දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරයකින් තම සැබෑ පෙනුම අහිමි වූ කාන්තාවක්, ඇයගේ විශ්වාසය කඩ කළ ආදරවන්තයාව සොයා යන ගමන තමයි Le Retour des Cendres කියන ප්‍රංශ නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියන මේ ජර්මන් චිත්‍රපටයේ තේමාව වෙන්නේ. ජර්මන් චිත්‍රපට ගැන ලංකාවේ වැඩි කතාබහක් ඇති නොවුණත් මේක නම් ලස්සන තේමාවකින් ගලායන නිසා හොයාගෙන බලන්න වටිනවා කියන එක තමයි මගේ අදහස නම්. ජාත්‍යන්තර සම්මාන 15කට පාත්‍ර වෙලා තවත් 27කට යෝජනා වෙලා තියනවා කියන්නේ නිකංම චිත්‍රපටයක් වෙන්නත් බෑනේ. ඒ වගේම IMDb දර්ශකයේ 7.3/10 කුත්, MetaCritic දර්ශකයේ 88% ක් සහ Rotten Tomatoes මීටරයේ 98% ක ප්‍රතිචාර හිමිවෙලා තියනවා කියන්නත් ඕනේ. ඇත්තම කියනවනම් නිවාඩු පාඩු වෙලාවක බලන්න පුලුවන් නියම චිත්‍රපටියක්.
කතාව ගැන කෙටියෙන්ම කියනවනම්, දෙවන ලෝක යුධ ප්‍රහාරයකින් තුවාල ලබලා පෙනුම වෙනස් වෙන නෙලී කියන නාසි-යුදෙව් මිශ්‍ර කාන්තාව ඇයව ජර්මන් හමුදාවට පාවා දීපු තමන්ගෙ ආදරවන්තයා ජොනීව සොයාගෙන යන්නේ ඔහු තවමත් ඇයට ආදරය කරනවා ඇති කියන බලාපොරොත්තුවෙන්. ආදරය කරනවා වෙනුවට ඇය වෙන කෙනෙක් කියලා රැවටෙන ජොනී ඇයගෙන් ඉල්ලනවා නෙලීට ඔහුගේ මැරුණ බිරිඳ වගේ රඟපාන්න කියලා. තමන්ට තමන් වගේම රඟපාන්න කියලා කරන ඉල්ලීමෙන් වික්ෂිප්ත වෙන නෙලී, ජොනී ළඟින් ඉන්න ඕනේ නිසාම මේකට කැමති වෙනවා. මීට වඩා කතාව ගැන කියන්න දේවල් ගොඩක් තිබුණත් ඒක චිත්‍රපටියේ රසවිඳින්න කරදරයක් වෙයි කියලා හිතන නිසා මෙතනින් නවතින්නම්.
මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩුවක් තිබුණොත් මම සමාව ඉල්ලනවා වගේම පුළුවන් උපරිම විදියට පරිවර්තනය කරා කියන්නත් ඕනේ. ඔක්කොම හරි මේ ලිපිය ලියන එක තමා අමාරුම වැඩේ කියලා මම දන්නෙ නෑ නෙ. විවේක වෙලාවක තවත් චිත්‍රපට කීපයකට උපසිරැසි කීපයක් කරන්න අදහසක් තියනවා. ඒ වගේම උපසිරැසිය ගැන ඔයාලගේ අදහස්, ඉල්ලීම් පළ කරනවනම් ඒක මට ලොකු සතුටක්. බයිස්කෝප් වෙබ් අඩවියට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Phoenix.2014.BRRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
30 downloads