Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Take Shelter (2011) with Sinhala Subtitles |සෙවනක් සොයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Take Shelter (2011)

ආයුබෝවන් හැමෝටම , මේක මගේ පළමු උපසිරැසිකරණය. මුළින්ම කියන්න ඕන සබ් සිංහලට පරිවර්ථනය කරලා මේ වෙබ් අඩවියට දෙන යාළුවො හැමෝම ලොකු මහන්සියක් දරනවා. සබ් එකක් කරන්න ගියාම ඒක හොඳටම තේරෙනවා. ඉතින් සබ් කරන හැමෝටම මම සුභ පතනවා. මේ සබ් එකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන්, මං පුළුවන් තරම් මහන්සි ගත්තා චිත්‍රපටියෙ අදහටස හානියක් නොවෙන්න සබ් එක කරන්න. මම හිතනවා මම සාර්ථක වුණා කියලා. ඔයාලා හැමෝගෙම අදහස් දැනගන්න කැමති. අඩුපාඩුවක් තියනවානම් ඒ දේවලුත් කියන්න, එතකොට මට ඊළඟ සබ් එක තවත් හොඳට කරන්න පුළුවන් වෙයි. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මාව සම්බන්ධ කරන් සුබ් එක කරන්න බාර දුන්න ප්‍රනීත් සහෝදරයාටත් මම ස්තූතිවන්ත වෙනවා මට අවස්ථාවක් ලබා දුන්නට.

ඉතින් චිත්‍රපටිය ගැන ටිකක් කියනවානම් මේක 2011 වර්ශයේ තිරගත වෙච්ච එකක් IMDB rating 7.4/10 ක් අරන් තියනවා. ඔයාලම දන්නවනෙ එහෙනම් කොහොම එකක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේක සම්මාන 4ක් දිනා ගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන මයිකල් ශැනන්ට (කර්ටස්) මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ඉදිරිපත් කිරීමට හිමි සම්මානයද හිමි වෙලා තියනවා. මේකෙ කතාවනම් ටිකක් වෙනස් කතාවක්, කර්ටස්ට තේරෙනවා මොකක් හරි ලොකු විනාශයක් වෙන්න යන්නෙ කියලා කුණාටුවකින්, මේ ගැන අනිත් අයට කිව්වාම එයාලා ඉතන්නෙ යම්කිසි මානසික රෝගයකින් කර්ටස් පෙලෙනවා කියලා. එයාගෙ බිරිඳත් හිතන්නෙ එහෙමයි. අන්තිමට එහෙම හිතපු අයට මොකද වෙන්නෙ, එහෙම කුණාටුවක් ඇත්තටම් එයිද? තම දරුවාට අසීමිතව ආදරය කරන පියෙක්, තම බිරිඳට අසීමිතව ආදරය කරන ස්වාමිපුරුෂයෙක් ගැන කියවෙන අග්‍රගන්‍ය සිනාමා සිත්තමක් නරඹන්නට ආරාධනා කරනවා. තවත් සබ් එකකින් හමුවෙමු. ජයවේවා. . . !

Take Shelter (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Take.Shelter.2011.BluRay.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුත් චිරන්තන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>