නොසිතූ පැතූ වෙලාවක හමුවුණු, නොසිතූ පැතූ අන්දමේ සලරුවක් අරගෙන තමයි මේ වතාවෙ එන්නෙ. A Flying Jatt චිත්‍රපටය, වෙබ් අඩවියේ පලවෙලා මිනිත්තු කීපයක් ගතවෙනකොටම සමීර චතුරංග සහෝගෙන් ෆේස්බුක් එකට පණිවිඩයක් ආවා, Rocky Handsome චිත්‍රපටයට තවම හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් ඇවිල්ලා නැහැ, පුලුවන්නම් සඳුන් ධනුෂ්ක සහොත් එක්ක එකතුවෙලා අසාලිවීමක් කරලා සබ් එක එවන්න බලන්න කියලා. ඉතින් සඳුන් ධනුෂ්ක සහෝ පළමුවෙනි පැය අසා ලියද්දී මම දෙවැනි පැය අසා ලිව්වා. අතිශය කාර්යබහුල මොහොතක වුණත් ඒ ඉල්ලීමට පිටුපාන්න තරම් ශක්තියක්, දහිරියක් තිබුණේ නැහැ. එහි ප්‍රතිපලයක් විදියට, සඳුන් ධනුෂ්ක සොහොයුරා සමගින් එක්ව, පුරා දිනකට ආසන්න කාලයක් තිස්සේ යෙදුනාවූ අතිශය බැරෑරුම් කර්තව්‍යක අවසාන ප්‍රතිපලය ලෙස, මෙම චිත්‍රපටය සඳහා නිමවූ අංග සම්පූර්ණ සිංහල උපසිරැසිය ප්‍රේක්ෂක ඔබ සැම වෙත ගෙනහැර පෑමට එසේනම් අවසරයි….
දීර්ඝ කාලයකට පසුව, බොලිවුඩයේ ක්‍රියාදාම නළුවන් අතර හිනිපෙත්තේම රජයන ක්‍රියාදාම නළුවකු වන John Abraham ප්‍රධාන රංගන භූමිකාව හොඹවන, දමිළ නිළි Shruti Haasan ගේ අයස්කාන්ත රංගන ස්වරූපයෙන් ඔපමට්ටම් වන මෙම බොලිවුඩ් ක්‍රියාදාම සිත්තම, සිනමා ශාලා ආක්‍රමණය ආරම්භ කරනුයේ මේ වර්ෂයේ මාර්තු මස 25 වනදා.එදා පටන් මේ දක්වා, බහුතරයක් වූ සිනමා ලෝලීන්ගේ කීර්ති ප්‍රසංශා මධ්‍යයේ මේ දක්වා වූ පැමිණි ගමන් මගෙහිදී, ප්‍රේක්ෂක ජනතා මනාපයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවකගේ මනාපයෙන් IMDB දර්ශකයේ 7.0 ක් වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත.2010 වර්ෂයේදී නිකුත් වූ The Man from Nowhere නම් කොරියානු සිනමාපටය ඇසුරු කොට ගනිමින්, ඉන්දියානු සම්භාව්‍යද එයට මැනවින් එක් කර නිෂ්පාදනය වුනා වූ මෙම අනගි සිත්තම, Sunny Bawra සහ Inder Bawra ගේ සුමියුරු සංගීත නාදයට, තම සුමියුරු හඬ හැකියාවෙන් වර්තමාන බොලිවුඩය දිග් විජය කළ ගායක ගායිකාවන් වන Shreya Ghoshal, Rahat Fateh Ali Khan, Sunidhi Chauhan සහ Ankit Tiwari ගේ මනෝරම්‍ය ගායන ප්‍රතිභාවෙන් අලංකෘත වූ අතිශය මියුරු ගීත සමුදායකින්තම මෙම සිත්තම තව තවත් ඔප මට්ටම් වී තිබෙනවා. කතාවේ අන්තර්ගතය කෙටියෙන් පැවසුවහොත්, පාළුව, කාන්සිය, තනිකම සිය විනෝදාංශය කරගත්, අතීතයේ සිදු වුණා වූ දරුණු සිදුවීමක් සිය සිත් පතුලේ තබාගෙන තනිවම ඒ දුකට මුහුණ දෙමින්, ජීවිතය නම් රඟ මඩලෙන් පරාජය වූ දේහධාරී තරුණයෙකු….සිය බේබදු මවගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා සමාජයෙන් කොන් වූ, පාසල් යන වියේ පසුවන කුඩා දැරියක්…..මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිය පරම ආයුධය කොට ගනිමින් පාතාල ලොව කෙරුම්කරුවා වූ අති දරුණු මිනීමරුවෙකු….මිනිස් අවයම ජාවාරම සිය ව්‍යාපාරය කරගනිමින්, නගරයේ පාලනය සියතට ගැනීමට මාන බලමින් සිටිනා, අනුකම්පා විරහිත සොහොයුරන් දෙදෙනෙකු…මේ සියළු දෙනාම විනාශකොට දමා, යහපත් නගරයක් බිහිකිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බලගැන්වූ පොලිස් නිලධාරීන්….මේ සියලුම චරිතයන් එකිනෙකා හා ගැටීමෙන් සිදුවන්නා වූ පලවිපාකයන්ට මොවුන් කෙසේ නම් මුහුණ දේවිද…තමන්ට සිදුවූ අතිශය දරුණු අකටයුත්තක් වෙනුවෙන්, අදාළ පුද්ගලයින්ගෙන් අති දරුණු අන්දමින් පළිගනිමින් පැමිණෙන මිනීමරු ඝාතන යන්ත්‍රය කවුරුන් නම් වේද…..පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ එකිනෙකට වෙනස්ම ආකරයේ හැගීම් සමුදායකින් ප්‍රේක්ෂක සිත් සතන් පුරවා, අවසාන නිමේෂයෙන් නෙත් කඳුලින් පුරවාලීමට සමත්කම් දක්වන මෙම අනගි සිත්තම නැරඹීමට සියලුම දෙනාට කෙරෙන්නා වූ ආරාධනාවත් සමගින් අදට ඔබෙන් සමුගෙන යාමට අවසරයි.තවත් රසබර සිත්තමකින් ඔබ සියලු දෙනා හමුවන තුරාවට, සියළු දෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Rocky.Handsome.2016.Hindi.
ලබා දී ඇති උපසිරසි සියළුම HDRiP පිටපත් සඳහා අදාළ වේ.
94 downloads