ඔන්න ප්‍රමාදයක් එක්ක Blindspot කතාමාලවෙ දෙවෙනි කොටසෙ ගෙනාව. ටිකක් වැඩ රාජකාරි අධික වීම නිසා ටිකක් ප්‍රමාද වුනා. උපසිරැසිගන්වන “අපි” නිකන් ඉන්න අය නෙවෙයිනෙ. ඒ නිසා මේ වගේ ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සාධාරණව හිතල බලල කටයුතු කරන්න.
අද කර්ට්ගේ කණ්ඩායම ආයෙත් සුපුරුදු මෙහෙයුම්වලට අතගහනව. ආයෙත් ජේන්ගෙ පච්ච විසඳීමකට. වෙනසකට තියෙන්නෙ මේකෙ ජේන්ගෙ පච්චය විසඳන්න ඉඟිය ලැබෙන්නෙ සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමෙන්. ඒ කියන්නෙ මෙහෙයුම සෑහෙන වැදගත් මෙහෙයුමක්. ඊට අමතරව අද ආයෙත් පරණ මතකයක් දකින්න ලැබෙනව. ඒ තමයි ළමා අපචාර නිසා අත්අඩංගුවට ලක්වුන ජෝන්ස්. එහෙමත් නැත්නම් රීඩ්ගෙ ෆුට්බෝල් කණ්ඩායමේ පුහුණුකරු. ඔහුට නිසි දඬුවම් ලබාදෙන්න රීඩ් කටයුතු කරගෙන යන අතර අවසානයේ අප්‍රසන්න තොරතුරක් අහන්නත් ලැබෙනව.
තවම සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය මොකක්ද කියල පැහැදිලි නෑ. කොහොම වුනත් මිනිස්සු අනතුරුවලින් බේරගන්න සෑන්ඩ්ස්ටෝම් ගොඩක් උදව් කලා කියල හැමෝම දන්නව. මේ දෙවෙනි කතාසමයෙ ආරම්භය විතරක් නිසා ඉදිරියේදි ගොඩක් දේවල් දකින්න ලැබෙයි.
මේ කතාවෙ සඳහන්වෙනව එක්තරා කණ්ඩායමක් “ජුවාර්ස්” කියල. නම කැත වුනාට කතාවට වෙනසක් කරන්න බැරි නිසා ඒ විදිහටම යොදන්න සිද්දවුනා. .
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ඊළඟ කොටස මේ තරම් ප්‍රමාද නොකර ගේන්නම්.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14 downloads
<< Previous Episode All Episodes Next Episode >>