Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

My Dog Skip (2000) with Sinhala Subtitles |ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

My Dog Skip (2000)

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක  කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම ඔයාලට ස්තුතිවන්ත වෙනවා.

චිත්‍රපටියෙ නම දකිද්දිම මේ ගැන ඔයාලට තවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියල මම දන්නවා. සමහරවිට ඔයාල මේක තුන්, හතර සැරයක් උනත් බලලා ඇති. කීපාරක් බැලුවත් හිතට එපා වෙන්නෙ නැති චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. 2000 වසරෙදි තිරගත වුනු මෙය IMDB Ratings 7.0/10 ක් අරගෙන තියනවා. ඒකෙන්ම තේරෙනවනේ මේක සුපිරියි කියලා. ඒවිතරක් නෙවෙයි Box Office අදායම් වාර්තා තබන්න පවා සමත්වුනු මෙය සම්මාන කිහිපයක් හිමි කරගෙන, තවත් බොහෝ ගණනකට නිර්දේශවෙලා තියනවා.

පවුලෙ හැමෝම එක්ක බොහෝම ආසාවෙන් මිනිත්තු 95ක් පුරා නරඹන්න පුලුවන් මේ චිත්‍රපටිය Jay Russell ගේ අධ්‍යක්ෂනයක්. පොඩි පිරිමි ළමයෙක්  හා ඔහුගෙ ආදරණීය සුරතල් බල්ලගේ ජීවිත කතාව ගැන කියවෙන මෙයට,  Willie Morris විසින් සත්‍ය කතාවක් ( ඔහුගේ ජීවිත කතාව ) ඇසුරෙන් ලියන ලද, ” My Dog Skip ” කියන පොත පාදක වෙලා තියනවා. මෙහි ප්‍රධාන චරිතය වන ”මෝරිස්” කියන පිරිමි ළමයට Frankie Muniz රඟපාන අතර අනෙක් ප්‍රධාන චරිතය වෙන්නෙ ස්කිප් කියන බලුපැටියයි. මේ සඳහා ”Jack Russell Terrier ” වර්ගයෙ බල්ලන් හය දෙනෙක් පමණ යොදාගෙන තියනවා. ඒ අතර Moose කියන බල්ලත්, උගේ පැටියෙක් වන Enzo ත් ප්‍රධාන තැනක් ගන්නවා. මේ චිත්‍රපටියෙ සාර්ථකත්වයට  ඔවුන්ගෙන් ලැබෙන දායකත්වයනම් ගැනනම් සඳහනක් කලයුතුමයි. මෙහිදී ඔවුන් ඉතා දක්ෂ අයුරින් රඟපානවා විතරක් නෙවෙයි ඉතාමත් තාත්වික අයුරින් ඔවුන්ගෙ හැසිරීම් නිරූපණය කරනවා. මේවිදියට ඔවුන්ව පුහුණු කරන්න ඉතා මහන්සි වී කැප උනා කියලයි වාර්තාවල සඳහන් වෙන්නෙ.

ඒ වගෙම, මේ චිත්‍රපටියෙ දෙබස්වල එන සමහර වචන,  අදහසට හානියක් නොවෙන්න සිංහලට පරිවර්තනය කරන්න ටිකක් මහන්සිවෙන්නත් උනා කියලත් මතක් කරනවා. ඔයාලා  කීපාරක් මේ චිත්‍රපටිය බලල තිබුනත් ,මේක නැවතත්  ඔයාලගෙ හිතට ගොඩක් සමීපවේවි කියල මට විස්වාසයි. එහෙනම්, ආදරණීය බල්ලෙක් හා මිනිසුන් අතර දිවෙන, අසීමිත ආදරය, සෙනෙහස, විශ්වාසය, දුක, සතුට හා මතකයන්ගෙන්  පිරුණු අග්‍රගන්‍ය සිනමා පටයක් නැවතත් වින්දනය කරන්නට ආරාධනාකරන ගමන්, තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔයාල කාටත් ජයවේවා කියල පතනව!

ප.ලි. Google  හි Search කිරීමෙන් හෝ  torrentking.eu වැනි වෙබ් අඩවියකින් සුදුසු පිටපතක්  ලබා ගත හැකිය.

My Dog Skip (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

My Dog Skip-DVDRip[Eng]2000

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>