Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S04 : E01] with Sinhala Subtitles |සයිලෝවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago P.D.S04

ඉතිං කොහොමද කට්ටියට? සියලු දෙනාම හොදින් කියල හිතනවා. මම හිතනවා අපේ TV Series රසිකයන් දන්නව කියල 2016 අවසන් කාර්තුව කියන්නෙ අලුත් TV Series රැසක් සහ දැනට විකාශය වෙමින් පවතින TV Series රැසකුත් නිකුත්වන කාල වකවානුවක්. ඉතිං එහෙම විකාශය වන කතාමාලාවක් තමයි ඔන්න අරගෙන ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක මම කරන්න හිටපු හෝ කරපු කතා මාලාවක් නම් නෙමේ. අපේ සමන් සහෝගේ ඉල්ලීම පරිදියි මම මේ කතාවට උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා පෙර සුදානමක් නම් වෙන්න බැරි වුණා. ඉතිං වැරදි, අඩුපාඩු තිබුණොත් වෙනද වගේම සමාවෙන්න ඕනෙ.

ඒ වගේම Chicago PD හතර වැනි කතා මාලාවේ පළමු කොටස විකාශය වුණේ සැප්තැම්බර් මස 21 වැනිද. මේකෙ උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ඔන්න මගේ වැරැද්දක් නම් නෙමේ ඉතිං. මොකද මම මේක කරන්න බාරගන්න විටත් කොටස් දෙකක්ම විකාශය වෙලා ඉවරයි. ඒත් ඒකෙ මගෙත් පොඩි වැරැද්දක් තියනව. මොකද මෙහි පළමු කොටස විකාශය වූ දිනයේ දී මයි සමන් සහෝදරයා මට mail කරල තිබුණෙ මේකට උපසිරැසි කරන්න පුලුවන්ද අහල. නමුත් ඒ සතියේ තිබුණ කාර්යය බහුලත්වය නිසා mail එකක් වත් බලන්න වෙලාවක් තිබ්බෙ නැහැ.

ඉතිං පම්පෝරි ගැහුවා ඇති. වැඩකට නැති දේවලුත් කීවද මන්ද. කතාව පැත්තට හැරෙමු නේද? Chicago PD 3 වැනි කතා සමය නිමා වුණේ අපේ කතා නායකයාගේ පුතාගේ ඝාතනයෙන්. නමුත් එම කොටස අවසානයේ ඝාතකයා වත් ඔහු මරා දමනු ලබනවා. ඉතින් 4 වැනි කතා සාමය ආරම්භ වෙන්නෙ එතැන් සිට. අද ඔවුන්ට පුළුස්සා දැමු මල සිරුරක අභිරහසක් තමා ඉතින් විසදන්න තියෙන්නේ. ඒ වගේම හෑන්ක්ට යම් යම් කරදර වලටත් මුහුණ දීමට සිදුවෙනවා. ඒ ඔහු කරන ඝාතනය නිසා. ඉතින් ප්‍රමාද වෙලත් තියන එකේ වැඩිදෙයක් කියානේ නැතුව ඉන්නම්. පුළුවන් තරම් ඉක්මනට දෙවැනි කොටසත් ලබාදෙන්න උත්සහ කරන්නම්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E01.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                        All Episodes                        Next Episode >> 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>