Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supernatural [S11 : E12] with Sinhala Subtitles |පරණ කෝන්තර පිරිමහන්න වැම්පයර්ලා ආයෙමත් ඇවිත්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Supernatural-SE11New

කලින් කොටසේ කට්ටියම දකින්න ඇති සෑම් හා ඩීන් බැන්ෂි කෙනෙක්ව අල්ලන්න ගියා. එයා නිකන්ම බැන්ෂි කෙනෙක් නෙවෙයි කියලා මං ඔයාලට කිව්වා. ඒවගේම ඔයාලා දකින්නත් ඇති. එයා කරන්නේ රෝගී තත්වයේ ඉන්න කෙනෙක් ගොදුරු කරගන්න එක. කෙටියෙන්ම කියනවනම් එයාගේ ඔළුවට රිංගලා තමන්ට තමන්වම මරවන්න හදන්නේ. ඊටපස්සේ තමයි ඒ බැන්ෂි ඒ කෙනාගේ මොළය කන්නේ. ඒත් මට නම් මෙහෙම ප්‍රස්නයක් ආවා. මේ ප්‍රශ්නයම සෑම්ටත් ආවා. ඇයි ඒ බැන්ෂි අන්තිමට ඩීන් පස්සේ ආවේ. අර වයසක ගෑනු කෙනා පස්සේ එනවා වෙනුවට. ? ඒක නම් ටිකක් අමුතුයි. නමුත් ඉතින් ඩීන් ආමාරා එක්ක හුටපට ගොඩක් වුන නිසා මොකක් හරි ඇති. ආමාරා කිව්වම මතක් වුණේ අමාරා හා ඩීන් අතර වුන හැමදේම ඩීන් කැස්ටියල් (දැනට කැස්ටියල්ගේ ශරීරය අරගෙන ඉන්න ලූසෆර්ට කිව්වා) ඒක කොහොමෙන් කොහොම කෙළවර වෙයිද මන්දා.

අද කොටසේ ඔයාලාට දැකලා පුරුදු චරිත තුනක් දකින්න ලැබෙනවා. ඒ තමයි ක්ලෙයර්, ජෝඩි හා ඇලෙක්ස්. ක්ලෙයර්ව අර අන්තිමට මුණ ගැහුණු කොටසේ සෑම්, ඩීන්, කැස්ටියල් එකතු වෙලා ඇයව ජෝඩි ළගට යැව්වා. මොකද වෙන ආරක්ෂා කරන්න විදිහකුත් නැහැ. කරන්න දෙයකුත් නැති නිසා. ඒවගේම ඩීන් ඇයට පොතක් දුන්නා මේ දඩයක්කරුවන් සම්බන්ධ දේවල් තියෙන. ඇය දැන් දඩයක්කරුවෙක්. පිස්සුවෙන් වගේ ඒ වැඩ කරනවා. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ ජෝඩි අර ෂෙරිෆ්. ඩානා එක්කත් හිටියා. අන්න එයා. එතකොට තව අනිත් කෙනා තමයි අර වැම්පයර්ලා ළග ඉදලා බේරගෙන ආපු කෙල්ල ඇලෙක්ස්. මේ දෙන්නම හැදෙන්නේ වැඩෙන්නේ ජෝඩි ළග. අද කොටසට නම් වැම්පයර්ලා සම්බන්ධ වෙනවා. කියලා වැඩක් නැහැ බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතිං මං ගිහින් එන්නම් සබ කොටලම නිදි මතයි මොකද දැන් පාන්දර දෙකයි. 😀 ඔරිජිනල්ස් වලින් හමුවෙමු. ජය.!!!

 Supernatural (2005– ) on IMDb

 

 

165 MB (x265) කොපිය මෙතනින් බාගන්න

5AE3713AB9DF92811ECC3CEB27740CA08E484077

234 MB (x264) කොපිය මෙතනින් බාගන්න

5D202F5B7CFF4D3157535951EF19282962D75659
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>