මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන විතරයි. ඔහුව නැවතත් මානසික රෝහලක හිරකරලයි ඉන්නෙ.
චිත්‍රපටය පටන් ගන්නෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට රෝගියෙක් ගෙනියන්න දොස්තර මහත්වරු එන තැනින්. දවස හොලෝවීන් දවසට කලින් දවස. ඒ වගේම ධාරානිපාත වැස්ස. රෝගියාව අරගෙන ගිලන්රථය පිටත් වෙනව. එය ස්මිත් ග්‍රෝව් වෙතට ලඟා වෙයිද? මේ රෝගීන් හුවමාරුවට ඩොක්ටර් ලූමිස් කැමති නෑ. මොකද මේ රෝගියා තමා මයිකල් මයර්ස්. ඒ මොහොතෙම ඇමතුමක් එනව ගිලන් රථය
අනතුරකට පත්වෙලා කියල. ලූමිස් එතනට ගීයාට පනපිටින් කවුරුවත් නෑ. නමුත් ඔහු දන්නව මයිකල් යන්නෙ කොහාටද කියල. ඒ හැඩොන්ෆීල්ඩ් වලට.
ජේමි කියන්නෙ අවුරුදු නමයක පොඩි ළමයෙක්, මෙයා මයිකල්ව දැකල නෑ ඒත් හීනෙන් පේනව.මෙයාගෙ අම්ම වෙන කවුරුවත් නෙමේ ලෝරි ස්ට්‍රෝඩ්. ඒත් රිය අනතුරකින් අම්ම තාත්ත දෙන්නම නැතිවෙලා. රේචල්ගෙ පවුල තමා ඇයව හදාගන්නෙ.ඩොක්ටර් ලූමිස් දැනගන්නව මයිකල්ගෙ ඊලඟ ඉලක්කය මොකක්ද කියල. ඔහු හැකි ඉක්මනින් හැඩොන්ෆීල්ඩ් වලට ඇවිල්ල පොලිසිය දැනුවත් කරනව.
කලින් වෙච්ච සිද්ධිය නිසා පොලිසිය මේ වතාවෙ මේක එච්චර සැහල්ලුවට ගන්නෙ නෑ. උපරිමයෙන් ක්‍රියාත්මක වෙනව.මේ අතර කලින් වතාවෙ ජීවිත අහිමිකරගත්ත ළමයින්ගෙ තාත්තලත් මේ ක්‍රියාන්විතයට එකතුවෙනව.ඒත් මේ දවසත් හොලෝවීන් නිසා වැඩේ එච්චර ලේසි වෙන්නෙ නෑ. මේ වතාවෙ නැතිවෙන්නෙ කාගෙ ජීවිතද? ජේමිට අනතුරක් වෙයිද?. දැනගන්න චිත්‍රපටය නරඹන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 4 1988 The Return of Michael Myers.sin
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
55 downloads