Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Goodnight Mommy AKA Ich seh ich seh (2014) with Sinhala Subtitles |අම්මේ ඔබට මා නොපෙනේද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Goodnight Mommy (2014)

ආයුෂ බොහෝ වේවා බයිස්කෝප් සිංහලෙන් හා එකතුවන සහෘදයාණණි, පනස් වැනි උපසිරැසිය කරා යන ගමනේ තවත් එක් උපසිරැසියකි මේ. මෙවර මම තෝරගත්තේ ඉංග්‍රීසි නොවන විදේශිය චිත්‍රපටයක්. මේක චිත්‍රපටය හොදම විදේශ චිත්‍රපට ලෙස සැලකෙන චිත්‍රපට පහ ඇතුලෙ නම බබලවන චිත්‍රපටියක්. මේක ත්‍රාසජනක ගොඩට තමා වැටෙන්නෙ. මිනිත්තු 100ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ජර්මන් බසින් කෙරුණු ඔස්ට්‍රියානු නිෂ්පාදනයක්. මේ චිත්‍රපටියේම ඉන්නේ චරිත 03යි. හුදෙකලාවට බර චිත්‍රපටියක්. නමුත් තරමක් වෙනස් ත්‍රාසජනක චිත්‍රපටියක් කිව්වොත් මම නිවරදියි. විශේෂත්වය තමා සැබෑ ජීවිතයේම නිවුන් සහෝදරයන් දෙදෙනෙකු මෙම චිත්‍රපටියේ සොයුරන් දෙදෙනා ලෙස දායක වීමයි. අපි චුට්ටක් චිත්‍රපටිය දිහාට හැරෙමු.

මේ කථාව මම පටන් ගත්ත තැනට අරගෙන එන්නම්. නැත්තං අපේ සහෝදරයන්ට මේ කථාව රසවිදින්න බාධා වේවි. එක් පවුලක් ඉන්නවා. ඒ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, දරුවන් දෙදෙනයි. දරුවන් දෙදෙනා නිවුන් දරුවෝ. ඒ පවුල යම් අනතුරකට ගොදුරු වෙනවා. එයින් දිවි ගලවාගන්නේ අම්මයි එක් නිවුන් දරුවෙකුයි පමණයි. තාත්ත ගැන නම් සදහනක් නැහැ. ඔහු මිය ගිහින් වෙන්නත් පුළුවන්. නමුත් දිවි ගලවාගන්නේ එක්  සහෝදරයෙන් පමණයි. අනෙක් කෙනාකෙනෙක් මිය ගිහින්. අම්ගෙත් මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරලයි තියෙන්නේ. නමුත් අර මිය ගිය නිවුන් සහෝදරයා මේ ගෙදර ඉන්නවා. අම්මට පේන්නෙ නැති උණාට. මේ නිවුන් දරුවෝ දෙන්න සෙල්ලම් කරනවා, දවස ගෙවනවා. මේ අතරේ අර මිය ගිය නිවුන් සහෝදරයා ජීවත් වෙන නිවුන් සහෝදරයට අම්ම ගැන වැරදි ඔළුවට දානවා. අන්තිමේදි අර අහිංසක අම්මට මේ නිසාම ජීවිතයත් අහිමි වෙනවා.

කථාවෙ දළ සටහන මෙහෙමයි. මීට වඩා ගොඩක් දේ චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබේවි. රසවින්දනයට බාධාවක් නොවන පරිදී උපසිරැසි ගැන්වීමට ගොඩක් මහන්සි උණා. හිතනව වැඩේ සාර්ථක ඇති කියල. එහෙනම් මම යන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.

Goodnight Mommy (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goodnight.Mummy.2014.720p.BluRay.x264.VPPV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>