Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Halloween: The Curse of Michael Myers (1995) with sinhala subtitles |ජේමිගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Halloween 6-The Curse of Michael Myers (1995)

හොලෝවීන් මාලාවෙ හයවැන්න. පහ ඉවර උනේ කොහොමද කියල දන්නව ඇතිනෙ. අවසාන මොහොතෙ පොලිසියෙ ඇතිවෙන කළබලයකට පස්සෙ පිපුරුමක්. ජේමිත් එක්කම මයිකල් අතුරුදහන් වෙනව.

මේ චිත්‍රපටය පටන්ගන්නෙ දරු උපතකින්, මේ වෙන කවුරුත් නෙමේ ජේමි. කවුරු නමුත් ජේමිවයි මයිකල්වයි දෙන්නම අරගෙන ගිහින් හන්ගගෙන ඉන්නව. තවත් අවුරුදු ගානක් යනකම් කලබලයක් නැති උනත් තව එක්කෙනෙක් මේ වෙනුවෙන් බලාඅගෙන ඉන්නව ඒ ටොමී ඩොයිල්. ඒ තමා මුලින්ම මේ කතාව පටන්ගන්නකොට ලෝරි බලාගත්ත ළමය. මේ වෙනකොට හැඩොන්ෆීල්ඩ් වල හොලෝවීන් තහනම් කරල. ඔහු බලාන ඉන්නෙ කවදහරි මයිකල් ආපහු එයි කියල. ඒ අතරෙ පාසලේ තරුණ කණ්ඩායමක් නැවත හොලෝවීන් පටන්ගන්න උත්සහ කරනව.

මුලින්ම අර ලැබුණ ලමයට මොකද උනේ. ජේමිව එතන හිරකරල හිටියත් හෙදියකගෙ උදව්වෙන් දරුවත් අරගෙන පැනයනව. නමුත් මයිකල්ගෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. ඒත් දරුවව බස් නැවතුමක සඟවනව. එතනදි ඇය පොලිසිය අමතන්න උත්සහ කලත් වැඩක් වෙන්නෙ නෑ. පස්සෙ ඒ මොහොතේ විකාශය වෙන ගුවන්විදුලි වැඩසටහනකට අමතනව. වැඩි විස්තරයක් කියන්න හම්බවෙන්නෙ නෑ. නමුත් මේ වැඩසටහන ටොමී පටිගතකරනව. ඒ මගින් දරුවව හොයාගන්නව. නමුත් මේ වෙනකොට ජේමි මියගිහින්.

රෝහලේදි ලූමිස්ව දකින ටොම් මේ වෙනුවෙන් ඔහුගෙ උදවු ඉල්ලනව. ටොම් දන්නව දැන් මයිකල් ආපහු ගෙදර එන බව. දැන් ඒ ගෙදර පවුලක් පදිංචියි. ඔවුන්වත් බේරගන්න ඕන. මොනදේ උනත් ප්‍රමාද වැඩියි බේරගන්න පුලුවන් වෙන්නෙ දෙන්නයි. ඒ කාරා හා ඇගේ පුතා. මේ අතරෙ මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල දැනගන්නකොටඒ දෙන්නව විතරක් නෙමේ, ජේමිගෙ දරුවවත් මෙ වගකිවයුතු අය අරගෙන ගිහින්. වෙන කවුරුත් නෙමේ. ස්මිත් ග්‍රෝව් රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්. ඔවුන්ගේ උත්සහය මයිකල් තුල සිටින යක්ෂයා පාලනය කරන එක. ඔවුන්ට යක්ෂයා පාලනය කල හැකිවෙයිද? කාරා ඇතුලු පිරිසට කුමක් වෙයිද?

 

Halloween (1978)

Halloween (1981)

Halloween (1982)

Halloween 4: The Return of Michael Myers (1988)

Halloween 5 (1989)

Halloween: The Curse of Michael Myers (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 5 1989 The Revenge of Michael Myers.sin

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>