හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ.
ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් කාට පිං සිද්ද වෙන්න හරි ඉවරයි. මේ ෆිලුම ලංකාව ගැන දෙයක් නම් නෙවෙයි, ඒත් යුද්ධය සම්බන්ධ නිසයි එහෙම කිව්වෙ. මේ සිනමා පටය ඉන්දු – පකිස්තාන දේශ සීමා අරගලය අලලා නිර්මාණය කරපු එකක්. ආයි ඉතින් ඔය අරගලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැ අදත් (ඔක්තෝම්බර් 01) මම ප්‍රවෘත්ති වලට දැක්කා ඔය කේස් එක හින්දා සාක් සමුළුවත් දින නියමයක් නැතිව කල් දාලා කියලා. සිනමා පටය නමින් wagah. wagah කියන්නෙ දේශ සීමවක්. වැඩි විස්තර කියන්න නම් මම දන්නෙ නැ. මේ සිනමා පටය මේ වනවිට IMDb දර්ශකයේ 5.2/10අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සදහා වික්‍රම් ප්‍රභූ සහා Ranya Rao රංගනයෙන් දායක වෙනවා.
කොහොමහරි කනොම්ට එයාගෙ පාස්පෝට් වීසා හැමදෙයක්ම අහිමි වෙනවා. ඒවා නැතුව ආපහු ගමට යන්නත් බැරි තත්වයක් උදා වෙනවා. ඔය අතරෙ වාසු වෙන මාර්ගයකින් කනොම්ව එයාගෙ ගමට එක්ක යන්න තීරණය කරනවා. ඒක දුෂ්කර ගමනක් වුනත් අන්තිමට කනොම්ව ගෙදරට ඇරලවලා ආපහු එනකොට පාකිස්තානු හමුදාව විසින් වාසුව අල්ල ගන්නවා. මෙතන ඉදන් ඔයාලට බාරයි.
එහෙනම් මම ගිහින් එන්නම්.
කොමෙන්ට් එකක් දාගෙන ගියා කියලා ඉතින් මගෙ අමනාපයක් නම් නැ!
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.ws – Wagah (2016)[HDRip – x264 – 700MB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
754 downloads