Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය පැත්තේ පිවිසියේ නැති නිසා සඳුන්/හේවා මහත්වරු කෝල් කරනකන්ම දැනගෙන හිටියේ නෑ මේක ඇවිත්ද කියලා. පස්සේ බුකියට පිවිසිලා ඉන්බොක්ස් බලද්දී තමයි තේරුම් ගියේ අපේ උන්ට මං උනන්ද මලාද කියලා හොයන්න මතක් වෙන්නේ මං බාරගත්තු ෆිල්ම් එකක හොඳ රිප් ආවම කියලා. 😛 😛 ඉතින් නිවාඩු දවස් ටිකේ ආව එක හොඳට ගියා කියලා හිතාගෙන ඇඟිලි දහයට සැරදේවා කියලා වැඩේ පටන් ගෙන හෙමිහිට හෙමිහිට කොටාගෙන ගිහින් අන්තිමට කොහොමහරි වැඩේ ඉවර කරගත්තා. හරි එහෙනම් පම්පෝරිය නතර කරලා සලරුව ගැන පොඩ්ඩක් බලමු.

2014 ජූලි මාසයේදී ප්‍රංශයේ කොර්සිකා වලදී රූගත කිරීම් ආරම්භ කෙරුණු මේ සලරුවේ නම තමයි Tamasha(තමාෂා)… ඒකෙ තේරුම ගත්තොත් තමශාව, දර්ශනය, නාට්ටිය වගේ තේරුම් රාශියක් එනවා. බොලිවුඩ් සිනමාව ගැන උනන්දු අය නම් දැනටමත් දන්නවා මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. ඔවුන් මේ චිත්‍රපටිය එනතුරු ගොඩ උනන්දුවෙන් තමයි බලාගෙන උන්නේ. මොකද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ කලක් බොලිවුඩයේ ආදරබර කුරුළු ජෝඩුවක් වෙලා සිටි රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්. බොලිවුඩයට බිහිවුණු තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉමිටියාස් අලී තමයි මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ. ඉමිටියාස් අලී කියන්නේ බොලිවුඩයට ගොඩක් ලස්සන සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කල කෙනෙක්. Jab We Met(2007), Love Aaj Kal(2009), Rockstar(2011), Highway(2014), වගේ චිත්‍රපටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටි ලයිස්තුවේ මූලික තැනක් ගන්නවා.

ඒ වගේම දීපිකා පදුකෝන් Love Aaj Kal හිදී සහ රන්බීර් කපූර් Rockstar(2011) හිදී ඉමිටියාස් අලී එක්ක වැඩ කරලා තියෙනවා. මෙහිදී Love Aaj Kal වසරේ හොඳම අධ්‍යක්ෂක සහ වසරේ හොඳම චිත්‍රපටියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා වගේම, Rockstar(2011) චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය යන ෆිල්ම් ෆෙයාර් සහ අයිෆා සම්මාන සියල්ලම දිනාගන්න ඒ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඉතින් ඔය දෙකේම වැඩකාරයෝ සෙට් එක එකතු වෙලා තමයි තමාෂා චිත්‍රපටිය සිනමාවට නගන්නේ. සංගීත අධ්‍යක්ෂණයෙන් A.R Rahman, නිෂ්පාදනයෙන් Sajid Nadiadwala, ගීත රචනයෙන් Irshad Kamil සහ ඉමිටියාස් අලීගේම පිටපත් රචනයෙන් මේ සලරුව සිනමාවට නැගෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනද? එක්කෝ ඕන නෑ. ඔයාලාට කොහොමත් මේක මගහැරලා යන්න බැරි චිත්‍රපටියක් වෙනවා. ඒත් ඉමිටියාස් අලීගෙන් චිත්‍රපටිය තිරගත වෙන්න කලින් චිත්‍රපටියේ කතාව ගැන ඇහුවම මෑන්ස් මෙහෙම කියලා තියෙනවා. ” ඔබට යම් කෙනෙක් හමුවනවා, ඔබ ඔහුට වශී වනවා. ඔහු නිදහසේ ගලාගෙන යන කෙනෙක්. ඔබේ වර්ගයට අනුව ඔබට ඔහුට සම්බන්ධ විය නොහැකියි. නමුත් වසර ගණනාවකට පසු ඔබට ඔහුව මුණ ගැහුණු විට. ඔහු මුළුමනින්ම වෙන කෙනෙක්. “

ඉතින් එහෙනම් මාස දෙකකට විතර පස්සේ උපසිරැසියක් අරගෙන ආවේ බයිස්කෝප් එක වෙනුවෙන් බාරගත්තු වැඩක් කවදාවත් අහක දාන්න බැරි නිසා. දැන් කාර්යබහුල ජීවිතය නිසා අපේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරන්න අපහසු උනාට දවසෙම මේකේ ගතකරපු කාලයක් තිබුනා තවමත් මට මතකයි. අදටත් ජංජාලයට පිවිසෙන සෑම විටෙක බයිස්කෝප් අඩවියට පිවිසිලා යන්න අමතක කරන්නේ නෑ. අදටත් පරණ පෝස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් බලලා හිත පුරවාගන්නා අවස්ථා බෝමයි. මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට මෙයින් ලැබෙන එකම ලාභය ඔබ මොහොතක් වැය කර අප වෙනුවෙන් දාලා යන කමෙන්ට් එක විතරයි. ඒකෙ වටිනාකම මිල මුදලින් ගණනය කරන්න අමාරුයි. ඒක තේරෙන්නේ ඔබත් උපසිරසියක් නිර්මාණය කරලා මේකේ පළකරපු දවසක. ඉතින් මේ කියූ දේවල් වලට යම් සිත් රිදීමක් එහෙම උනානම් සමාව ඉල්ලන ගමන් තරහක් තියෙනවානම් යන ගමන් බැනලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියමින් මා සමුගන්නවා.

අහ්හ් යන්නට කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. හැමෝම හම්බවෙන්නට ආසයි ආයෙත් දවසක. සුන්දර දවසක් ගෙවුනා පහුගිය දවසක ඔයාලා එක්ක, නමුත් හැමෝගෙම මූණු බලාගන්න උනේ නෑ. ආයේ හම්බවෙමුකෝ. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවාසැමටජයෙන් ජය…!!!

Tamasha (2015) on IMDb

 

 

700 MB (DVDRip-XviD) කොපිය මෙතනින් බාගන්න

D3A3CD25D5FD25D340659D605377ED422F7C2D76

999 MB (DVDRip-XviD) කොපිය මෙතනින් බාගන්න

D3A3CD25D5FD25D340659D605377ED422F7C2D76

1.07 GB (720p.DVDRip.x264) කොපිය මෙතනින් බාගන්න

CE80222E9671ED154EA5869A44D8D2B1325660A0

2.51 GB (720p.DVDRip-x264.AC3-5.1) කොපිය මෙතනින් බාගන්න

236C7421861B56616289D89B6C13569F14F06013
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles