Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Swiss Army Man (2016) with Sinhala Subtitles |බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Swiss Army Man (2016)

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්.

හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි නසා ගැනීමට උත්සහා කරන අවස්ථාවේ දකිනවා වෙරලට මොකක්ද ගසාගෙන එනවා. ඒ එන්නේ මැනී. ඉතින් හන්ක් කලබලේ ගිහින් බලනවා පණ තියනවද කියලා. දෙන්නගේ යාළුකම පටන් ගන්නේ එතන ඉඳන්. හන්ක්ට තේරෙනවා මැනී කියන්නේ නොයෙක් අමුතු හැකියාවල් වලින් පිරි කෙනෙක් කියලා. හරියට Swiss Army Knife එකක් වගේ. මේ දෙන්නා ආරම්භ කරනවා වීර චාරිකාවක්. මොකක්ද මේ වීර චාරිකාව? හැමෝටම ආරාධනා කරනවා බලන්න. අඩු නැතුව හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්. හිනාව විතරක් නෙවෙයි. තව  නොයෙක් දේවල් තියනවා.

Daniel Radcliffe, Paul Dano, Mary Elizabeth Winstead යන කට්ටිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. හුරු පුරුදු කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් මේ කතාවෙන් ජීවිතයට මොනවම හරි දෙයක් එකතු කරගන්න පුලුවන්. සබ් එකට නම් පොඩි කට්ටක් කන්න වුනා. දවසෙන් කරන්න හැදුවට දවස් දෙකක් ගියා. එහෙනම් තව එකකින් හමවෙමු. ඔබට ජය!!

අදාළ වන පිටපත්

  • Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG
  • Swiss.Army.Man.2016.720p.BluRay.x264-GECKOS
  • Swiss.Army.Man.2016.720p.BluRay.H264.AAC-RARBG
  • Swiss.Army.Man.2016.720p.BluRay.x264.ShAaNiG
  • Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG

Swiss Army Man (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>