Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Holidays (2016) with Sinhala Subtitles |මේ බය සමරන දිනයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Holidays-(2016)

හුඟ කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. දිගටම කලේ කතාමාලා නිසා වෙනසකටත් එක්ක අද අරන් ආවේ 2016 දි තිරගත වුණ Horror/ Thriller වර්ගයේ චිත්‍රපටියක් වන Holidays. මේ කතාව මට බාරදීලා හුඟක් කල් වුණත් ෂර්ලොක් හෝම්ස් කතා එක්ක කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා මේක ටිකක් පරක්කු වුණා.

IMDb අගය 5.1 විදියට සටහන් වුණ මේ චිත්‍රපටියට Tomato Meter වලින් 51% අගයක් ලැබිලා තියෙනවා. මේකෙන් අපේ ලෝකයේ තියෙන ජනප්‍රවාද, චාරිත්‍ර හා කල්පිත වලට අභියෝග කරනවා. මේකෙන් ඒත්තු ගන්වන්න හදන්නේ උත්සව දවස් කියන්නේ බය සමරන දවස් කියලයි. Kevin Smith, Gary Shore, Scott Stewart වගේ අධ්‍යක්ෂකවරු ගොඩකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ සලරුව මිනිත්තු 105 තිස්සේ ගලා යමින් අපි මහ ඉහලින් සමරන උත්සව දිනවල නොදුටු පැත්තක් පෙන්වලා දෙනවා.

කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටිය ඇත්තෙන්ම එකම කතාවක් පාදක කරගෙන දිවෙන එකක් නෙවෙයි. කතා සංග්‍රහයක් එක චිත්‍රපටියකට සම්පිණ්ඩනය කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. චිත්‍රපටියේ නම හැටියටම මේකෙ තියෙන්නේ විවිධ උත්සව දින වලදී එක එක කට්ටියට මුහුණ දෙන්න වෙන ඇබැද්දි ගැනයි. ප්‍රේමවන්තයින්ගේ දිනය, සාන්ත පැට්රික් දිනය(අයර්ලන්තයට විශාල සේවයක් කළ සාන්ත පැට්රික් නම් රෝමානු කතෝලික බිෂොප්වරයෙක්), පාස්කුව, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, හැලොවීන් (ඔක්තෝබර් 31 වෙනිදා), නත්තල් දිනය, අලුත් අවුරුද්ද උදාවන දිනය කියන උත්සව දවස් වලදී වෙන එක එක විදියේ සිද්ධි ගැන තමයි මේක තියෙන්නේ. මේ දින හැම එකකදිම කවුරුහරි කෙනෙක් මැරෙනවා  එක්කො වධ විඳිනවා නැත්නම් මොකක්හරි විදියක කරදරයක් වෙනවා. තව දෙයක්—පාස්කු හාවා(Easter Bunny) දැකලා නැති කෙනෙක් ඉන්නවනම් මේකෙදි බලාගන්න පුළුවන්. මේ චිත්‍රපටියෙන් අපේ හිතේ Horror ගතිය ඇති කරන්නේ අමුතු විදියට. බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා.

තවත් උපසිරැසියක් අරගෙන එන්නම්. එතෙක් ඔබට ජය.

Holidays (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Holidays.2016.720p.BluRay.x264.VPPV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>