Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E26] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං පොරොන්දු වුන විදිහටම අවසන් කොටසත් අරන් ආවා. කතා මාලා දෙකම අවසන් වෙනතුරු මගෙත් එක්ක රැඳිලා හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ස්තූති කරලා කමෙන්ට් දාලා තිබුණා. ඒ වගේම විශාල පිරිසක් කතා මාලා දෙකම රසවිඳලා තිබුණා.

ඉතින් සුපුරුදු විදිහටම මං පහුගිය කොටස ගැන විස්තරයක් කියන්නම්. කැතී-කැතීගේ ලෝකෙන් කාල්ගේ උදවු ඇතිව සන්ගේ ලෝකයට ආව කැතී සහ ජෝෂ් දෙන්නා දකින්නේ සන් පස්සෙන් පන්නන ශාරක්ගේ හමුදාව. සන්ව බේරාගෙන අහලා බලද්දි තමයි දැනගන්නේ ශාරක් අද හිරු බැස යනකොට ආයාව විවාහ කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. මේ අය ඉන්නේ මාලිගාවෙන් ගොඩක් ඈත. ආපහු මාලිගාවට යන්න නම් පයින් ගිහින් යන්න බෑ. මොකද දැන් කාලය තමයි ගොඩක්ම වැදගත්. මෙයාලා පරක්කු වුනොත් ආයාව බේරාගන්න තියෙන ඉඩකඩ බොහෝම අඩු වෙනවා. ඒ නිසා මෙයාලා කතා වෙන්නේ ආපහු අර ලෝකෙට ගිහින් බෝට්ටුව තියෙන තැන මාරු කරලා නැවතත් මේ ලෝකෙට එන්න. ඉතින් සන්වත් අරගෙන ජෝෂ් සහ කැතී දෙන්නා ආපහු අර ලෝකෙට ගිහින් කාල්ට ඇමතුමක් දීලා ටේලරයක් එක්කම කාල්ව ගෙන්නා ගන්නවා. ඊට පස්සේ බෝට්ටුවත් පටවාගෙන අරගෙන යන්නේ කිලෝ මීටර් 20 ක් ඈතට. බෝට්ටුව ප්‍රවාහනය කරද්දි අශ්කා මේක දකිනවා. යකඩ පෑස්සුම් කරන උපකරණයකින් අශ්කා බලඇඳුමත් බලගන්වා ගන්නවා. හරි දැන් ඇඳුමත් වැඩ. අශ්කා බෝට්ටුව අරන් යන කාල්ගේ වාහනය පස්සෙන් පන්නනවා. අන්තිමේදි කැතීලා යන්න ලෑස්ති වෙද්දිම අශ්කත් බෝට්ටුවට පැනගන්නවා. කොහොම හරි සන්ගේ ලෝකෙට ඇවිල්ලා අශ්කා ලෑස්ති වෙන්නේ අන්තර්මුහුණතත් අරන් බෝට්ටුවෙන් පනින්න. ශාරක්ගේ හමුදාවට අශ්කා අල්ලාගන්න පුලුවන් වෙනවා. ඒ සැනින්ම කැතී, සන් සහ ජෝෂ් නැවතත් අර ලෝකයට යනවා. ආපහු බෝට්ටුව තියෙන තැන වෙනස් කරලා ආයෙත් මාලිගාව ඇතුලටම එන්න කැතීලට පුලුවන් වෙනවා.

ශාරක් ආයාව විවාහ කරගන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ශාරක්ට සන්ව අල්ලා ගන්න උවමනාව තියෙන්නේ ආයාව පාලනය කරගන්න. සන්ට කරදර කරනවට ආයා කැමති නැති නිසා ශාරක් කියන ඕනිම දෙයක් ආයා ලවා කරගන්න පුලුවන් වෙනවා. කොහොම වුනත් අන්තිමේදි සන් අල්ලාගන්න ශාරක්ට පුලුවන් වෙනවා. මේ අතර කැතී සහ ජෝෂ් ඔරකල් සවිකරන්න උත්සාහ කළත් වැඩේ හරියන්නේ නෑ. මේක කරන්න පුලුවන් හොඳම කෙනා වෙන්නේ මෙක්. නමුත් මේ වනවිට මෙක් ඉන්නේ හිරකරලා. කැතී සහ ජෝෂ් උපායක් යොදවලා මෙක්ව එලියට ගන්නවා. මෙක් ඔරකල් සවිකරන අතර ආයාව එලියට ගන්න උත්සාහ කරන්නේ ඔරකල් පාලනය කරන්න පුලුවන් එකම කෙනා ආයා නිසා. මේනිසා කැතී සහ ආයා ගිහින් අශ්කාව මනමාලිය විදිහට අන්දවලා ශාරක්ට බන්දන්න ප්ලෑන් කරනවා. අන්තිමේදි අශ්කා කැමති වෙනවා මේ වැඩේ කරන්න. ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න අන්තිම කොටස බලන්නම වෙනවා.

ඉතින් ඔන්න මායාබන්ධන අදින් ඉවරයි. කතාමාලා දෙකටම උපසිරැසි දුන්නා. මං හිතනවා මායාබන්ධන රසික රසිකාවියන් ඒවා රසවිඳින්න ඇති කියලා. වැරදි අඩුපාඩු නම් බොහොමයක් තියෙන්න ඇති. ඉතින් ඒ හැම අඩුපාඩුවකටම සමාව ඉල්ලන්න කැමතියි මේ අන්තිම ලිපියෙන්. එහෙනම් තවත් ඉදිරියට ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඒවට පුලු පුලුවන් විදිහට උපසිරැසි දෙන්නම්. කාල වේලාව හොයාගන්න තමයි ඉතින් ගොඩාක් අමාරු. රාජකාරියත් කරන ගමන්ම තමයි මේ වැඩ ටිකත් කරන්නේ. ගෙදර ආව ගමන්ම ලැප් එක දිගෑරගෙන හෙඩ්ෆෝන් එකත් කනේ ගහගෙන කරන මේ වැඩේ දිහා බොහෝම සාවදානව බලාගෙන ඉන්න මගේ ආදරණීය බිරිඳ තුෂාරි තක්ෂිලාටත් මං මේ වෙලාවේ ස්තූතියක් පුද කරන්න කැමතියි. මොකද එයා කිසිම වෙලාවක මට මේ දේවල් කරන්න එපා කියලා කියලා නෑ. මේ කරන දේවල්වලට බාධා කරලා නෑ. ඉතින් මේවා සාවදානව දරාගත්ත එකත් ලොකු වැඩක්නේ නේද? එහෙනම් තවත් ඉස්සරහට තවත් උපසිරැසි කීපයක් පලකරන්න අදහසක් තියෙනවා. ඒවගෙන් හමු වෙනකන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් දිනෙන් දින වැජඹේවා කියලා පතනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E26.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>