තවත් කියන්න දෙයක් නැනෙ ඉතින් ගිය සතියෙත් දැක්කනෙ ලුසීගෙ මුළු ජීවිතේම කනපිට ගහලා කියලා. ඔය අතරෙ මෙයාලට තවත් වතාවක් අතීතයට යන්න වෙනවා. ඒ වැඩ සිද්ද වෙන අතරෙ කෝනර් මේසන් රූෆස්ට කතා කරලා කියනවා එයාට ඇන්තනි ගැන සැකයි කියලා. ඒත් ඉතින් ඇන්තනි ඇවිත් රූෆස්ගෙ හොදම යාළුවෙක් හින්දා එයා මේක පිළිගන්නෙ නැ. කොහොමහරි කට්ටිය අතීතයට ගියාට පස්සෙයි දැන ගන්නෙ ඇන්තනිත් ෆ්ලින්ට උදව් කරනවා කියලා.
මේ කට්ටිය ජූඩිත් කැම්බෙල් කියන කාන්තාව පාවිච්චි කරලා න්‍යෂ්ටික බෝම්බයක න්‍යෂ්ටිය අරන් කොහොමහරි පැන ගන්නවා. ඒ කියන්නෙ ආපහු වර්තමානයට එනවා. හැබැයි එයාලා කාල යන්ත්‍රයෙ න්‍යෂ්ටිය අරන් එන්නෙ නැ ඒකට වෙනම ක්‍රමයක් පාවිච්චි කරනවා. කොහොමෙන් කොහොමහරි ලුසි ඇතුලු කණ්ඩායමට එදා නම් ෆ්ලින්ව මරන්නවත් න්‍යෂ්ටිය අරගන්නවත් බැරි වෙනවා. අද කොටස සෑහෙන දුරට නාසීන් සම්බන්ධව තමයි යන්නෙ. ෆ්ලින් මේ අයත් එක්ක මොනාද කරන්නෙ, මං නමට ජේම්ස් බොන්ඩ් කියලා දාලා තියෙන්නෙ ඇයි කියලා බලන්න අද කොටසත් නරඹන්න.
පට්ට රෑ වෙනකන් මහන්සිවෙලයි සබ දාන්නෙ. ඉතිං comment නැත්නම් වැඩක් නැ. සබ බාගෙන යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න. එහෙනං ඊලග කොටසින් හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Timeless.S01E04.HDTV.x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1504 downloads
<< Previous Episode All Episodes Next Episode >>