුමයක් නොවූවත්, මැහැල්තිරගත වන තුරුම හින්දි සිනමාව තුළ මේ සම්ප්‍රදායේ චිත්‍රපටයක් නිර්මාණය වී තිබුණේ නැත. හින්දි සිනමාවේ මතු නොව, සමස්ත දකුණු ආසියාවේ ම පළමුවැනි අද්භූත චිත්‍රපටය බවට පත් වීමේ ගෞරවය හිමි කර ගන්නා අතර ම, එතෙක් රජ කතා, දේව කතා, ප්‍රේමකතා ආදී සීමිත වට්ටෝරුවක් තුළ සිරව තිබූ හින්දි සිනමාවට අලුතින් කතා සම්ප්‍රදායක් හඳුන්වා දීමෙන් එහි නිම්වළලු පුළුල් කිරීමට මෙම කෘතිය තුළින් ලැබුණු දායකත්වය අතිශයින් ම වැදගත් ය. එසේම, මෙවැනි චිත්‍රපටයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයක් වන කුතුහලය රඳවා ගැනීම අතින් ද එය මනා සාර්ථකත්වයක් දක්වා ඇත. කතා සන්දර්භයේ අඩුපාඩු හේතුවෙන් යම් යම් අවස්ථාවල ඉස්මතුවනඅවිශ්වාසනීයත්වය නොතකා ප්‍රේක්ෂකයන් තව දුරටත් චිත්‍රපටය සමග ඉදිරියට රැගෙන යන්නේ එහි රූප රාමු තුළින් ජනනය කෙරෙන කුතුහලයයි.

මැහැල් චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි මුල් මිනිත්තු විස්සක පමණ කාලය, එනම්, අයෙගා ආනේවාලා ගීතයේ අවසානය දක්වා දර්ශන පෙළ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළ යුතු යැයි මා සිතන්නේ, එය, මෙතෙක් හින්දි සිනමාවේ මා දුටුප්‍රබල ම රූප රචනා අතරින් එකක් වන බැවිනි. කුණාටු සහිත රාත්‍රියකින් ආරම්භ වන මේ දර්ශන පෙළ, චිත්‍රපටය පටන්ගැන්මේදී ම ප්‍රේක්ෂකයා තම ග්‍රහණයට නතු කරගැනීමට සමත් වනවා සේම, විලම්බ ළයෙන් ගැයෙන ගීයක් පරිද්දෙන් රිද්මයානුකූලව, ගීතවත්ව ඉදිරියට ගලාගෙන යන්නේ, ප්‍රේක්ෂකයා මත යෙදුණු ග්‍රහණය මදක් හෝ ලිහිල් නොකරමිනි. සැබැවින්ම, අද්භූතභාවය තීව්‍ර කිරීමට කුණාටු සහිත රාත්‍රියක් යනු උචිත තෝරා ගැනීමකි. රාත්‍රියේ සුළං හමන නාදය, සුළඟට ලෙලදෙන දොර ජනෙල් තිර රෙදි, හඬ නගා වැසෙන දොරවල් ආදිය ස්වභාවිකත්වය ඉක්මවා නොයමින් අද්භූතභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත. කටවහරින් ගෙන මනාකොට සකස් කෙරුණු දෙබස් කාව්‍යාත්මක ය. යමුනා නදියේ යාත්‍රා කෙරුණු ඔරුවක් අරභයා කියැවෙන ආදර යාත්‍රාව ගමනාන්තයට ලඟාවෙන අතරේ…යනාදි යෙදුම් අපූර්ව චමත්කාරජනක හැඟීමක් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ මැවීමට සමත් ය.

අයෙගා ආනේවාලා ගීතයෙන් ද කෘතියට ලැබෙන්නේ මහත් ආලෝකයකි. ගිනි දලුවක් නැතිව පළඟැටියකු පිළිස්සී මිය යන්නාක් සේම, තොටියකු රහිත ඔරුවක් ඉවුර සොයා යාත්‍රා කරන්නාක් සේම, ගායනා කරන්නියක නැතිව ගැයෙන මෙම ගීතයෙන් ද ජනිත වන්නේ අද්භූතභාවයයි. අදෘශ්‍යමාන ගායිකාව සොයා මන්දිරයේ කාමරයෙන් කාමරයට, සඳලුතලයෙන් සඳලුතලයට යන ශංකර්නම් නිවෙස් හිමිකරුගේ දෘෂ්ටිකෝණයෙන් රූ ගත වී ඇති දර්ශන පෙළ, හොල්මන් මන්දිරයක තනි වූ ඔහුට දැනෙන හැඟීම ම ප්‍රේක්ෂක මනස් තුළ ද ජනිත කරයි. සුලඟට සෙලවෙන සිවිලිම් ලාම්පුව, තනිව පැද්දෙන ඔන්චිල්ලාව, ඉබේ ක්‍රියාත්මක වන වතුර මල, කළු බළලකුගේ දිවයාම ආදිය උක්ත හැඟීම් තීව්‍ර වන පරිදි නිර්මාණාත්මකව යොදාගෙන ඇත. ගීතය අවසාන වන්නේ ප්‍රේක්ෂකයා අද්භූතභාවයේ තීව්‍ර ස්ථානයක් වෙත ළඟා කරමිනි. කෙසේ වුවත් මධුබාලාගේ මුහුණ ප්‍රේක්ෂකයන් හමුවේ දර්ශනය කරවීමට ඇය හා ශංකර් මුහුණට මුහුණ මුණ ගැසෙන අවස්ථාව වන තුරු කල් ගත්තේ නම්, මෙම දර්ශන පෙළ වඩාත් සාර්ථක වන්නට ඉඩ තිබිණැයි සිතේ.

හින්දි සිනමාවේ යුගයක් නිරූපනය කළ ප්‍රතිභාපූර්ණ ශිල්පිනියන් දෙදෙනකු සිනමාව තුළ ස්ථාවර කිරීම මැහැල් චිත්‍රපටයෙන් සිදු වූ තවත් වැදගත් කර්තව්‍යයක් ලෙසින් හඳුනාගත හැකි ය. හින්දි සිනමාවේ වීනස් දෙව්දුව ලෙසින් විරුදාවලී ලත් මධුබාලානම් නිළිය ඉන් එක් අයෙකි. මීට පෙර, 1947 වර්ෂයේ තිරගත වූ නීල් කමල් චිත්‍රපටයේරාජ් කපූර් සමග කරන ලද රංගනයෙන් එක්තරා මට්ටමක ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ඇය, මැහැල්හි කරන ලද රංගනයෙන් අසීමිත ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමිකර ගැනීමට සමත් වන්නී ය. පසුව, 1950 දශකයේ වඩාත්ම ජනප්‍රිය නිළියන් ත්‍රිත්වයටද ඇතුළත් වීමට තරම් වාසනාවන්ත වූ ඇය මැහැල් චිත්‍රපටයෙන් ආරම්භ කළ ගමන නිමා කරන්නේ ඇයගේ මරණින් පසුව ය.

භාරත ගීත කෝකිලාව ලෙස විරුදාවලී ලත් ලතා මංගේෂ්කාර් ප්‍රතිභාපූර්ණ ගායිකාවක ලෙස ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වන්නේ ද මැහැල් චිත්‍රපටයේ අයෙගා ආනේවාලා ගීතය ගායනා කිරීමෙන් පසුවය. චිත්‍රපට තිරගත වීමට ප්‍රථම ඒවායේ ඇතුළත් වන ගීත ඉන්දියානු ගුවන්විදුලිය ඔස්සේ විකාශය වීම එකල තිබූ ප්‍රවණතාවකි. පළමුවරට මෙම ගීතය විකාශය වන අතරතුර කාලයේ එහි ගායිකාව පිළිබදව විමසමින් පැමිණි දුරකථන ඇමතුම් සංඛ්‍යාව ගුවන්විදුලියට දරාගත නොහැකි වූ බැව් පැවසේ. මෙහි එන අයෙගා ගීතය ගායනා කිරීමේදී එවක අතිශය ජනප්‍රියව සිටි සම්ෂාඩ් බේගම් නම් ගායිකාවගේ ගායන ශෛලිය අනුකරණය කිරීමට ලතාට බල කෙරුණු බැව් කියැවේ. කෙසේ වුවත්, පසු කලෙක ඇය තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් සකස් කර ගැනීමට සමත් වන්නී, වර්තමානයේ පවා අඩු නොවූ ජනප්‍රියත්වයක් රඳවා ගැනීමට සමත්ව සිටින්නී ය. රාජ්කුමාරී ඩුබේ නම් ගායිකාව මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් ගීත ගායනා කරන අතර, එම ගීත ද අතිශයින් ම ජනප්‍රිය ය.

අනෙකුත් සෑම කලාවක් සේම සිනමාවද රසිකයන් මත රඳා පවතින්නකි. රසිකයෝ බුද්ධියෙන්, රසඥතාවයෙන් විවිධාකාර වන්නා සේම, ඔවුහු විවිධත්වය ද ප්‍රිය කරති. එබැවින්, සිනමාවේ ප්‍රගමනය උදෙසා නිර්මාණකරුවා සැම විටම නව මානයන්සොයා යා යුතුව ඇත. එසේ නොවූ තැන ඔහුගේ නිර්මාණ ජන සමාජය තුළින් ප්‍රතික්ෂේප වීමට ලක්වේ. කවර බුද්ධි මට්ටමක, කවර රසඥතාවක පිහිටා සිටියද අපි සියල්ලෝමසරල රස වින්දනය ප්‍රිය කරන්නෝ වෙමු. සිනමාව වෙත බහුතර ප්‍රේක්ෂකයා බැඳ තබා ගැනීමට නම් සරල වින්දනය සපයන නිර්මාණ අත්‍යවශ්‍ය වන අතර එසේ නොවූ තැනරසිකයා ක්‍රමයෙන් සිනමාවෙන් ඈත්වන්නට පටන් ගනියි. එබැවින්, සිනමාවේ උන්නතිය සඳහා වාණිජ යැයි නම් කෙරෙන සිනමා කෘතීන්ගෙන් සිදුවන සේවය කිසිසේත් ම අවතක්සේරු නොකළ යුතු ය. වාණිජමය සාර්ථකත්වයක් අත් කර නොගන්නා කවර හෝ සිනමාවක් තුළ විශිෂ්ට නිර්මාණ බිහිවිය නොහැකිය යනුවෙන් මගේ සිත තුළ ඇති වූ අදහස, විශිෂ්ට වාණිජ චිත්‍රපටයක් වූ මැහැල් කෘතිය, සිංහල උපසිරැසි යෙදීම සඳහා තෝරා ගැනීමට තුඩු දුන් දෙවන හේතුවයි.

මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ට අතිරේකව යථාර්ථයෙන් මිදීම යනුවෙන් තවත් වැදගත් අවශ්‍යතාවක් ඇති බවට දාර්ශනික ප්‍රකාශයක් වේ. එම ප්‍රකාශය සත්‍යයක් ලෙස ගන්නේ නම්, සමාජයට හෝ පුද්ගලයාට හානියක් නොවන පරිදි, උක්ත අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා සිනමාව යොදා ගැනීම වරදක් නොවන බැව් මා සිතන්නේ කලාව මිනිසාගේ ප්‍රගමනය සඳහා භාවිත විය යුත්තක් බවට දැඩිව අදහන බැවිනි. කිසිදායථාර්ථයක් නොවන මායා ලෝක සිනමාව තුළින් දකින්නට මිනිස්සු ප්‍රිය කරන්නේ එයින් ඔවුන්ට මානසික සුවයක් අත්වන බැවිනි. එසේම, ඒ තුළින් ඔවුන්ගේ මනසට කිසියම් ශාන්තියක් ද අත්වන බැව් පැවසීම අසත්‍යයක් නොවේ. සැබැවින්ම, විශිෂ්ට විනෝදාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් සැලකිලිමත් විය යුතු මනෝ විද්‍යානුකූල කාරණා පිළිබඳව අවධානය යොමු කරන විට, වඩා අපහසු යැයි සිතමි.

උපසිරැසි යෙදීම සඳහා පිටපත් තෝරා ගැනීමේදී මම මැහැල් චිත්‍රපටයේ, “Mahal”යන තනි නමින් පමණක් යූ ටියුබ්හි ඇති, පැය 2 මිනිත්තු 27 තත්පර 50”ක් දිගැති පිටපතත්, පැය 2 මිනිත්තු 21 තත්පර 37”ක් දිගැති “Mahal 1949 ~ Phantom.DaX@desibbrg.com” සහ පැය 2 මිනිත්තු 23 තත්පර 01”ක් දිගැතිMahal 1949 1CD DVDRip x264 AAC Esubs [TMB]  නම් යූ ටියුබ් නොවනපිටපත් දෙකත් භාවිත කළෙමි. මේ තුනම චිත්‍රපටයේ සම්පූර්ණ පිටපත් වුවත්, පළමුසහ අවසානයට දැක්වූ පිටපත් වඩාත් හොඳ බැවින් නැරඹීමට වඩාත් සුදුසු බව නිර්දේශ කරමි.

මා අතිශයින් ම ප්‍රිය කරන මැහැල් හින්දි චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසි සකස් කොට ඔබ වෙත ගෙන එන්නට ලැබීම මගේ භාග්‍යයක් ලෙස සලකමි. මගේ නිර්මාණ සඳහා ධෛර්යය ලබාදෙන සියලු සහෘද හිතවතුන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. මෙම විශිෂ්ට නිර්මාණය අපවෙත තිලිණ කළ කමල් අම්රෝහි සහ බිමල් රෝයි යන සිනමාවේදීන් දෙදෙනාටත්,  මගේ දොළොස්වන නිර්මාණය වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscopelk.com වෙබ් අඩවියටත් ස්තූතිය පුද කරන අතරම, ප්‍රේමකුමාර ගම්ලත් නම් නොදුටු හිතවතා විසින් මගේ බංදිනි උපසිරැසිය අරභයා පළ කරන්නට යෙදුණු අදහසක් වෙත ඔබගේ අවධානය යොමු කරමින් මෙම ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.

පුරාණමිත්‍යෙව න සාධු සර්වං න චාපි කාව්‍යං නවමිත්‍යවද්‍යම්, සන්තඃ පරීක්ෂ්‍යන්‍යතරද් භජන්තෙ මූඪඃ පරප්‍රත්‍යයනෙය බුද්ධිඃ මෙය ඔහුගේ මාලවිකා නාට්‍යයේ එන ප්‍රකාශනයකි. මෙහි අරුත මෙසේය. පරණ වූ තරමින් හැම කාව්‍යයක් ම හොඳ නැත. අලුත් නිසා වරද සහිත යැයි ද කිව නොහැකිය. බුද්ධිමතා මේ දෙකම පරීක්ෂා කොට බලා සුදුස්සක් ගනියි. අනුන්ගේ තීරණවලින් සතුටු වී නිශ්චයකට බැසගන්නා තැනැත්තා මෝඩයෙකි බුද්ධිමතා නව-පැරණි භේදය නොසැලකිය යුතුය. රස නීරස භේදය ම සැලැකිය යුතුය.

Mahal (1949) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mahal 1949 ~ Phantom.DaX@desibbrg.com  [848.38 MiB (889594742 Bytes) ]

Mahal 1949 1CD DVDRip x264 AAC Esubs [TMB]  [707.24 MiB (741600004 Bytes)]

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Marvels Luke Cage [S01 : E10] with Sinhala Subtitles |අතීතය සොයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marvels-Luke-Cage

ඔන්න එහෙමනම් අරන් ආවා දහවන කොටසත්. ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනේ. හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මං වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද ලූක් කේජ්ට විරුද්ධව මරියා සංවිධානය කරනවා විශාල රැළියක්. එකට හේතුවෙන්නේ පොලිසිය ලූක්ව හොයන්න ගිහින් ළමයෙක්ට පහරදෙන එක. එහෙනම් මේ ඇතිවෙයි. වැඩි යමක් කියන්න යන්නේ නැහැ, බාගෙනම බලන්නකෝ.

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E10.WEBRip.x264-SKGTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සහ “යසිරු හසරංග” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

The Walking Dead [S07 : E05] with Sinhala Subtitles |හිල්ටොප් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Walking Dead S7-2

වෙනද විමා අරන් එන “The walking dead” කතාමාලාව අරන් ආව ඔන්න. විමාට අධ්‍යාපන වැඩක් කියල තමයි ආරංචිය. ලබන සතියෙ තවත් සහෝදරයෙක් අරන් එයි.

මේ සතියෙ කොටස ගෙවෙන්නෙ හිල්ටොප් වල වෙන සිදුවීම් වටා. කට්ටියට මතක ඇති මේ කතා සමයෙ පළවෙනි කොටසෙ නීගන්ගෙන් තෑගි ලැබුණ ග්ලෙන්ගෙන් වෙන්වුන මැගී සාෂා එක්ක හිල්ටොප් දක්වා ගමන්ගන්නව. හිල්ටොප් පවා නීගන්ගෙ ආධිපත්‍යයට අහුවෙලා ඉවරයි. ඒ නිසා හිල්ටොප්වල පාලකයා, ග්‍රෙගරි මැගීවයි සාෂාවයි තියාගන්න ප්‍රතික්ෂේප කරනව. එහෙම පාලකයගෙ අකමැත්ත ප්‍රකාශ වෙද්දි නීගන්ගෙ සහචරයින්, ඒ කිව්වෙ නීගන්ලා. 😉 හිල්ටොප් වලට එනවා. ග්‍රෙගරි දන්නව මැගී හිල්ටොප් වල ඉඳල නීගන් දැනගත්තොත් ඒක හිල්ටොප්වල අවසානය කියල.

වෙනදා විමාගෙ ලිපිය තරම් රසවත් ලිපියක් නම් නෙවෙයි. 😀 කොහොම වුනත් උපසිරැසිය බාගත කරන ගමන් කමෙන්ටුවක් දීගෙන යන්න. එහෙනම් මම සමුගන්නව. ජය!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Walking.Dead.S07E05.INTERNAL.720p.HDTV.x264-KILLERS

The.Walking.Dead.S07E05.INTERNAL.HDTV.x264-FUM

මෙම උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                       All Episodes                        Next Episodes >>

Algorithm (2014) with Sinhala Subtitles |හැකර් කෙනෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Algorithm (2014)

හිතුවෙවත් නැති ඉක්මනට තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම සබ් කරන්න හිටපු ෆිලුමක් නම් නෙවෙයි. අපේ චාමික ඉසුරුවන් සහෝදරය තමයි ෆිලුම භාරගෙන තිබුණෙ. ඒත් එයාට වෙලාවක් නෑ කියල මේක අනිත් ටික කරන්න කියල මට දුන්න. කොහොමින් කොහොමහරි මේක දැන් තමයි දෙන්න පුලුවන් උනේ. හරි ඒ කතා පැත්තකින් තියල ෆිලුමෙ කතාවට යමුකො

ඉතින් මේක මාතෘකාවනම් ඔයාල කැමති මාතෘකාවක් බව මම දන්නව. හැකර් කෙනෙක් කියන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් කැමති චරිතයක්. හැක් කරන එක නරක වැඩක් උනාට ගොඩක් දෙනෙක් හැක් කරන්න කැමතියිනෙ. මේකෙත් තියෙන්නෙ තවත් හැකර් කෙනෙකුගේ කතාවක්. මේක ඉන්න ප්‍රධාන හැකර්ගෙ නම තමයි විල. එයා නිකන් වෘත්තීමය හැකර් කෙනෙක්. මොකද එයා විවිධ අයගෙ දේවල් හැක්කරල සල්ලි හොයාගන්නව. ඉතින් මෙයා බොහොම දක්ශ හැකර් කෙනෙක්. ඒ වගේම මෙයා කිසිදු පාර්ශවයකට පක්ශ හැකර් කෙනෙක් නෙවෙයි. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා අහම්බයෙන් හොයාගන්නව රජයේ රහසිගත වැඩසටහනක්. ඉතින් එයා ඒක හැක් කරල ඒකට අතුල් වෙනව

හරි ඉතින් හැකර් කෙනෙක්ගෙ කතාවක් නිසා කුතුහලයකුත් තියෙන්න එපැයි. ඔයාලම ෆිලුම බලල ඉන්නකො. මේක එච්චර ප්‍රසිද්ධ ෆිලුමක් නොවුනට හොදම ගණයේ කතාවක් තියන ෆිලුමක්. අවසාන වශයෙන් හැක් කරන්න ආස හිතුණට හැක් කරන එක වැරදි වැඩක් කියන ගමන් අදට සමුගන්නවතවත් උපසිරසියකින් හමුවෙමු

…මම වටපිට බැලුවම මම සීමා තාප්ප අගුල් මොනවත් දකින්නේ නෑ…

ජය

Algorithm (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සහ “චාමික ඉසුරුවන්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

The X Files [S02 : E21 – “The Calusari”] with Sinhala Subtitles|“ආත්මයේ වියරුව” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා 😀 .

කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක වෙන්නේ කවුරුවත් හිතන්නේ නැති විදිහකට. එයාගේ අම්මා එයාට යන්න බැරිවෙන්න ආරක්ෂාවට බඳ පටියකින් සින්ක් එකේ බැඳලා බැත්රූම් එකට යනවා.එලියට එද්දී ළමය නෑ. එයා බැලුමක් පස්සේ ඇවිදගෙන යනවා දකිනවා. බැලුම් යන්නේ අහසේ උඩ අතට වුනත් මේ බැලුම යන්නේ හරහට. ඒකත් හුලන් හමන දිශාවට ප්‍රති විරුද්ධ පැත්තට.ඒ බැලුම නවතින්නේ රේල් පාරේ. එවලේම සෙල්ලම් කෝච්චිය ඇවිත් රියදුරාට කෝච්චිය නවත්තගන්න බැරුව ළමයා යට වෙලා මැරෙනවා.මේක හදිසි අනතුරක් වගේ පෙනුනට විය නොහැකි සිදුවීම් තියන නිසා ස්කලීටයි මෝල්ඩර්ටයි පරීක්ෂා කරන්න වෙනවා. මරණ එතනින් නවතින්නෙත් නෑ.කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල ඔයාලා කතාව බලලම දැනගන්නකො.

ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E21.The.Calusari.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

1983 (2014) with Sinhala Subtitles |තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

1983 (2014)

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල තමයි සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල් වලින්. රමේශන්ගේ තාත්තාගේ හීනය එයාව ඉංජිනේරුවෙක් කරන එක. රමේශන්ගේ වැඩේ දවසෙම යාළුවෝ එක්ක ක්‍රිකට් ගහන එක. රමේශන්ගේ පාසල් ජීවිතේ ඔය විදිහට ගතවෙලා යනවා. රමේශන්ට ලස්සන ආදර කතාවකුත් තිබුණා. ඉතින් එතනින් පස්සේ මොනවද උනේ. රමේශන්ගේ තාත්තා හිතපු විදිහට එයා ඉංජිනේරුවෙක් වෙයිද? නැත්නම්.?? රමේශන්ට ඉන්නේ නියම යාළුවෝ සෙට් එකක්. එකාට එකා පණ ඇරලා. මේ කට්ටිය ජීවත් වෙන්නේ ලස්සන ගම්මානයක. ඉතින් කට්ටිය මොනවා කරයිද? ලංකාවේ වගේම ලස්සන පරිසරයක තමයි මේ ගම්මනේ පිහිටලා තියෙන්නේ. පොල් පිති බැට් වලින් ක්‍රිකට් ගහපුවා ආයිත් මතක් කරගන්න පුලුවන්. රමේශන්ගේ පුතා කන්නන්, ටිකක් පහුවෙලා තමයි එලියට එන්නේ. පස්සේ කාලෙක රමේශන්ගේ ජීවිතේම එයා වෙනවා. මේක ගොඩක් ලස්සන කතාවක්. නිකන් හින්දි මොඩ්ල් එකේ ක්‍රිකට් ෆිල්ම් වගේ ඉන්දියාව උඩ තියලා නෑ.

මේක මගේ 11වන සබ්ටයිට්ල් එක. AL කරලා ලැබුණු නිදහස් කාලේ තමයි සබ්ටයිට්ල් කලේ. ඇත්තටම මේකෙන් දැනෙන සතුට වෙන කොහොමවත් ලබාගන්න බෑ. දැනට නවතිනවා. ඔයාලා හැමෝටම කළුතර බෝසමිඳු පිහිටයි!!

1983 (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1983 (2014) – Malayalam – DVDRIP – 700 MB- X264 – AAC 5.1 – ESub

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

DCs Legends of Tomorrow (2016) [S02 : E06] with Sinhala Subtitles |නැවතත් පැරණි බටහිරට [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ.

අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්නේ පැරණි බටහිර. ආ ඔව් ඔව් ජෝනා හෙක්ස් එහෙම හිටපු කාලේ තමා. ඉතින් මේ කාලෙට අපේ කණ්ඩායම කලිනුත් ගියා කියලා කට්ටියට මතක ඇතිනේ. අමායායි නේටූයි ඇරෙන්න අනිත් හැමෝම ගියා නොවෑ. ඉතින් ඔන්න කට්ටියම යනවා පැරණි බටහිරට. ගිය ගමන්ම දකිනවා ජෝනා හෙක්ස්ව කවුද සැට් එකක් එල්ලන්න යනවා. ඉතින් එයාව බේරාගෙන බැලින්නම් ඒකට වගකියන්න ඕනේ ටර්න්බුල් කියලා කෙනෙක්. කොටින්ම කිව්වොත් කාල අප්‍රේරණයට හේතුවත් මේ ටර්න්බුල්ම තමා. ඒක නිසා කණ්ඩායම ජෝනා එක්ක එකතුවෙලා වැඩ කරනවා.

හොදයි මේ ටික ඇති. කිව්වා වැඩිද මන්දා. හරි එහෙමනම් ලබන සතියේ අචින්ත සහෝ සුපුරුදු ලෙස ඔයාලට උපසිරැසිය ගෙනෙයි. එහෙමනම් මං කැපෙනවා. යලිත් සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E06.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

American Crime Story (2016– ) [S01:E09] with Sinhala Subtitles |දෙව්ලොවින් ලද ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය”
  • IMDb ratings: 9.3/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11

මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   අටවැනි කොටස අවසන් වුණු අන්දම ඔබට මතක නම්, O.J. සිම්සන්ගේ ඔත්තු ජාලයට මාක් ෆර්මන් විසින් කළ වර්ගවාදී ප්‍රකාශයන් අන්තර්ගත රහසිගත හඬ පටයක් පිලිබඳ තොරතුරක් ලැබීමත් සමඟ යි. අද කතාව ඉදිරියට යන්නෙ මේ හඬ පට වල සොයාගැනීමත් එක්ක නඩුව උඩු යටිකුරු වෙන අන්දම ගැන යි. ඒ හඬ පටය විනිසුරු ඊටෝ හට නඩුවෙන් ඉවත් වෙන්නටත් හේතු වෙන හැටි මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

මේ සිංහල උපසිරැසි ලබා දී ඇත්තේ, American Crime Story S01E09 HDTV XviD-AFG(musicbolt.com) [439 MB] පිටපතට ගැළපෙන අයුරින්. මේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

American Crime Story S01E09 HDTV XviD-AFG(musicbolt.com)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>


Designated Survivor (2016) [S01 : E07] with Sinhala Subtitles |ද්‍රෝහියා සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Designated-Survivor

කතාව විකාශය වෙලා නම් දවස් 4ක් 5ක් වෙනවා, පොඩි පොඩි වැඩ වැටුන නිසාත් කතාව කරන එක ටික ටික පරක්කු කරන්න උනා, කොහොමත් ඊලග සතියේ කතාව එන්නේ නැති නිසා කතාව එන්න එන්න හොද වේගන එන නිසා සති දවස් 14ක පරතරයක් නොතියන්න ඕනා කියලා හිතලා තමා අද වෙනකන් කතාව පොඩ්ඩක් පමා උනේ… ( එහෙම කිවාහම පොඩි සමාවක් ලැබේවිනේ )

තස්ත ප්‍රහාරයට සම්බන්ද උන මජිඩ් නසාර් ව අල්ලා ගන්න පුළුවන් උනත් අල්ලාගෙන රහසිගත කදවුරක දාලා ප්‍රශ්න කරගෙන ගියත් හරි තොරතුරක් ගන්න උනේ නැහනේ. කොහොමහරි වාද කරලා කරලා CIA නියෝජ්‍ය අධක්ෂක ප්‍රශ්න කරන්න අවස්තාව ලබා ගත්තත් මොනවත් උත්තරයක් ගන්න කලින් ආරංචිය එනවා මජිඩ් නසාර් ව මරලා දාලා කියලා. අද එතන ඉදන් කොහොමද එහෙම උනේ කවුද මේ ද්‍රෝහියා කියන එක වගේම ඒ ගැන හොයන අයට මොකද වෙන්නේ කියන එක බලන්න අද කොටස එක්ක එකතු වෙලා රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.107.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        

Chicago PD [S04 : E07 & E08 ] with Sinhala Subtitles |පොලිස් රාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතාමාලාවේ 7 වැනි සහ 8 වැනි කොටස. ඉතිං සෑහෙන කට්ටක් කාල වෙනදට වඩා මේ පාරවත් පොඩ්ඩක් කලින් උපසිරැසිය ලබාදෙන්න උත්සහ කළා. ඒත් ඉතිං වෙනද වගේම ප්‍රමාද වුණා. ඒ වගේම කියන්න ඕනෙ මෙය මේ වසරේ Chicago PD 4 වැනි කතාමාලාවේ විකාශය වූ අවසන් කොටස ලෙස තමයි ප්‍රකාශ වෙලා තිබෙන්නේ. නමුත් ඔවුන් කලින් සදහන් කර තිබුණේ 23 වැනි බදාදා 9 වැනි කොටසින් මෙහි විකාශය මේ වසරට නිමකරනව කියලයි. ඒත් ඉතිං හදිසියේම ඔවුන් නොවැම්බර් මාසේ 2වැනිදා කතාව විකාශය කළේ නැහැ. එ වගේම නොවම්බර් මස 16 වැනිදා 07 වැනි සහ 08 වැනි කොටස් දෙකම එක විට විකාශය කර මේ වසරට කතාව නිමාකර හිබුණා. ඉතිං ඒ නිසා කියන්න ඕනෙ මෙහි Line 1500 කටත් වටා තිබුණා උපසිරැසි ගන්වන්න. ඒ වගේම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත්වෙලා තිබුණෙත් සිකුරාදා උදෑසන. ඉතිං මගෙ රැකියාවේ කාර්යය බහුලත්වයත් එක්ක මේ වෙලාවටවත් දෙන්න ලැබුණ එකට මම සතුටු වෙනව. ඒ වගේම කියන්න ඕනෙ දැනට සදහන් කරල තියෙන විදිහට Chicago PD 4 වැනි කතාමාලාව කොටස් 22 කින් සමන්විතයි. ඒ වගේම ඉතිං දැනටමත් කොටස් 8 ක් විකාශය කරල තිබෙනවා. ඉතිං නැවත මෙහි 9 වැනි කොටස 2017 ජනවාරි මස 4 වැනිදා විකාශය වන බවයි දැනට ප්‍රකාශ කොට තිබෙන්නේ. ඒ වගේම කියන්න ඕනෙ NBC නාලිකාව කතාව සෑහෙන දවසක් ඇදගෙන යයි වෙගේ කියල තමයි දැනට Chicago PD 4 වැනි කතාමාලාවේ කාලසටහන බලපුහමනම් කියන්න තියෙන්නේ. මොකද ඔවුන් සදහන් කරන විදිහට මෙහි අවසන කොටස විකාශය වීමට දැනට නියමිතව තිබෙන්නේ 2017 මැයි මස 17 වැනිදායි.
7 වැනි කොටස.
කතාව පැත්තට හැරුනොත් ඉතිං අද 7 වෙනි කොටසේ දකින්න වෙන්නෙ මිනීමැරුමක් තමයි. Intelligence කණ්ඩායමට ලැබෙනවා ස්ත්‍රී දූෂණ නඩුවක සාක්ෂි කරුවෙකු වූ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා තිබෙන පරීක්ෂණයක් විසදන්න. ඉතිං කණ්ඩායම සිතනවා මෙය නඩුවේ විත්ති කරුගේ පාර්ශවයෙන් සිදුකල මිනීමැරුමක් බව. ඒත් ඉතිං මෙහි විත්තිය පාර්ශ්වය ලෙස පෙනී සිටින්නේ ඉතා ධනවත් පවුලක්. ඒ වගේම පරීක්ෂණ කරගෙන යන විට මෙය ඉතාමත් හොදින් සැළසුම් කර සිදුකළ මිනීමැරුමක් ලෙස පෙන්නෙන්න තියනවා. එහෙනම් ඉතිං වෙනද වගේම කණ්ඩායම මෙය විසදන්න ආකාරය මේ කොටස නරඹලාම බලන්න කියල ආරාධනා කරනවා.
8 වැනි කොටස.

8 වැනි කොටස ලෙස අද විකාශය වෙන්නේ පොලිස් ඝාතනයක්. ඒ කිවුවෙ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක්ව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඒ වගේම මෙය ස්නයිපර් ප්‍රහාරයක්. ඉතිං කණ්ඩායම ඒ ගැන පරීක්ෂණ පවත්වමින් සිටියදී තවත් පොලිස් නිලධාරිනියක්ව එලෙසෙම වෙඩිතබා ඝාතනය කරනු ලබනවා. එ වගේම එම සිද්ධිය නිසා බ’ජස් ගේ නව හවුල්කරු පොලිස් සේවයෙන් ද ඉවත් වෙනවා. ඉතිං අද 8 වැනි කොටස වන්නේ පොලිස් ඝාතකයෙක් සොයාගැනීම ගැනයි. ඒ වගේම මෙම පරීක්ෂණය අවසන් වන්නේ ප්‍රාණ ඇපකාර සිද්ධියකින්.  ඒ වගේම 9 වැනි කොටසේ සිට ඇන්ටෝනියෝ කණ්ඩායමේ දකින්න නැති වේවි. ඒ ඔහුට වෙනත් ඒකකයකට උසස් වීමක් ලැබෙන නිසා. ඒ වගේම 9 වැනි කොටසේ ඉදන්

Intelligence කණ්ඩායම තුළ අළුත් අයෙක් හිදීවි. ඒ කණ්ඩායම තුළට පැමිණීමට බලාගෙන සිටි අයෙක්. කියන්න ඕනෙ නැහැ. කවුද කියල දන්නව කියල හිතනව.එහෙනම් වෙනද වගේම කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් Quantico කතාමාලාවෙන් හමුවෙමු.

සුබ දවසක්……..!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                        All Episodes                        Next Episode >> 

 

Supergirl [S02 : E07] with Sinhala Subtitles |සයිබෝර්ග් සුපර්මෑන්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Supergirl TV S2-1

ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට සුපර්ගර්ල් එකත් අරගෙන ආවා.දැන් වෙලාව රාත්‍රී 10.40යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ අන්තිමට මතක ඇතිනේ කැඩ්මස් එකෙන් මොන් එල්ව පැහැරගෙන ගියා. එයාලා මොන්එල්ව පැහැරගෙන තියෙන්නේ සුපර්ගර්ල්ව ගෙන්නගන්න. ඉතින් අපේ සුපිරි කෙල්ල එතනට ගියාම හම්බවෙනවා හෑන්ක් හෙන්ෂෝ. නැහැ නැහැ ජෝන් ජෝන්ස් නෙවෙයි. ඇත්තම හෑන්ක්ව. කට්ටියට මතක ඇතිනේ ඇත්ත හෑන්ක් මැරුණා කියලානේ මෙතෙක් දවස් හැමෝම හිතා හිටියේ එයා මැරිලා නැහැ හැබැයි.ඒ විතරක්නම් බැරියෑ මිනිහා තමා සයිබෝර්ග් සුපර්මෑන්. අපේ ඩිසී රසිකයොනම් ඉතින් ඒක දන්නවා ඇති නොවෑ.

ඒ වගේම අපේ අලුත් වීරයා ගාඩියන්ව ඔන්න මිනීමැරුමකට අහුවෙලා. ඒක කරන්නේනම් වෙන හාදයෙක්. හැබැයි කැමරාවල සටහන් වෙලා තියෙන්නේ ගාඩියන්ව. බලමුකෝ පටන්ගත්ත ගමන්ම ජේම්ස්ට වැඩේ නවත්තන්න වෙයිද දන්නෙත් නැහැ. කතාව ගැනනම් මෙච්ච්රමයි කියන්නේ.

කට්ටිය එහෙනම් ලබන සතිය තමා දවස. ඔව් ඔව් ක්‍රොස් ඕවර් එපිසෝඩ් එක තමා. සුපිරි කෙලිගෙන් තමා වැඩේ පටන්ගන්නේ මේ පාර. එහෙමනම් ඉතින් මං කැපෙනවා. අද දවසෙම කීබෝඩ් එකට කොටලාම මහන්සියි. එහෙනම් කට්ටිය වෙනදා වගේම අපිට සලකාගෙන යන්න ඕනේ. යලිත් shooter තුලින් හමුවෙමු. ඔබ සැමට ජය…

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E07.HDTV.x264-LOL

Supergirl.S02E07.720p.HDTV.x265.ShAaNiG

Supergirl.S02E07.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Fear The Walking Dead [S02 : E10] with Sinhala Subtitles |බාධාකරන්න එපා!!! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් මම ආයේ සබ් එකක් එක්ක ආවා. ගොඩක්ම ගොඩක් සමාවෙන්න ඕනේ යාලුවනේ. මොකද කියන්නේ, මම මේ series එකට සබ් දෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී වගේ දැන් අවුරුද්දෙන් 3/4ක් ඉවරයි අද තමයි 10 කොටස දෙන්නේ. මට සමාවෙන්න.ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ මට නම් නිකන් පිස්සු වගේ. ඒක නිසා මේකට සබ් කරන්න බැරිවුනා. දැන් නිවාඩු කාලේ එන නිසා මම ආයේ වැඩේට බැස්සා.

එහෙනම් අපි කතාව පැත්තට යමුකෝ අන්තිමට වෙච්ච ටික වෙනදා වගේම මේ කොටසේ මතක් කරලා තමයි පටන් ගන්නේ. මේ කොටසේ වෙන්නේ ඇලිශියා කාමරේ හිරවෙලා ඉන්නවා නමුත් එයා කාමරයෙන් එලියට එනවා. අර යක්කුන්ගෙන් බේරිලා. ඊට පස්සේ ගෑනු කෙනෙක් හම්බ වෙනවා. මේකේ අර තාත්තයි පුතාගෙයි කතාවත් ගොඩක් තියෙනවා. පුතා නම් ඕනාවට වැඩියි. ඔයාලාම බලන්නකෝ ඇයි මම එහෙම කිව්වේ කියලා. ඒ අතරේ මැඩිසන් හා එයාගේ අර යාලුවා ස්ට්‍රන්ඩ් ඒ දෙන්න අතුරුදහන් වෙලා… නැත්නම් මැරිලද? ඔයාලම බලලා දැන ගන්න.

එහෙනම් වෙනදා වගේම මේ සඳහා උදව් වෙච්ච අයට ස්තුති කරන අතර මම කියන්න ඕනේ මේක, අනේ කරුණාකරලා මේ සබ් අවුල් තියෙනවනම් /අලුත් යෝජනා /චෝදනා, තියෙනවනම් කමෙන්ට් කරන්න. ඊළඟ කොටස මම ඉක්මනටම දෙනවා. ඔයිට කලිනුත් කිව්වා නේද මම ඒක. ඒත් මේ පාර මම ඉක්මනට දෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E10.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Asal (2010) With Sinhala Subtitles |සහෝදර වෛරයක අවසානය කෙබඳු වේවිද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Asal (2010)

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ  අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින්  සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath Raj හා  Pradeep Singh වැනි ජනප්‍රිය නළු නිළියන් පිරිසකගෙත් අපූරු රංගනයෙන් මේ සලරුව හැඩගැන්වෙලා තියනවා.

කතාව ගැන කියනවනම්, ප්‍රාධාන වශයෙන් කතාව ගලාගෙන යන්නෙ සහෝදරවරුන් 3න් දෙනෙක් වටා.  ඇත්තටම සහෝදරවරු කිව්වට, මොවුන් අඩ සොහොයුරන්. මේ අතරින් ශිවා  (Ajith Kumar) කියන්නෙ ගොඩාක් නීතිගරුක, අවංක පුද්ගලයෙක්. ඒත් සෑම් (Sampath Raj) සහ විකී ( Rajiv Krishna) ඒ දේවල්වල ප්‍රතිවිරුද්ධ පැත්ත. විකීටයි සෑම්ටයි, ශිවා ගැන වැඩි කැමැත්තක් නෑ. යම් යම් හේතූන් නිසා මේ දෙන්නගෙ හිතේ ශිවා ගැන ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ.ඒත් ශිවාගෙ හිතේ තියෙන්නෙ සහෝදර ප්‍රේමයක්. මොවුන්ගේ පියා ; ජීවානන්දන් ප්‍රංශයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙක්.  බොහොමයක් රටවල රජයන්ට ආයුධ නිෂ්පාදනය කරලා, බෙදාහරින එක තමා මෙයාලා කරන්නෙ.  පියා සහ ශිවා මෙම අවිආයුධ විවිධ රටවල රජයන්ට ලබා දෙන්නෙ එම රටවල ආරක්ෂාව වෙනුවෙන්. ඒත් සෑම්ටයි විකීටයි ඕනෙ මෙවා ත්‍රස්තවාදීන්ට ලබා දීලා අධික ලාභ උපයන්න.

ඔය අතරෙ හදිස්සියේම පියා මිය යනවා. පියාගෙ අභාවයෙන් පස්සෙ දේපළ උරුමය ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ අතරවාරයේම සෑම්ගෙයි විකීගෙයි හිතුවක්කාර අවි ගනුදෙනුවක් නිසා, ඉන්දියාවෙ මුම්බායිවල ඉන්න පාතාල නායකයෙක් වන ෂෙට්ටි විසින් විකීව පැහරගන්නවා. මේ නිසා ශිවා ඉන්දියාව බලා පිටත් වෙනවා විකීව බේරා ගැනීමේ අදහසින්. ශිවා නම් මේ හැමදෙයක්ම කරන්නෙ සහෝදර ප්‍රේමයෙන්. ඒත් සෑම්ටයි විකීටයි තියෙන්නෙ බල තන්හාවයි, මුදලට තියන කෑදරකම්යි විතරයි. මේ විදියට ශිවා විසින් මුම්බායිවලදි තම පියාගෙ මිත්‍රයෙක් වන මිරාසි සමඟ එකතුවෙලා විකීව බේරාගැනීමට සැළෙසුම් සකස් කරනවා. එතනදි තමා ශිවාට සුලබාව ( Bhavana) මුණගැහෙන්නෙ. සුලබාට විකී ගැන ආදරයක් ඇතිවෙනවා.ඔය විදියට සිදුවීම් ගලාගෙන යද්දි තම සොහොයුරා අතින් වෙඩි කෑමටත් ශිවාට සිදුවෙනවා. මෙතැන් පටන් සිදුවන සිදුවීම් දාමයක් නිසා සහෝදර ප්‍රේමය බද්ධ වෛරයකට පෙරළෙනවා. ඒත් එක්කම තම පියාගෙ අභාවය සිදුවූයේ ස්වාභාවික අයුරින් නොවන බවත් ශිවා දැනගන්නවා. මෙහිදී ඇතිවෙන ගැටුම් තත්වයන් හේතුවෙන් අවසානයේ පුද්ගලයන් කිහිප දෙනෙකුටම තම ජීවිතයෙන් වන්දි ගෙවීමට  සිදුවෙනවා.

ආහ් තව දෙයක්… සුලබා, ශිවාට ආදරය කරනවා. සාරා (Sameeraa Reddy) නමින් ශිවාට උදව්කරන යෙහෙළියකුත් ශිවාට ආදරය කරනවා. ඩොන් සම්සා නමින් මිරාසි ළඟ වැඩ කරන පොර සුලබාට ආදරය කරනවා. ඒ වගේම මේ සලරුවේ සටන් ජවනිකා නම් අඩු නැතුව තියනවා හොඳේ… මේ විදියිට ගලාගෙන මේ සලරුවේ අවසානය කෙබඳු වෙයිද ? ශිවාගෙ තාත්තා මැරුණෙ කොහොමද ? අවසානයේ දේපල උරුමය කාට හිමිවෙයිද ? ප්‍රේම වෘතාන්තයේ අවසානය කොහොම වෙයිද ? සහෝදරයින් 3න් දෙනාගෙ ගැටුමේ අවසානය කෙබඳු වේවිද මේවට උත්තර හොයාගන්න ඔයාලට මේ සලරුව බලන්න කියලා ආරාධනා කරනගමන් අදට මම සමුගන්නවා. එහෙනම් තවත් මේ වගේම ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.

ගොඩාක් අය කියනවා පැරණි චිත්‍රපටවලට ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න ගියාම එපා වෙනවා කියලා. එම නිසා අදාළ පිටපතට ගැළපෙන ඩව්න්ලෝඩ් ලින්ක් එකකුත් ලබාදෙන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරනවා. එහෙම හොයාගත්තත් ටොරන්ට්වල සීඩ්ස් නෑලු. එම නිසා මෙතනින් මගේ මුහුණුපොතට ගියා නම් ඔයාලට අපහසුවකින් තොරව මේ ලබා දීල තියන සලරුවට ගැලපෙන පිටපත බාගත කරන්න පුළුවන්. මේකට අදාළව ලබා දී ඇති ටොරන්ට් එකෙත් අනෙක් ටොරන්ට් පිටපත්වලට වඩා හොඳට සීඩ්ස් තියනවා.එහෙම නැත්නම් පහළින් ලබාදීලා තියන ටොරන්ට් එකේ නාමය හෝ ( Ajith Kumar 50 Movies DVDRips – BDRips – Mega Collection 61GB ) මෙම නාමය කොපි කරගෙන ගූගල් එකේ සර්ච් කරාම එන මුල්ම රිසල්ට් එකේ TamilRockers වෙබ් අඩවියට ගියා නම් අදාළ ගැලපෙන ටොරන්ට් පිටපත බාගත කරන්න පුළුවන්. ලබා දී ඇති උපසිරැසි පහත DVD පිටපත සඳහා පමණක් ගැලපෙන බව කරුණාවෙන් සළකන්න.අන්තර්ජාලයේ ඇති අනෙක් සමහරක්DVD පිටපත්වලට ලබා දී ඇති උපසිරැසි  නොගැළපේ.

~~~ ජය වේවා ~~~

Asal (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Asal (2010) DVDRip x264 700MB – www.TamilRockers.pm

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The X Files [S02 : E22 – “F. Emasculata”] with Sinhala Subtitles|“වසංගතය” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

කතාව ලස්සනයි.එත් බොහොම අමාරුවෙන් බලපු එපියක් තමයි මේක. වෙන මුකුත් නිසා නෙවෙයි. බලන්න ටිකක් අමාරු දර්ශන තියන නිසා. මුලින්ම කියන්න ඕනේ කන ගමන්නම් බලන්න එපා 😛 

මේ කතාව මෝල්ඩර්වයි ස්කලීවයි හිර කාරයෝ දෙන්නෙක්ගේ පැන යෑමක් ගැන පරීක්ෂණ කරන්න ගෙන්වනවා. මෙයාල හිරගෙදරට එද්දී දකිනවා අමුතු ඇඳුම් ඇදගත්තු අය වගයක් හිර ගේ ඇතුලේ ඉන්නවා.හරියට ලොකු විෂක් පිරිසිදු කරන අය වගේ. එත් ස්කලී මෝල්ඩර් ඒ ගැන දන්නේ නෑ. මේ දෙන්නා එතන ප්‍රධානියෙක් එක්ක කතා කරද්දී එයාලටම තේරුම් ගන්න බැරිවෙනවා මේ වගේ දේකට ඇයි FBI එක ගෙන්නුවේ කියලත්. එයාලට හිතෙනවා කවුරුත් නොදන්නා රහසක් හිර ගේ ඇතුලේ තියනවා කියල. ටික ටික මෙයාල හොයාගන යද්දී දැනගන්නවා දරුණු වසංගතයක් හිර ගෙදර පැතිරෙනවා කියල. ඉතින් මේ සිද්ධිය ඇති වුනේ කොහොමද? මේ සිද්ධිය විසදන්නේ කොහොමද? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියල දැනගන්න කතාව බලන්න වෙනවා.

ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E22.F.Emasculata.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Vixen [S02] Complete Season with Sinhala Subtitles |නපුරට එරෙහිව ඇය නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Vixen S2

මුල් කතාසමයේ මතක සටහනක්.. .  .   .

මාරි මැකේබ් කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන ටැන්ටු ටෝටම් කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සිංහයාගේ වේගය, මුවෙක්ගේ වගේ කඩිසර බව, අලියෙක්ට වගේ දැවැන්ත ශක්තිය, විශාල කුරුල්ලෙක්ගේ වගේ පියාඹන්න පුළුවන් හැකියාව ඔය වගේ නොයෙක් හැකියාවන් ලැබෙනවා. නමුත් මෙයාගෙන් මාලය හොරකම් කරන්න ඇයගේ සහෝදරිය එනවා. ඇයගෙන් ගැලවෙන්න දරන උත්සහය බලාගන්න පුළුවන්. මෙයා පස්සේ කාලෙක ඇමරිකාවට එනවා. ඊට පස්සේ තමන්ගේ හැකියාව භාවිතා කරනවා අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න. විශේෂයෙන්ම මේ කතාවට ඇරෝ හා ෆ්ලෑෂ් එකතු වෙනවා. වැඩිදුර තොරතුරු සදහා පළමු කතාමාලාව.

මෙවර දෙවැනි අදියරින්..

ටෝටම් පලදනාව කියන්නේ මාරි ළග තියෙන දෙයක් නෙවෙයි. මේක ඒ කාලේ සම්බේසි ජනයා අතර තිබුණු පසුව පරපුරින් පරපුරට උරුම දෙයක්. සම්බේසි ජනයා කියන්නේ සාමකාමීව ජීවත් වූණු ජාතියක් වගේම සාරවත් දේශයකට හිමිකම් කියපු උදවිය. මේ ගැන බටහිර අප්‍රිකානුවන් ඉරිසියා කරලා සම්බේසි ජනයාට කරදර කරන්න ඇවිල්ලා ඔවුන්ව මරලා දාන්න අරං තියෙනවා. මේ නිසා සම්බේසි ජනයා දෙවියන්ට යාඥා කරන්න පටන් අරං තියෙනවා මේ ප්‍රශ්ණ ගැන කියලා. දෙවියොත් මේ අයට පිළිතුරු දීලා තියෙනවා. පිළිතුරු වශයෙන් සම්බේසි පෙළපතේ පස්දෙනෙකුට මේ විශාල බලයක් තියෙන ටෝටම් පහක් දීලා තියෙනවා. ඒ ටෝටම් පහේ බලය තමයි, සුලග, මිහිතලය, ජලය, ගින්දර වගේම ප්‍රාණය එහෙමත් නැත්තම් ආත්මයන්වල බලය. අන්න ඒ මාලය තමයි මාරිගේ අම්මා මාරිට දීලා තියෙන්නේ. මේ ගින්දර වලට හිමිකම් කියන ටෝටම් එක ඩිට්‍රෝයිට්වල ඉන්න මහාචාර්යතුමා විසින් හොයාගෙන මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා. මහාචාර්යතුමා කිව්වම මතක් වෙන්න ඕනා ගියවර කතාවේ මාරිව සල්ලි වලට පාවා දුන්න කෙනා. පස්සේ මේ ගින්දර බලය දරන ටෝටම් එක වගේම මැණික් ගල්ද හොරු වගයක් මේ කෞතුකාගාරයට පැනලා මංකොල්ල කනවා. පස්සේ මේ ටෝටම් එක එශූ කියලා මිනිහෙක් අතට පත්වෙලා අනික් ටෝටම් එක හොයන්න ගන්නවා. මේ එශු කියන මිනිහා තමයි සම්බේසි ගම්මානය වගේම මාරිගේ දෙමාපියන්ව මැරුවෙත්. මාරි මේ එශූ කියන මිනිහගේ අතට ටෝටම් එක ලැබෙන්න නොදී නගරෙත් ආරක්ෂා කරගන්න විදිහ මේ පාර දෙවැනි කතාමාලාවෙන් දැකගන්න පුළුවන්. ඒ විතරක් ඈ ගිය පාර පළමු කතාමලාවට එකතු වුණේ ඇරෝ වගේම ෆ්ලෑෂ් විතරයි. ඒත් අද ඇරෝ, ෆ්ලෑෂ්, ෆෙලිසිටි, ඇටොම්, බ්ලැක් කැනේරි, සිස්කෝ වගේම ෆයර්ස්ට්‍රෝම්ද එකතු වෙනවා.

මතකේ හැටියට නම් මේ CW Seed හරහා වික්සන් පළමු කතාමාලාව දුන්නට පස්සෙයි කට්ටියටම මාරි නොහොත් වික්සන්ව ඇරෝ කතාමාලාව තුලින් දැකගන්න ලැබුණේ. ඊටපස්සේ මෑතක ඉදන් කට්ටියට LOT වලින් ඇයව දැකගන්න ලැබුණා. පලමු කතාමාලාවෙන් පසුව දෙවැන්නක් එනවා කියලා කිව්ව දවසේ ඉදන් මං නම් ගොඩක් ලොකු ආසාවෙන් හිටියේ මේක බලන්න. සුපුරුදු පරිදි Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed මෙවරත් නිෂ්පාදනය වුණේ. අන්තර්ජාලය හරහා පමණක් විකාශය වුනත් මං උත්සහ කලා ඔන්ලයින් බලන්න නමුත් අපේ රටට ඒ දුන්නෙත් නෑ. 😛 ඔක්තෝබර් 13 වැනිදා ඉදන් පුරා දවස් හයක් පුරාවටම මේක විකාශය වුණා. පළමු කොටසට IMDb දර්ශකය තුල 7.9/10 ඉහල අගයක් පවා ලැබුණා. මෙවරත් කොටස් හයයි. උපරිම එක් කොටසක් විනාඩි 5-6 වගේ කාල අතර වෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕනා දැනට මේකේ සම්පුර්ණ උපසිරැසි ඇවිල්ලත් නෑ. ඇවිත් තියෙන්නේ පහයි. ඒ පහ වෙබ් පිටපත් වලට ගලපෙන්නෙත් නෑ. හය අසා ලිවීමක් කළා. ගැලපෙන පිටපත් දෙකකට උපසිරැසි දීලා ඇති. අමතර පිටපතේ හයවැන්නට නම් අප්ඩේට් කලේ නෑ. මං ගත්ත කොපියටම හරියන්න උපසිරැසි ඒ නමින්ම සටහන් කරලා ඇති. ඒ නිසා මොන ටොරන්ට් සෙවුමක වුනත් සෙවීමක් කලාම මුලින්ම එන වෙබ් පිටපත අරගන්නම උත්සහ කරන්න. මොකද මං දන්නේ නෑ දැනට අන්තර්ජාලයෙ උපසිරැසි දීලා තියෙන පිටපත් මොනවට ගැලපෙන්න ආපුවද කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!

අදාළ පිටපත්.

  • Vixen.2015.2×01.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
  • Vixen.2015.2×02.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
  • Vixen.2015.2×03.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
  • Vixen.2015.2×04.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
  • Vixen.2015.2×05.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
  • Vixen.2015.2×06.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam

Vixen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 Complete Season 01


Westworld [S01: E08] with Sinhala Subtitles |අතීත මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු.

කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alice in Wonderland“(ඇලිස්ගේ විශ්මලෝකය) කෘතියේ යම් ජේද අපිට ඉදිරිපත් කිරිමක්.ඒක අපිට මිට කලිනුත් ඩොලොරස් සහ බර්නාඩ්ගේ සංවාදයකදි හමුවුනා. ඒ පොතෙන්ම කරුණු ගෙන එන්න හේතුවක් තියෙනවා. Alice in Wonderland කියන්නෙත් යථාර්ථය ප්‍ර‍ශ්න කරන කතාන්දරයක්. පසුගිය කොටසින් සමහරවිට සදහන් කරන්නේ  ෆෝඩ්ගේ ස්භාවය අනුමාන කරන්න පුළුවන්.

ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ ඩොලෝරස් සහ විලියම් ,ලෝරන්ස් සමග දුම්රියේ ගමන් කිරිමයි.මෙතනදි අපිට දැනගන්න ලැබෙනවා විලියම් කලිං ගත කල ජිවිතය ගැන සහ එකෙන් ඔහු ලබා සිටි විඩාව ගැනත්.මෙතනදි ඔහු මේ උද්‍යානයක තමන් කියවපු පොත්වල තියෙන කතන්දරයකට සමාන කරනවා. ඔයාට මතක ඇති 4වැනි කොටසේදි Man in Black සදහන් කරන්නෙත් මිට සමාන අදහසක්.ඒ අනුව විලියම් කියන්නේ Man in Black බවට තවත් සාදකයක් ලැබුනා.ඒ වගේ මයි ඩොලෝරස් ඇදපු සිතුවම සැබැවටම පවතින්නක්. නමුත් අපි දැනට දන්න තරමින් ඔවුන්ට අපි වගේ සිහින දැකිමේ හැකියාවක් නෑ.ඒ නිසා මේක අනිවාර්යෙන්ම ඇයගේ මනසට කලිං කවුරුන් හෝ ඇතුලත් කරපු රුපයක් වෙන්න ඔනේ.

කලිං කොටසේ කිව්වා වගේම චාර්ලට් හේල් කාතාවට සැලකිය යුතු බලපෑමක් කරනවා කියන එක ඇය තෙරේසා සමග කල සාකච්චාවෙන් හෙලි වුනා. ඒ වගේමයි WestWorld පවත්වාගෙන යන ඩිලෝස් ආයතනයේ සැබෑ අරමුන ගොඩක් පුළුල් එකක් බව පැහැදිලි වුනා. සැබවින්ම ඔවුන් වසර 30 තිස්සේ කර තිබෙන්නේ යම් පරික්ෂනයක්. මේ පරික්ෂණයේ අරමුණ කුමක් උනත් එකෙන් ඩිලෝස් සමාගමට අති විශාල බලයක් ලැබෙන බව නම් පැහැදිලියි. මෙතනදි හේල් විසින් තෙරේසාට කියනවා කාගේ හෝ මරණයක් සිදුවෙන්න අවශයයි කියලා. ඒ කතාවම බිම් මහලේදි ෆෝඩ් තෙරේසාට පවසනවා. මේක අහඹුවක් වෙන්න බෑ. සමහර විට ෆෝඩ් විසින් චාලට් සහ තෙරේසාගේ සංවාදය රහසේ අසා සිටියා වෙන්න පුළුවන්. මොකද එතන හෙක්ටර් ඉන්න නිසා ඒහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ෆෝඩ් බිම් මහලේදි තේරේසාට කියනවා “මම තමයි මේ හැමදෙයක්ම නිර්මානය කලේ “ කියලා.

ක්ලෙමෙන්ටයිනගේ දෝෂය සැලකුවාම ඒක  තෙරේසා සහ චාර්ලට් සැලසුම් කරපු කුමන්ත්‍ර‍යක ප්‍ර‍ථිපලයක්. ඒ නිසා වෙන්න ඇති ෆෝඩ් මේ තරම් දරුණු වෙන්න ඇත්තේ. එවගේමයි WestWorld කාර්ය මන්ඩලයේ බොහෝ දෙනෙක් රොබෝවරුන් බවට මතයක් තියෙනවා. මෙව්ට උපකාර කරන ෆිලික්ස් පවා රොබෝවරයෙක් වෙන්න ඉඩක් තියෙනවා.

6 වැනි කොටස දක්වාම අපිට පැහැදිලි වුනේ බර්නාඩ් ආර්නොල්ඩ් මෙන් ඩොලෝස්ට සත්‍ය සොයාගන්න උපකාරි වෙනවා කියලයි. නමුත් පසුගිය කොටසත් සමග ඒක වෙනස් වුනා.බර්ඒනාඩ් ඩොලෝරස් සමග සංවාද පවත්වලා තියෙන්නේ ෆෝඩ්ගේ බිම් මහලේ සිටයි. ඒත් ආර්නෝල්ඩ්ගේ  රොබෝ පිටපත බර්නාඩ් විමේ අනුමාන ඉවත් කරන්න බෑ. බොහෝවිට ඒ දර්ෂනයේ  ඉන්නේ වසර 35කට පෙර ආර්නොඩ්  සහ ඩොලෝරස් වෙන්න පුළුවන්.

ආර්නෝල්ඩ්ගේ මරණ සිදුවුනේ ඩොලොරස් ගෙන් කියලා අනුමානයකුත් තියෙනවා. නමුත් ඒක පැහැදිලිකරන්න තරම් දැනට සාක්ෂි නෑ.

අවසාන වශයෙන් ෆෝඩ්, මිනිස් මනස ගැන අපුරු විග්‍ර‍යක් ඉදිරිපත් කරනවා.ඒකට අනුව අපි කොතරම් සවිඥානික (ස්වාධිනව සිතිමේ හැකියාව) වුවත් අප තුල තවමත් නොවෙනස්ව පවතින දුර්ගුණ සහ දුබලතා පවතිනවා. ඒ න්‍යාය අවසන් කොටස දක්වාම ගමන් කරාවි කියලා හිතන්න පුළුවන්. ෆෝඩ්ගේ අලුත් කතාව මොන වගේ බලපෑමක් කරයිද ?

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E08.HDTV.x264-KILLERS

Westworld.S01E08.720p.HDTV.x265.ShAaNiG

Westworld.S01E08.Trace.Decay.720p.1080p.HBO.WEBRip.DD5.1.H 264-monkee

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

Knight Rider (2008–2009) [S01 : E06] with Sinhala Subtitles |හැලෝවීන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල් සහ කිට් කොහොමද වෝල්ට් කූප්ටන්ව නැවැත්තුවේ කියලා. ඒ වගේම කූප්ටන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලත් දැනගත්තනේ.ඔන්න එකම විදිහට ගලාගෙන ගිය කතා පහකට පස්සේ මේ පාර එපිසෝඩ් එක ටිකක් වෙනස්ම විදිහක් ගන්නයි යන්නේ.

මයිකල්, සේරා සහ කිට් මෙහෙයුමක් අවසාන කරලා ගුවන් යානයෙන් ආපහු එන ගමන් ඉන්නේ, ඒ අතරෙත් හැලෝවීන් නිවාඩුව ලඟ නිසා හැමෝම අනික් අයව බය කරලා විනෝද වෙන්නයි බලන්නේ.. ඒ අතරේ මයික් කරන විහිළුවක් නිසා  SSC එක ඇතුලේ වෙන අසාමාන්‍ය හැම දෙයක්ම කට්ටිය ගනන් ගන්නේ කවුරු හරි කරන රැවටිල්ලක් විදිහට.

මේ අතරේ SSC එක ඇතුලේ මිනීමැරුමක් වෙනවා, මේකත් කාගේ හරි විහිළුවක් කියලා හිතුවත් කට්ටියට තේරෙනවා කවුරුහරි කෙනෙක් ආයතනයට හොරෙන් ඇතුළුවෙලා කියලා. නමුත් ඒ වෙනකොටත් පරක්කු වැඩියි, ඇතුළු උන කෙනා කිට්ට සම්බන්ද දෙයක් ඒ වෙනකොටත් ක්‍රියාත්මක කරලා ඉවරයි. මෙතනින් එහාට නම් කිව්වොත් කතාවේ අගේ නැතිවෙයි. එක නිසා බලලම හොයා ගන්න එක තමා හොඳ. කතාව අන්තිමේදී අපි නොදන්න දේවල් ටිකකුත් දැනගන්න ලැබේවි. එහෙනම් ඒවත් හොයාගෙන හිතලා බලන්න අපි නොදන්න කිට්ගේ ලඟින්ම ඉන්න හතුරා කවුරු වෙන්න පුළුවන්ද කියලා.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් මුණගැහෙනකල් හැමෝටම ජයෙන් ජය…!!!

අඩුපාඩු තියේනම් කියාගෙනම යන්ට ඈ…

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight Rider – 1×06 – Knight of the Living Dead.HDTV

Knight.Rider.2008.S01E06.Knight.Of.The.Living.Dead.DVDRip.XviD-SAiNTS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

The Batman [S03 : E04] with Sinhala Subtitles |රූකඩ සටන [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන්නේ. මොකද අනිත් කාටුන් සීරීස් වලට වඩා මේ සිරීස් එකේ ගොඩක්ම ලස්සනට කතාව ගලාගෙන යනවා, එපා වීමක් නැහැ. ඒ කෙසේ වෙතත්, අපි අද කතාව ගැන පොඩි සාරාංශයක් බලමු.

අද ඔයාලට දකින්න ලැබෙන්නේ කවුද කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් කතාවේ මාතෘකාව බැලුවම. රූකඩ කිව්ව ගමන් මතක් වෙන්නේ කවුද? ස්කාෆේස්? ඔව්. අපිට හුරු ස්කාෆේස් කියන නම. ඒත් ඇත්තටම ඒක රූකඩයක්. ඒ රූකඩය හසුරුවන කෙනාගෙ නමත් අපිට ඒ තරම් ගාණක් නෑ. මොකද ඒ රූකඩ හසුරුවන්නා ගෙ ප්‍රභල පැත්ත තමයි ස්කාෆේස්. එයාගෙ නම ඔයාලට මතක් කරන්නම්. ආනල්ඩ් වෙස්කර්. දැන් සබ් වලට කොටලම නම් ටික නම් අගේට කට පාඩම් වෙලා මට නම් :D.

ස්කාෆේස්, ඒ කියන්නේ ආනල්ඩ් වෙස්කර් ව අල්ලලා ආකම් වලට දැම්මට පස්සේ හියුගෝ ස්ට්‍රේන්ජ් කියන මහාචාර්යවරයා ආනල්ඩ් ගේ ප්‍රතිකාර කිරීම භාරගන්නවා. බැට්මෑන් කතා මාලා වල හියුගෝ ස්ට්‍රේන්ජ් කියන නම ටිකක් ප්‍රසිද්ධ නමක්. හියුගෝ කියන්නේ ආකම් මානසික රෝහලේ අපරාධමය මානසිකත්වය සහිත රෝගීන් ගැන බලාගන්න කෙනා, පසුව ආකම් වල ලොක්කා. එයා කරන ප්‍රතිකාර ඇත්තටම කරන්නේ රෝගීන් සුව කරන අදහසින් ම ද? නැත්නම් හියුගෝ ස්ට්‍රේන්ජ් ට මොකක් හරි කූට සැලසුමක් තියෙනවා ද? ඒ කොහොම වෙතත් හියුගෝ ස්ට්‍රේන්ජ් කියන්නේ ඒ තරම් හොඳ චරිතයක් නෙවෙයි.

මේ කතාවෙදි වෙන්නේ ආකම් මානසික රෝහලේ හිටිය ආනල්ඩ් වෙස්කර් ව හියුගෝ නිදහස් කරාට පස්සේ වෙන දේ. ආනල්ඩ් මානසික රෝහලෙන් එළියට ආවම මොනා කරයිද? ඒ කරන දේවල් වලට හියුගෝ ස්ට්‍රේන්ජ් කොහොම බලපෑම් කරයිද? බැට්මෑන් මේ දේවල් වලට මැදිහත් වෙන්නේ කොහොමද? ඒ දේවල් වලට උත්තර මේ එපියේ තියෙනවා. එහෙනම් බලලා ඉන්නකො. ගිහින් එන්නම්. ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E05] with Sinhala Subtitles |අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Something About 1% (2016)

5 කොටස

ඔන්න ආයෙමත් දවසක් දෙන්නා හමුවෙන්නයි යන්නේ. මේ වතාවෙ ජේ ඉන් ඩා  හයින්ට ටිකක් දුරකට එන්න කියනවා. ඇය බොහොම අමාරුවෙන් තමයි ඒ තැන හොයාගන්නේ. මේ වතාවේ ඔවුන් යන්නේ චිත්‍ර ප්‍රදර්ශණයක් බලන්න. ජේ ඉන් කියන්නේ එතන තමන් අඳුනන කෙනෙක්ගේ චිත්‍ර තියෙනවා කියලා. ඒත් පසුව ඔහු කියනවා ඒ තමන්ගේ නැන්දගේ මහත්තයා කියලා. එහෙම නම් ඒ ජේ ඉන්ගෙ මාමා නේද කියලා හිතපු ඩා හයින්ට පුදුම හිතෙනවා ඔහුගේ මේ හඳුන්වාදීම ගැන. ඒ වගේම ඔහුගේ මාමා ජේ ඉන්ගේ අම්මා ගැනත් කතා කරනවා. ඉතින් ඩා හයින්ට මේක හරිම පටලැවිල්ලක්. මෙතනදි ඩා හයින්ට යාලුවෙක් හමුවෙනවා. ඒ තමන්ගේ හොඳම යාලුවගේ අයියා. ඩා හයින් එයා ගැන බොහොම කැමැත්තෙන් හිටියා කියලා තමයි කියන්නෙ නම්. ඒත් මේ කතා බහ ගැන ජේ ඉන්ට නම් බොහොම තරහ යනවා…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E05.161019.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E05.161019.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E05.161019.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Scorpion [S03 : E09] with Sinhala Subtitles |අම්මාගේ කරදරේ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කීප දෙනෙක්ගේ බැනුම් අතරේ තවත් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසාම ස්කොපියන් 3වෙනි කතාවේ 9 වෙනි කොටසත් එක්ක එකතු වෙන්නයි මේ සුදානම. ලබන සති වල ඉදන් පොඩ්ඩක් පරක්කු වෙයි උපසිරසි වෙලාවටම නම් ලැබෙන එකක් නැ. පොඩි වැඩ ගොඩකට හිර වෙනවා අවුරුද්දේ අන්තිම මාසේ නිසා. ඒ නිසා එකට පොඩ්ඩක් කට්ටියම සමා වෙන්න ඕනා. පුළුවන් උපරිම ඉක්මනින් අරගෙන එන්න යනකොට අඩු පාඩු වෙනවත් වැඩි නිසා උපරිම ඒවා අඩු කරගන්න ඔනානෙ,…

අද කතාවට තවත් කෙනෙක් එකතු වෙනවා ඉස්සරහට ඉදීවිද කියලා කියන බැරි උනත් තව කොටසක් දෙකක් හරි ඉදිවී කියන බලාපොරොත්තු වෙනවා හැබැයි ඉතින් පේජ් එකට හොදටම තරහ අරගෙන තමා කතාවේ අන්තිම වෙනකන් වෙන්නේ. පෙජ්ගේ ජිවිතේ ගෙවුනේ කොහොමද වගේම පෙජ්ගේ අම්මා අරගෙන ආව මේ ගැටලුව කොහොමද ස්කොපියන් කණ්ඩායම විසදන්නේ කියන එක තමා අද කතාව .

එහෙමනම් එකතුවෙලා අඩුපාඩු කියලා යන්න කියන ගමන් ගිහින් එන්නම්  ජය වේවා.

එහෙමනම් වෙන ඕනදෙයක් උනාවේ.. ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E09.720p.HDTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Viewing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>