Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Jeruzalem (2015) with Sinhala Subtitles |අහසේ දෙවියෝ නෑ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

සුභ අලුත් අවුරුද්දක් වේවා 😀 කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම් බලන එකනං නතර වුනේ නෑ. ඔය අතරතුර තමයි දැකගන්න ලැබුනේ මේ ජෙරුසලම් කියන චිත්‍රපටිය. 2015 ජූලි 1 වෙනිදයින් අන්තිමට සබ් කරන එක නැවැත්තුවාට පස්සේ ඔන්න 182 වෙනි සිංහල උපසිරැසිය ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්නයි හදන්නේ.

(මෙය 18+ වැඩි පුද්ගලයන් සඳහා සුදුසු වන අතර, හදිසි කම්පනයන් දරාගත නොහැකි අය නොබලන ලෙසද, මත්ද්‍රව්‍ය භාවිතා කරන දසුන් ඇති නිසා කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවාව මෙම චිත්‍රපටය ඔබ නරඹනවානම් ඈත් කර තබන්න සහ ඉහතින් කී කරුණු වලට අදාළ කිසිවෙකු ලඟ තබා ගැනීමෙන් වලකින්න.)

පුරසාරම් දෙඩෙව්වා ඇති. ජෙරුසලම කියනදේ ගොඩක් අය අහලා ඇතිනේ. පොඩි විස්තරයක් මේ ජෙරුසලම ගැන හා ඒ හා සමගාමී ඉතිහාසය ගැන කියන්නම්. කුරුස යුද්ධය එහෙම නැතිනම් කෲසේඞ් කියන්නේ.ජෙරුසලම නගරය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා විසූ කිතුනු බැතිමතුන්ගේ පූජා භූමියක්. 11 වන ශතවර්ෂයේදී ජෙරුසලමේ පාලනය මුස්ලිම් බැතිමතුන් වන ටර්ක්වරුන්ගේ අතට පත් වුණා. යුරෝපයෙන් පැමිණෙන කිතුනු බැතිමතුන්ට ඔවුන් වරින් වර පහර දෙන්න පටන් ගත්තා. මේ නිසා 1095 වසරේදී 2 වැනි අර්බන් පාප්තුමා ටර්ක් මුස්ලිම්වරුන්ට එරෙහිව ශුද්ධ යුද්ධයක් කැඳෙවුවා. එහි අරමුණ වූයේ කිතුනු බැතිමතුන් සඳහා ජෙරුසලම මුස්ලිම් ටර්ක්වරුන්ගෙන් මුදවා ගැනීමයි. මෙම යුද්ධය තමයි පළමු කුරුස යුද්ධය, එහෙම නැතිනම් ශුද්ධ යුද්ධය ලෙස හැඳින්වෙන්නේ. මීළඟ සියවස් දෙක කුළ මේ ආකාරයේ ශුද්ධ යුද්ධ මාලාවක් සිදු වුණා. කි‍්‍රස්තියානුවන් යුද්ධ කර ජෙරුසලම හා ඩැමැස්කස් යන නගර අල්ලා ගත්තා. ඊළඟට මුස්ලිම් ටර්ක්වරු සටන් කර නැවත ඒ නගර අල්ලා ගත්තා. මේ විදියට කුරුස යුද්ධ ගණනාවක් ඇති වුණා. අන්තිමේදී අවසන් වතාවට කුරුස යුද්ධයට ගිය හමුදාවලට ශුද්ධ වූ දේශයට පසු බහින්න වුණා. ශුද්ධ වූ දේශය කියලා එදා හැඳින්වූයේ පලස්තීනයයි. අද මේ ප‍්‍රදේශයේ තමයි ඊශ‍්‍රායලය කියල හැඳින්වෙන්නේ.

ඉතින් මේ චිත්‍රපටිය පැත්තට හැරුනොත් මෙහෙම කතාව පටං ගමු.

සාරා සහ රේචල් කියන්නේ ඇමරිකාවේ ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක්. මේ දෙන්නා හදන්නේ ටෙල් අවීව් වලට ට්‍රිප් එකක් යන්න. හැබැයි මේ දෙන්නගේ ඒ අදහස ගුවන් යානයේදී හම්බවෙන කෙවින් නිසා වෙනස් වෙනවා. කෙවින් කියන්නේ අතීතයේ දේවල් හාර අවුස්සලා බලන්න කැමති කෙනෙක්. ඉතින් කෙවින් මේ දෙන්නවත් එක්කරගෙන ජෙරුසලමට යනවා. ඒ එහේ තියෙන යොම් කිප්පූර් කියන සම්ප්‍රදායික සැමරීම බලන්න. මේ අය එහාට ගිහින් ක්ලබ් වලටද, බොන්ඩද, කන්ඩද හැමදෙයක්ම කරනවා. හැබැයි මේ සතුට ගොඩ වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද ඒ අපායේ දොර විවෘත වෙන නිසා. පියාපත් සහිත මරණයෙන් අවධි වුන දෙව්දූතයන්, එහෙමත් නැත්නම් අඳුරු පැතිකඩක් ඇති යක්ෂයින් අවධි වන්නට පටං ගන්නවා. ඉතින් මේ නපුරු ආත්මයන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එකයි දැන් මේ ජෙරුසලම් වල පරණ නගරයේ ඉන්න හැමෝටම ගැටළුව වෙන්නේ. ඒ වගේම මේ ආක්‍රමණය සිද්ධ වුන ගමන්ම මේ අයව නගරය ඇතුලේ තියලා ඇතුලුවෙන්න තියෙන හැම තැනක්ම වහලා දානවා.

ඉතින්, චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. වෙනදා වගේම ලිපිය මෙලෝ රහක් නැතිව ඇති කියලා හිතනවා. 😀 එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

පුරාවෘතයන්ට අනුව කියවෙන විදිහට අපායට යන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කාන්තාරය, අනික තමයි මුහුද, ඒ වගේම අන්තිම එක තමයි ශුද්ධ වූ නගරය වන ජෙරුසලම.

Jeruzalem (2015) on IMDb

 

 

844 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

520177092E25A3DFEFA6C91357B39C0F2FE55DF8

6.31 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

137A5249A64CF46D03B6E8C99F5E1B099B440109

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>