ටික දවසකින් සුපුරුදු විදියට තවත් කොමඩි චිත්‍රපටයක් අරගෙන ආවා. අගෝස්තු මස 5වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටය අයිතිවෙන්නේ Comedy, Family, Fantasyයන කාණ්ඩයන්ට. පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් කොමඩි චිත්‍රපටියක්. මේ වගේ ඒවා අඩු නිසා වෙනසකටත් එක්ක හොදයි ඉතින්.:-). Imdb අගය 4.8යි. ප්‍රධාන චරිතය වන ටොම් බ්‍රෑන්ඩ් විදියට, Kevin Spacey රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව, Jennifer Garner, Christopher Walken, Robbie Amell වගේ අය චරිත නිරූපනය කරනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් හදුන්වන්නම්.
ටොම් බ්‍රෑන්ඩ් කියන්නේ ගොඩක් කාර්යබහුල, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මෙයා කොච්චර කාර්යබහුලද කියනවානම් ගෙදර ඉන්නෙත් ඉදලා හිටලා. ගොඩක් වෙලාවට ව්‍යාපාර වැඩ වෙනුවෙන් තමයි කාලය යොදවන්නේ. බිරිද, ලමයි වෙනුවෙන්වත් කාලයක් වෙන්කරගන්න බැරි තරමටම කාර්යබහුල කෙනෙක්. ඉතින් මේ අතරේ මෙයාගේ දුවගේ උපන්දිනයත් ලංවෙනවා. ඒ ගැන මතක් කරන්නෙත් බිරිද තමයි.:-). කොහොමවුනත් මෙයාගේ දුව උපන්දිනයට තෑග්ගක් විදියට ඉල්ලන්නේ පූසෙක්ව. ටොම්ට නම් පූසන්ව පේන්න බෑ. කොහොමවුනත් දුව හැමතිස්සෙම පූසෙක්ව ඉල්ලන නිසා මෙයා සුරතල් සතුන් වෙලදසැලකට යනවා පූසෙක්ව ගන්න. ඒක ටිකක් අමුතු තැනක්, ඒවගේම වෙළදසැලේ ඉන්නෙත් ටිකක් අමුතු කෙනෙක්. කොහොමහරි ටොම් පූසෙක්ව තෝරගෙන වෙළදසැලෙන් පිටවෙනවා. ඉතින් යන අතරමගදී ටොම්ට අනතුරක් වෙනවා. ඊටපස්සේ ඇහැරෙද්දී තමයි ඉතින් වැඩේ.:-). ටොම් අර අරගෙන ආව පූසාගේ ඇග ඇතුලේ. ඒ කියන්නේ ටොම්ගේ ආත්මය පූසාගේ ඇග ඇතුලේ හිරවෙලා. ටොම්ගේ ඇත්ත ශරීරය අනතුරෙන් පස්සේ දැන් කෝමා තත්වයක තියෙන්නේ. පස්සේ ටොම්ට දැනගන්න ලැබෙනවා මේක අර වෙළදසැලේ හිටපු කෙනාගේ වැඩක් කියලා. එයා ටොම්ට කියනවා ආපහු කලින් හිටිය කෙනා වෙන්න ඕනේ නම් පවුලේ අයත් එක්ක හොද විදියට හැසිරෙන්න ඕනේ කියලා.ඒ කියන්නේ පවුලේ අයත් එක්ක සමගියෙන්, එකට ඉන්න ඕනේ කියන එක. නැත්තන් ටොම්ට හැමදාටම පූසගේ ඇග ඇතුලේ හිරවෙලා ඉන්නයි වෙන්නේ. එහෙනම් ටොම්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්තන් ටොම්ට හැමදාමත් පූසෙක් වෙලා ඉන්න වෙයිද? කියන එක කතාව බලලාම දැනගන්නකෝ. කලිනුත් කිව්වා වගේ පවුලේ සැමටම සුදුසු චිත්‍රපටියක් වගේම ආදර්ශමත් කතාවක්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතෙක් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Nine.Lives.2016.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1610 downloads