කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ දෙවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ කොමඩි ෆිල්ම් එකක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. තාම වැඩි කාලයක් නැහැ, තිරගත වෙලා. ෆිල්ම් එක අයිතිවෙන්නේ Comedy-Thriller ගණයට.
කතාව ගැන කියනවානම්, මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලුයිස්. ලුයිස් කියන්නේ, හොල්මන් සහ අද්භූත සිද්දි ගැන අධික උනන්දුවක් තියෙන කෙනෙක්.එයා වැඩ කරන්නේ එයාගෙම කියලා, ෆොටෝ කොපි ගහන කඩයක. ඉතින් වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සේ එයා කරන්නෙම හොල්මන් ගැන හොයන එක, අන්තර්ජාලය හරහා යාලුවොත් එක්ක හොල්මන් ගැන කතා කරන එක. එයාගේ ආසම වැඩසටහන තමයි ටීවී එකේ යන හොල්මන් අල්ලන කණ්ඩායමක් විසින් කරන වාර්ථාමය වැඩසටහන. ඉතින් ඒ වැඩසටහනේ අය දවසක් , සාමාජිකයෙක්ගේ පුරප්පාඩුවක් පුරවන්න, දැන්වීමක් පල කරනවා,හොඳම අද්භූත සාක්ෂියක් වීඩියෝ කරලා එවන කෙනෙක්ව, කණ්ඩායමට බඳව ගන්නවා කියලා. ඉතින් ලුයිස්, ගෙදරට වෙලා හොල්මන් ගැන එක එක බොරු වීඩියෝ කරනවා, අර වැඩසටහනට යවන්න. ඔහොම යද්දි දවසක් මෙයාගේ කඩේට මිනිහෙක් එනවා, “අනවසරයෙන් ඇතුලු වීම තහනම්” කියලා බෝඩ් වගයක් ගහ ගන්න. ඒ මොකටද කියල ඇහුවම එයා කියනවා, එයාට අයිති පරණ ගොඩනැගිල්ලක් තියෙනවා, ඒකේ හොල්මන් ඉන්නවා, ඒ නිසා ඒකට මිනිස්සු යන එක නතර කරන්න කියලා..ඒක ඇහුවම, ලුයිස්ට ඉස්පාසුවක් නැතිවෙනවා. එයා සැලසුම් කරනවා යාලුවො කට්ටියක් එක්ක මේ ගොඩනැගිල්ලට ගිහින් ඒකේ ඉන්න හොල්මන් අල්ලලා, ඒවා වීඩියෝ කරලා, අර වැඩසහනට යවන්න. යාලුවෝ කට්ටිය ගැන කියනවානම්, කට්ටියටම පිස්සු. ඒ යාලුවෝ සෙට් එකේ ඉන්නවා, පිටසක්වළ ජීවීන් ගැන අධික ලෙස විශ්වාස කරන ස්ටෑන් කියලා ලුයිස්ගේ හොඳම යාලුවයි, ලුයිස්ගේ බෑණයි, රොස් කියලා ආරක්ෂක නිලාධාරියෙකුයි, වික්ටෝරියා කියලා අධිමානසික බලයක් තියෙනවා කියලා හිතාගත්තු කෙනෙකුයි, එලී කියලා රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙකුයි.
ඉතින් මේ කට්ටිය ඕනකරන බඩු ටිකකුත් කොහොමහරි අරගෙන, ඒ පරණ ගොඩනැගිල්ලට යනවා හොල්මන් අල්ලන්න කියලා හිතාගෙන. ඇත්තටම ඒ ගොඩනැගිලේ හොල්මන් ඉන්නවාද..? මේ අයට හොල්මන් අල්ලගන්න හම්බවෙයිද..? ඒක දැන ගන්නනම් ඉතින් ෆිලුම බලන්නම වෙනවා..
හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. හොඳට හිනා වෙවී එහෙම බලන්න පුලුවන්. ඔයාලගේ දිරි ගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ ඔබ අතරට ගෙන ඒමට බොහෝ රුකුලක් වේවි.
Due to copyright issues, we do not provide any torrent links.
Ghost.Team.2016.HDRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
597 downloads