සමාවෙන්න කලට වෙලාවට දෙන්න බැරි වුණාට. පුද්ගලික වැඩයි, ප්‍රශ්නයි එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අනික මේක වෙනදට විකාශය වුණේ බ්‍රහස්පතින්දා එතකොට සිකුරාදා හවස් වෙද්දී උපසිරැසියක් එනවා. නමුත් මෙවර කතාමාලා සටහන වෙනස් වුණා. මේක දැන් විකාශය වෙන්නේ සිකුරාදාට ඒත් මේකේ ගුණාත්මක උපසිරැසිය සෙනසුරාදා රෑ 12 වෙනකං නම් ඇවිත් තිබ්බේ නැහැ. නමුත් අපේ ප්‍රණීත් සහෝදරයා ඊට කලින් උපසිරැසියක් දුන්නා ඒක කලා නම් සෙනසුරාදාම දෙන්න තිබ්බා. ඒත් එකෙ කරන්න වෙන්නේ අසා ලිවිම ඒ හන්දයි කලේ නැත්තේ. ඒත් ඔයාටත් ගොඩක් ස්තුතියි හොදේ. ඉරිදා මට දවසම වෙලාවක් නැහැ ඒ නිසා අද සදුදා දවසේ හවස වැඩේට බැහැලා රෑ වෙනකං සබ ඉවරයක් කලා. කලින් කොටසේ වුණේ රෙබෙකාව බේරාගෙන ආවා නමුත් එයාට ශාපයක් වැදිලා තිබ්බා දැක්කනේ. නමුත් මේ හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් ලැබුණා. පවුලක් හැටියට. ඒ නත්තල නිසා. ඒත් මේ අතරේ ප්‍රශ්ණ වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. ෆින් ඉන්න පෙන්ඩන්ට් එක නැති වුණා. රෙබෙකාව ආයෙමත් නින්දට යැව්වා. එතකොට අන්තිමට ගොඩක් අයට ගොඩක් දුක හිතෙන කොටසක් වුණා ඒ තමයි කැමීල් ක්ලවුස් එක්ක ආදරයෙන් බැදුනා නමුත් හිතපු නැති විදිහට කැමීල් මැරිලා හිටියා ක්ලවුස් නැගිටිනකොට. ඒ මදිවට සෙරටීයුරා එකත් කට්ටියක් ඇවිත් ඉස්සුවා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා ඔයාලම බලන්නකෝ. මොකද ප්‍රමාදය නිසා කට්ටිය තරහටම සබ නැතුව බලන්න ඇති. ගිහින් එන්නම් හැමෝටම ජය..!!
85 downloads
<<Previous Episode All Episodes Next Episode>>