Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Flash [S03 : E04] with Sinhala Subtitles |කණ්ණාඩියෙන් ආ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත නිසා. වෙන මොකුත් නෙවෙයි අනිත් ලෝකයේ ඉදන් හැරියි ජෙසියි එනවා. හැබැයි නිකන් නෙවෙයි. ජෙසී ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙලා. ඒකට පිළියමක් හොයාගෙන තමයි හැරී මේ ලෝකයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා හැරි ස්ටාර් ලැබ් එකේ ඉන්න සිස්කොටයි, කේට්ලන්ටයි කියනවා එයාව කොහොම හරි සුපිරි වීරවරියක් වෙන එක නවත්වන්න කියලා. ඔය අතරේ ජෙසී ස්පිඩ්ස්ටර් කෙනෙක් වුන එක ගැන වොලි දුකින් ඉන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි අදුරු පදාර්ථය එයාට වැදුනට එයත් ස්පීඩ්ස්ටර් කෙනෙක් නොවුන නිසා.

ඔය අතරේ නගරයේ කෙනෙක්ට කවුදෝ ලයිට් කනුවකින් පහර දීලා. ඉතින් පොලිසිය ඒ ගැන පරික්ෂා කරනවා. ඒ කෙනාගේ දුව වුන ෆ්‍රැන්කී පොලිසියට ගෙන්නනවා ප්‍රශ්න කරන්න. ඒ වෙලාවේ ජුලියන් කියපු දෙයක් නිසා ෆ්‍රැන්කිගේ ඇත්ත තත්වය මතු වෙනවා. එයාගේ ඇගට මැජෙන්ටා කියලා මෙටා මිනිහෙක් ඇවිත්. එයාට ලොකු ශක්තියක් තියෙනවා වගේම එයාට බලයෙන් ඕනිම දෙයක් පාලනය කරන්න පුලුවන් වෙනවා. ඉතින් ඒ කෙනා තමයි සමහර වෙලාවට ෆ්‍රැන්කිගේ ඇග පාලනය කරන්නේ. ඔය අතරේ වොලි තවමත් අවුලෙන් ඉන්නේ. ඉතින් එයාව සනසන්න ජෙසී එයත් එක්ක යනවා. ඒ යද්දි තමයි ජෙසිට බලය ලැබුන විදිය වොලි දැනගන්නවා. ඒ විදියට වැඩ කරන්න ගිහින් තව ටිකෙන් වොලි ලොකු තුවාලයක් කරගන්නවා. හැබැයි ඉතින් ජෙසී හිටපු හින්දා එයා බේරෙනවා.

ඔය අතරේ මැජෙන්ටා ආයෙමත් ක්‍රියාත්මක වෙලා. එයා ෆ්‍රැන්කිගේ තාත්තා මරන්න ඉස්පිරිතාලයට යනවා. ගිහින් ලොකු තෙල් නැවක් ඒ බිල්ඩින් එකට වට්ටවන්නයි හදන්නේ. ඒ වෙලාවේ ෆ්ලෑෂ් ගිහින් ඒ තෙල් ටැංකිය නවත්වා ගන්නවා. ඒ වගේම මැජෙන්ටා නවත්වන්න එයාට තනියම බැරි නිසා එතනට ජෙසී එනවා. ජෙසී යන එකට අකමැත්තෙන් වුනත් හැරී කැමති වෙනවා. කොහොම හරි ෆ්ලෑෂ්ට පුලුවන් වෙනවා ෆ්‍රැන්කි ඇතුලේ ඉන්න මැජෙන්ටව පරද්දන්න එයාව දිරිමත් කරන්න. ඒ වැඩේ හරි ගියපු නිසා අර තෙල් නැවෙන් හැමෝම බේරෙනවා. ඒ වගේම ෆ්‍රැන්කි හොද කෙනෙක් වෙනවා. හැබැයි ඉතින් මැජෙන්ටා තවමත් එයාගේ හිත ඇතුලෙයි ඉන්නේ. මේ වැඩෙන් පස්සේ හැරී තේරුම් ගන්නවා ජෙසීට එයාගේ බලයෙන් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියලා. ඒ වගේම එයා තිරණය කරනවා තව ටික දවසක් ඉදලා ජෙසීට ඒ වේගය ගැන බැරී ලවා දේවල් කියලා දෙන්න.

මේ හැමදේටම පස්සේ ආයෙමත් බෙරියි අයරිසුයි තවත් හමුවකට යනවා. ගිහින් සතුටින් ඒ හැන්දෑව ගත කරනවා. ඔය අතරේ ජෝ බෙරීටයි, ජුලියන්ටයි විඩියෝ එකක් පෙන්වනවා.  ඒ ඇල්කමි ඇවිත් අයන් හෙයිට්ස්වල ඉන්න ක්ලැරිස්ව මරලා දාන එක. හැබැයි ඒකෙ ඇල්කමි පේන්න නෑ. ඉතින් මෙයාලට ඒ විඩියෝ එක ලොකු ප්‍රශ්නයක් වෙනවා…

ඉතින් මෙයාලට ඇල්කමි ගැන හෝඩුවාවක් ලැබේවිද? බෙරීට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මෙතනින් ඉවර වෙයිද? ජෙසී දිගටම ස්පීඩ්ට්ස්ටර් කෙනෙක් විදියට කට්ටියට උදව් කරයිද? මේ දේවල් දැනගන්න කොටස බලමු… . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The Flash 2014 S03E04 x264 HDTV-LOL

The.Flash.2014.S03E04.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles