කොහොමද යළුවනේ.. කාලෙකට පස්සේ.. A/L විභාගයෙන් පස්සේ තමා ආයේ ඔන්න කරලියට එන්නේ!!.. මේ පාර ෆිලුමක් නම් නෙමේ කරන්න ගත්තේ.. හා හා පුරා කියලා අළුත්ම අළුත් ගින්දර වගේ රෑපවාහිනි කතා මාලාවකට අත ගැහුවා.. Van helsing කට්ටිය දන්නවා ඇතිනේ.. Van helsing ෆිලුමක් ආවා 2004. ඒක බලපු අය දන්නවා කොහොමද කතාව කියලා… වැම්පයර්ලා එක්ක සටන් තමා තියෙන්නේ.. නකම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක්.. අහ් අමතක වෙනවා.. මේක කරන්න කියලා මට අවසරේ දුන්නේ නම් විමා අයියා තමා…එයාටත් ස්තුති වන්ත වෙනවා. මේක ලබා දුන්නට.
හරි අපි බලමු මේක මොන වගේ කතාවක්ද කියලා. මේක ඇවිත් ඇක්ෂන්, ඩ්‍රරාමා, ෆැන්ටැසි කියන කාණ්ඩ වලට තමා අයිති.මෙකේ විශේෂත්වේ තමා van helsing චරිතයට පණ පොවන්නේ කාන්තාවක් විමයි. කතාවට අනුව එයාගේ නම වැනේසා හෙල්සින්.එම චරිතය රග දක්වන්නේ Kelly overton විසිනි.මෙය දැනට imdb අගය 6.0 පමණ අරන් තියෙනවා.මෙකේ ප්‍රි එපිසොඩ් එකක් මුලින් නිකුත් උනා. ඒ ජුනී 31. මෙම කතාව රිලිස් වෙන්නේ නම් සැත්තැම්බර් 23.
කතාව පැත්තට ගියොත් පටන් ගන්නේම වැම්පයර් ඇටැක් එකක් සමඟයි. මේකෙදි වැනෙසට ප්‍රහාර එල්ල වෙනවා. තව වැනෙසව බලා ගන්න ඇක්සෙල් කියලා මෙරීන් බටයකුත් ඉන්නවා. මෙ දෙන්න ඉන්න ගොඩනැගිල්ලට මිනිස්සු කන්ඩායමක් ඇතුල් වෙන්න උත්සහ කරනවා. ඒකෙන් වැම්පයර්ලා ගොඩනැගිල්ලට ඇතුලු වෙනවා.. ඊට පස්සේ ලොකු ලොකු සිද්දි ඇතුලේ වෙනවා.. ඉතිරැ ටික දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට මම නවතිනවා. හමුවෙමු..
ජයෙන් ජය!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා ගැළපේ
411 downloads
All Episodes Next Episodes >>