පහුගිය සුපර්ගර්ල් පළවෙනි සීසන් එකේදී මතක ඇතිනේ කට්ටිය මිරියාඩ් එකට අහුවෙලා කාරාගේ අක්කා එයාවවත් මරන්න ගියා. සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට පස්සෙ පෘතුවියේ ඉන්න මිනිස්සුන්ව මරන්න තීරණය කරනවා. මිරියාඩ් එකේ සංඛ්‍යාතය වැඩි කරලා. ඔය ඔක්කොම විසදෙගන. මිරියාඩ් එකත් නවත්තලා ලස්සන අවසානයක් දකින්න ඇති. ජේම්ස් කාරා දෙන්නා සෙට් වුණා.ඒ දෙන්නගේ ආදර කතාවට ආරම්භයක් වුණා පහුගිය අවසානය. ඒ අතරේ තමයි යානයක් එක පාරට කඩාගෙන වැටුණේ. සුපර්ගර්ල් වගේම ජෝනුත් ගියා මොකක්ද මේ යානය. කවුද මේකේ ඉන්නේ කියලා බලන්න.
ඒකෙ ඉන්නෙත් ක්‍රිප්ටෝනියන් වැසියෙක්. නමුත් ඉතින් අඩුමතරමේ සුපර්ගර්ල්වත් අදුරන්නේ නැහැ ඒ කාගේ කවුද කියලත්. මේ අතරේ නැෂනල් සිටිවල අභ්‍යවකාශ යානයක් කක්ෂගත කරන්න තමයි සුදානම. මේ අභ්‍යවකාශ යනය අහසට ගිහින් එහෙදි අනතුරක් වෙලා යානයේ පිටුපසට හානියක් වෙලා ආයෙමත් පෘතුවියට කඩාගෙන වැටෙනවා. මේ අතරෙදි සුප්ර්ගර්ල් කැට්කෝ එකේ හිරවෙලා. මොකද එයාට දුන්න තනතුර එයා මේ වෙනකන් අරගෙන නෑ. මිස් ග්‍රෑන්ට් ඒක ගැන හිතලා තීරණයක් අරගන්න වෙලාවක් නම් ලබාදෙනවා. මේ අතරේ යානය කඩා වැටෙද්දී සුපර්ගර්ල් එතනට ගිහින් තනියෙන් ඒ යානය කඩාවැටෙන්න නොදී තියන්න හදන අතරේ සුපර්මෑන් එතනට ඇවිත් එයාට උදව් කරනවා. ඔව් මෙතක් කල් බලා සිටි ටීන් වුල්ෆ් බලන අය “ඩෙරෙක් හේල්” නමින් හදුනන Tyler Hoechlin කියලා නළුවා අද ඉදන් සුපර්මෑන් විදිහට කතාවට එකතු වෙනවා. ඔතනින් පස්සේ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ. ගොඩක් දෙනා මේ කතාවට බැනලා තිබ්බා චා වෙලා ඇති. මොකද CW චැනල් එකෙන් අරං සුපර්මෑන්වත් දාපු නිසා කියලා. නමුත් පළමු කොටසට පමණක් 8.8/10 වගේ ඉහළම අගයක් ලැබිලා තියෙනවා.
ආපු දවසේ උදේම සබ් වගේම කොපිය ආවට හවස් වෙනකන්ම මට කරන්න නම් වෙලාවක් නැහැ. එහෙමයි කියලා මේක තව කල් යවන්නත් බැරි නිසා මහා රෑ තමයි ඉවරයක් කලේ. සමාවෙන්න වෙන්න ඕනේ, ඉදිරි කොටස් ටිකටත් මේ ටිකම තමයි. මේක නම් අවංකම මං කරන්න තියා ආසාවටත් හිතපු කතාවක් නෙවෙයි. තුන්කට්ටුවක් එකතු වෙලා මේක කොහොමහරි මගේ ඇගේම ගැහුවා. මේක බාරගත්තට මොකද කරන්න ටිකක් වෙලා යනවා. ඇරත් මට මේ කතාව ඉවර වෙනකන්ම කරන්න බැරි තත්වයක් තියෙද්දියි මං මේක ඒ වෙලාවේ බාරගත්තේ. මොකද ලබන අවුරුද්දේ ඉදන් උපසිරැසි කිරිල්ල කරගන්න අමාරු තත්වයකට මුහුණ දෙන්න වෙන නිසා. එතකන් පුළුවන් විදිහට ඇදගෙන යන්නම්.
ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E01.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
336 downloads
<< Previous Season All Episodes Next Episode>>