කොහොමද ඉතින් ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ලබාදෙයි.
කට්ටියට මතක ඇතිනේ කලින් කතාමාලාවේ ඩේමියන් ඩාක් සමග සටනින් ලොරල් ලාන්ස් එනම් බ්ලැක් කැනේරි මරුමුවට පත්වුනා. මේ නිසා නගරයට යහපතක් කරන්න හිතාගෙන ඔලිවර් ක්වින් නගරාධිපති ලෙස දිවුරුම් දුන්නා. එතැන් පටන් දැන් මාස පහක් ගතවෙලා තමයි කතාව පටන්ගන්නේ.
දැන් ග්‍රීන් ඇරෝගේ කණ්ඩායම විසිරිලා තියෙන්නේ. මතකනේ තියා සහ ජෝන් අයින්වෙලා ගියා. ඉතින් මේ දෙන්නා තාමත් ආපහු කණ්ඩායමට ඇවිත් නැහැ. ෆෙලිසිටිනම්(මේකිව මරන්නේ නැහැනේ මොකෙක්වත්) ඉතින් ඔලිවර්ට උදව් කරගෙන ඉන්නව. ෆෙලිසිටිට අවශ්‍ය අලුත් කණ්ඩායමක් හදන්න. ඒත් ඇරෝ ඒකට කැමති නැහැ. එයාට ඕනේ තනියම වැඩ කරගෙන යන්න. නමුත් ඉතින් පුර්ව ප්‍රචාරක පට නරඹපු අපේ කස්ටිය දන්නවනේ ඒ කණ්ඩායම බිහිවෙන බව. මේ පාරත් වෙනදා වගේම ඔලිවර්ගේ අතිතාවර්ජ්නයත් සිද්දවෙනවා. ඔලිවර් අතුරුදන් වෙලා හිටපු අවුරුදු පහෙන් අවසන් අවුරුද්ද තමා දැන් යන්නේ. ඔලිවර් මේ පාර ඉන්නේ රුසියාවේ. ඉතින් අපිට බලාගන්න ලැබෙයි ඔලිවර් කොහොමද රුසියන් මාෆියාවේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත්වුණේ කියලා මෙදාපාර.
අග්‍රීන් ඇරෝට අද සටන් කරන්න වෙන්නේ ටෝබාය්ස් චර්ච් කියලා කෙනෙක් එක්ක. ඒවගේම අද කොටහ අවසානයේ අලුත් දුෂ්ටයෙක් කරලියට එනවා. ඒ කට්ටිය ගැන ඉතින් කවිදු සහෝ ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් ලබාදෙයි. ඉතින් මම අද කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මෙතෙකින් නවතිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S0501.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1400 downloads
<< Previous Season All Episodes Next Episode >>