Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dilwale (2015) with Sinhala Subtitle |අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Dilwale (2015)

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච  කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි ගම් සිනමාපටයට පස්සෙ වසර 9 ක නිහැඬියාවකින් පසු ශාරුක්-කාජල් ආදර අන්දරයක් අපිට ආයෙමත් දැකගන්න ලැබුනේ 2010 වසරේ නිකුත් වෙච්ච මයි නේම් ඉස් ඛාන් සිනමාපටයත් එක්කයි. ඉන් පසු නැවතත් වසර 5 කට පසුව 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගෝල්මාල්, සිංගම්, බෝල් බච්චන් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ රෝහිත් ශෙට්ටි මේ දෙන්නව රිදී තිරයට ගේනවා. ඒ මේ දිල්වාලේ (Dilwale) සිනමාපටයෙන්.

2013 වසරේ නිකුත් වෙච්ච චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයෙන් පසුව රෝහිත් ශෙට්ටි අතින් නැවතත් ශාරුක්ව යොදාගෙන අධ්‍යක්ෂණය වෙන සිනමාපටය වන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. මොහු අතින් අධ්‍යක්ෂණය වුන චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හම්බුණ නිසා ප්‍රේක්ෂකයින් බොහොමයක් මේ සිනමාපටය ගැනත් හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා.කොහොම නමුත් හින්දි සිනමාලෝලීන් බොහෝ දෙනෙක් කියන්නෙ මේ කතාව මෙතෙක් නිපදවුණු ශාරුක්-කාජල් ආදර අන්දර වලට වඩා හුඟක් සරලයි කියලා.  තවත් කට්ටියක් කියනවා නෑ නෑ ඉස්සර වගේම මේ සිනමාපටයෙත් දෙන්නගෙ ආදරේ හරිම ලස්සනට ගලාගෙන යනවා කියලා. කියන විදිහට සරල නෑ කියල. නමුත් දැන් වයස 50ක් වෙන ශාරුක් සහ 41ක් වෙන කාජල් අතර මේ ආදර අන්දරය මටත් හිතෙන විදිහට ලස්සනට ගලාගෙන යනවා. හැබැයි ඒක මගේ මතය. ඔයාලා මේක ගැන බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන ඔයාලටම ඒක තීරණය කරන්න කියලා  මම කියනවා.

Student of the Year, Main Tera Hero, ABCD 2 වගේ සිනමාපටවලින් අපි හඳුනගත්ත වරුන් ධවාන් ශාරුක් සමග ප්‍රථම වරට සිනමාපටයකට සම්බන්ධ වෙන අවස්තාව මේකයි. ඒ වගේම හීරෝපාන්ති සිනමාපටය හරහා හින්දි සිනමාවට ප්‍රවේශ වෙච්ච ක්‍රිටි සැනොන්ගෙ දෙවන හින්දි සිනමාපටය වෙන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. IMDb අගය 5.7. එහෙනම් අද කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.

බල්ගේරියාවේ සිටින සතුරු මැර කල්ලි දෙකක් මත තමයි මේ කතාව පදනම් වෙන්නේ. මලික් සහ රන්ධීර් තමයි කල්ලි නායකයන්. රන්ධීර් විසින් හදා ගත්තු පුත්‍රයා තමයි රාජ්, නැත්නම් කාලි කියන්නේ. රාජ්ගේ මතුපිට පෙනුම හරිම සන්සුන් උනාට  දරුණු චරිතයක්. රාජ් ට මීරා ව මුණගැසෙන  සිදුවීම අහම්බයක් උණාට ඔවුන් දෙදෙනා ඉතා ඉක්මණින් සමීප වෙනවා, ආදරය කරනවා. නමුත් මීරා කියන්නේ ඇත්තටම කවුද කියලා රාජ් දැනගන්නේ ටිකක් පරක්කු වෙලා. දෙදෙනා අතර ජවනිකා ගණනාවක් සිදු වෙලා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවෙන නිසා ඔවුන් දුරස් වෙනවා, වසර 15 ක් ගතවන තුරුත් රාජ් ගේ මල්ලි වීර්ට මේ කිසිම දෙයක් දැනගන්න රාජ් ඉඩ තියන්නේ නැහැ, වීර් කියන්නේ හරිම දගකාර චරිතයක්, ඇහැට කනට පේන ගැටිස්සියක් පෙන්නම බැහැ, මොන දේ කලත් අයියට නම් පට්ට බයයි. මේ දෙන්නා එකතු වෙලා වාහන හදන ගරාජ් එකක් කරගෙන යනවා.

මේ අතරේ තමයි වීර්ට ඉෂිතා මුණගැහෙන්නේ. ලස්සන සුන්දර තරුණියක්. පස්සේ තමයි දැනගන්නේ ඉෂිතා කියන්නේ මීරාගේ නැගෙණිය බව. දැන් මොකෝ වෙන්නේ? වසර 15 ක් පැරණි පිවිතුරු ආදරය නැවත පන ලබාවිද? ඉෂිතා ගේ සහ වීර් ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද? මීරා සහ රාජ් ඔවුන්ගේ අතීත මතකය වළලාවිද? මීරා සහ රාජ් මේ තරම් කාලයක් දුරස් වෙන්න ඇත්තටම මොකද උනේ? උත්තර හොයා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

අවසාන වශයෙන් කියන්න වෙනවා, මම මේ උපසිරැසියක් අරගෙන එන්නේ මාස ගණනාවකට පසුව. කාර්‍යබහුල ජීවිතයත් එක්ක දැන් නම් උපසිරැසික් කරන්න නිදහස් කාලයක් හොයා ගන්න හරිම අපහසුයි. ෂාරුක් ගේ ෆිල්ම් එකකට සබ් කළා වගේම, මේ සිංහල උපසිරැසිකරණයේ තව එක් බලාපොරොත්තුවත් තියෙනවා, බලමු නෙහ් ඉදිරියේදී ඒකත් සැබෑ කරගන්න. එහෙනම් ඒ බලාපොරොත්තුවත් එක්ක ඔයාලගෙන් මම සමු ගන්නවා. හැමදාම බයිස්කෝප් එක්ක හිටියා වගේම ඉදිරියටත් අපිත් එක්කම ඉන්න, අපි ඔබට හොඳම දේ දෙන්න සැමදා සුදානමින් ඉන්නවා. සැමට ජය!!! බුදුසරණයි !!!!!

Dilwale (2015) on IMDb

 

 

606 MB (720p HD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

00F60487C2E6DE1A0DCF1BCD620B6E27C4DF31E6

999 MB (720p HD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

32CC8C640C3A5B63F9F72514B7B72EE70EBFD995

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CBB24056EB9670D3F0622D53A8C16BB76C8A2BB9

1.60 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න

C5B4A02109E9B93600D3E986EC46DC89A912E099

2.74 MB (1080p HD) කොපිය මෙතනින් බාගන්න

13F3DED0795BB94721BFFED92330691DAB1D05CC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>