හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, මිනිත්තු 128 දිවෙන මෙම විත්‍රපටය 2007 දෙසැම්බර් මස 14 වන දින අයන්ගරන් අන්තර්ජාතික සමාගම මගින් ලොව පුරා නිදහස් කල පසු, මුල් සතිය තුල ඉතා සාර්ථක විය. 61 වන කෑන්ස් සිනමා උළෙලේද තිරගත කිරීම සඳහා තෝරාගෙන ඇත. ප්‍රධාන චරිත ලෙස අජිත් කුමාර්, නමිතා, නයනතාරා රංගන දායකත්වය සපයනවා.
මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් ජාත්යන්තර පොලීසිය අපරාධ ලැයිස්තුවේ විෂේශ පාතාලයකු වන ඩේවිඩ් බිල්ලා (අජිත් කුමාර්) මැලේසියාවේ සැගවී සිට අපරාධ වැඩ කටයුතු සිදුකරගෙන යනු ලබයි. ඩී.එස්.පී ජය ජෙය ප්‍රකාශ් මැලේසියාවේ සිට ඉන්දියානු ජීවිතය පසෙක තබා බිල්ලා සොයාගැනීමට වෙහෙසෙනවා. එක් අවස්ථාවක පොලීසිය විසින් බිල්ලා සොයාගෙන ඔහුව අල්ලන්න හඹා යෑමේදී ඩී.එස්.පී ඉදිරිපිට බිල්ලා මිය යනවා. ඉන් පසු ඩී.එස්.පී විසින් බිල්ලාව හොර රහසේම මිහිදන් කරයි. ජාත්යන්තර පොලීසිය නිලධාරියෙකු වන ගෝකුල්නාත් බිල්ලා ගැන සොයා ගැනීම සදහා ඩී.එස්.පී සමග වැඩ කිරීමට මැලේසියාවට පැමිණ අනුයුක්ත වෙනවා.
ඉතින් චිත්‍රපටිය ගැන කියනවානම් තව කතා ගෙඩයි. නමුත් කාල වේලාව මදි කම නිසා කතාව අඩුව ටිකක් ලිව්වේ. මේ ලබා දී ඇති ටොරන්ට් සහ ඩිරෙක් ලින්ක් වලින් බ්ලුරේ පිටපත් ලොකු වුනත් ගුණත්මක බවින් වැඩි අලුත් චිත්‍රපටිය දර්ශණ බලනවා වගේ බලන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටියේ දෙවන කොටසත් Billa (2012) ඇවිත් තියෙන්නේ. එහෙනම් බිල්ලා 2 හමුවෙමු හැමෝටම ජය….!
“මෙම චිත්‍රපටයේ ඩිරෙක්ට් ලින්ක් බාගත කිරීම සඳහා මෙතැනට පිවිසෙන්න”
821 downloads