එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය.
උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා!
කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත්‍රපටියෙ නම දැකපු ගමන් දන්නවා. ඔව්, ඔව්, ඔබ හරි. ඒ තමයි දකුණු ඇමරිකාවෙ ඇමේසන් ගඟ නිජභූමිය කරගත් ඉතාම දරුණු මාංශ භක්ෂක මත්ස්‍ය කොට්ඨාශයක් වන “පිරානා” මාළු. උන් කොතරම් දරුණුද කියනවා නම් හොඳින් වැඩුනු ගවයෙකු ඇට සැකිල්ල මතුවන තෙක් කා දැමීමට පිරානා රංචුවකට ගතවන්නෙ මිනිත්තුවකටත් අඩු කාලයක් බවයි පැවසෙන්නෙ. ඉතිං උන්ට මිනිසෙක් අහුවුණොත් මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
හරි, අපි ආපහු මේ චිත්‍රපටිය පැත්තට හැරෙමු. මගේ හතලිස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2010 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexandre Aja නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ අපි දන්න නළු නිළියො රැසක්ම රඟපානවා. Back to the Future චිත්‍රපටි මාලාවෙ රඟපාන Christopher Lloyd, The Tournament චිත්‍රපටියෙ රඟපාන Ving Rhames, Hot Tub Time Machine 2 චිත්‍රපටියෙ රඟපාන Adam Scott වැනි නළුවො ඒ අතර ඉන්නවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක්. මොකද චිත්‍රපටියෙ යම් යම් තැන්වල නිරුවත් දර්ශන අඩංගු වෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි එන යම් යම් දර්ශන සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
මංගල සුබසිංහ(KOK) සහ අකිල ප්‍රනාන්දු යන සොයුරන් විසින් මීට පෙර පළ කර තිබූ ලිපිය.
2010 වසර තුළ මිනිමරුවන් පිළිබදව විශාල චිත්‍රපටි ප්‍රමාණයක් පැමිණියද,ගොඩක් දෙනා මග බලන් හිටපු මුහුද තුළ ලේ ප්‍රියතමයන් ලෙස හදුන්වන මිණිමරු මසුන් කොටසක් අළලා නිපදවුණු Piranha චිත්‍රපටිය අගොස්තු මස නිකුත්වි මාසයක් ඇතුළත අපිට නැරඹීමේ හැකියාව ලැබි තියනවා. මේකත් Horror ගණයට අයත් වන චිත්‍රපටියක්. මාළු ටැකියක් තුළ මෙම චිත්‍රපටීයේ වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතරම මෙය සඳහා විශාල වියදමක් දරා ඇති බව සඳහන්. මෙය ත්‍රිමාණ සජිවිකරනයන් හොඳින් යොදාගෙන ඇති අතර විඩියෝ සංස්කරණය තුළද විශේෂ ලක්ෂණ දකින්න පුළුවන්.
මේකේ රුපගතකිරිම් සඳහා ඇමරිකාවේ ප්‍රසිද්ධ වෙරළතිරයන් කිපයක් යොදා ගෙන ඇති අතරම Elisabeth shue වැනි ප්‍රවිණ හොලිවුඩ් නළු නිළි කැලකගෙ දායකත්වයද මෙයට නොවඩුව ලැබි තිබෙනවා. 1978 දී නිපදවුණ මෙහි මුල් නිපයුම එකල හොඳම චිත්‍රපටිය වුණු Jaws චිත්‍රපටියට පවා අභියෝග කිරිමට සමත්කම් දක්වලා තියනවා. 2010 වසරෙදි නව තාක්ෂණය කැටිකරගෙන නිමවා ඇති මේ නිර්මාණයද පළමු නිර්මාණයට දෙවෙනි නෑ.
මාළු ඇල්ලීම තම ව්‍යපාරය කරගත් මැට්ව විලක් විසින් ගිල ගන්නා දර්ශනයකින් චිත්‍රපටිය අරම්භ වෙනවා, එලෙසම නගරයට පැමිණෙන ඩ්‍රික් විසින් කාන්තා ලාලිත්‍යය පිළිබඳව චිත්‍රපටියක් කිරිමට අදහස් කරනවා. හදිසියේම පොලිස් නිලධාරි ජුලි විසින් මැට් සෙවිමට තිරණය කරනව. මැට් ගෙ සිරුර කිතු කිතු වි තිබී හමුවෙනවා. මෙතැන් සිට සියල්ල කණපිට පෙරලෙන්න ගන්නවා. මිණිමරුවා කවුද යන්න සෙවිම මෙතැන් සිට ඇරඹෙනවා.
“මුහුදක් සසලවු කලී බිළිගන්නේ ජිවිත එකක් නොව සමුහයකි.”
Due to copyright issues, we do not provide any torrent links.
Piranha.2010.720p.BrRip.x264.YIFY [yts.ag]
237 downloads