ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට නව වන උපසිරැසිය අරගෙන ආව. Star Trek කතා මාලාවේම හයවන කොටස. ඩොලර් මිලියන විසි හතක් යොදා නිර්මාණය කරන ලද ඩොලර් මිලියන අනු හතක් අදායම උපයාගන්නා ලද චිත්‍රපටය. මේ චිත්‍රපටයේ වැදගත්ම තව දෙයක් තමා එක දෙක වශයෙන් අනුපිලිවෙලින් මේ දක්වා චිත්‍රපට එකතුව ඉදිරියට පැමිණියත් මින් පසු චිත්‍රපට වෙන වෙන නම් වලින් පලවීම. Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb අගය 7.2 ක් අරන් තියනවා.
කතාව ගැන කියනවා නම් කිලිගොන් ලා සමුහාණ්ඩුවේ සතුරන් කියල දැනටමත් ඔයාල දන්නවා. මේ කතාව ආරම්භ වෙන්නේ කිලිගොන් වල ප්‍රක්සිස් කියන හඳ පුපුරායාමත් එක්ක. හේතුව විදියට සොයා ගන්නේ කිලිගොන් වරු බලය නිෂ්පාදනය කිරීමේදී සිදුවූ දෝෂයක්. මේ හින්ද කිලිගොන් ලෝකය අවුරුදු පනහකින් විනාශවෙනවා වායුගෝලය විනාශවීම හින්ද. ඉතින් කිලිගොන් වරු සමුහාණ්ඩුව එක්ක සාම ගිවිසුමක් ගහන්න හදනවා. එයාල පෘතුවියට එක්ක එන්න බාර වෙන්නේ එන්ටර්ප්‍රයිස් යානාවට. එහෙම එන අතරේ අබිරහස් විදියට කිලිගොන් යානයට පහර දෙනවා. ඔක්කොම හිතන්නේ ඒ එන්ටප්‍රයිස් යානාව කියල. ඒ අනුව ක්‍රීක් සහ මැකොයි වැරදි කාරයා කරලා ඇස්ටරොයිඩ් එකක සිරගත කරනවා. ඉතින් එයාල බේරෙන්නේ කොහොමද, කවුද ඇත්තටම පහර දුන්නේ සහ කවුද එන්ටප්‍රයිස් යානාව මේ සිදුවීමට මැදි කල එකට වගකියන්න ඕන කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
- Star Trek III: The Search for Spock (1984) – තරු ගණදුර 3 – යහළුවා සොයා යාම
- Star Trek IV: The Voyage Home (1986) – තරු ගණදුර 4 – නිවස කරා
- Star Trek V: The Final Frontier (1989) – තරු ගණදුර 5 – දේශ සිමාවෙන් ඔබ්බට
ඊටපස්සේ ඔයාල මේ Star Trek VI: The Undiscovered Country (1991) – තරු ගණදුර 6 – සාමය වෙනුවෙන් කියන එක බලන්න. ඊළඟට ඔයාලට බලන්න හත්වන සහ අටවන කොටස් දෙක බයිස්කෝප් අඩවියේ තියනවා.
- Star Trek: Generations (1994) – තරු ගණදුර – නව පරපුරක ඇරැඹුම
- Star Trek: First Contact (1996) – තරු ගණදුර – පළමු ස්පර්ශය
මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම නවවන කොටස වන Star Trek: Insurrection (1998) කියන එක. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.VI.The.Undiscovered.Country.1991.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
69 downloads