රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය…
හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් නෙවෙයි නිසා කෙලින්ම කතාව පැත්තට යමු. හා තව එකක්, මේ මගේ පලවෙනි පරිවර්තනය. සෑහෙන්න වැරදිත් ඇති. මම තාම ආධුනිකයා නිසා සමාවන සේක්වා.
එහෙනම් මේකේ කතාව යන්නේ මුදලට හොරු අල්ලන කෙනෙක් වටා. එයාට අලුතින්ම හම්බවෙන වැඩේ තමයි තමන්ගේ කලින් බිරිද අල්ලලා පොලීසියට බාරදෙන එක. බිරිඳ පත්තර වාර්තාකාරියක්. මිනීමැරුමක් ගැන හොයන්න ගිහිල්ලා ලොකු අවුලක වැටෙනවා. අන්තිමට කතාව වෙන්නේ… එක්කෝ ඕන නෑ. ඔයාලම බාගෙන බලන්නකෝ.
කළින් පළ කල තිබූ ලිපිය…
ඔන්න අද මම අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් ක්‍රියාදාම එහෙම තියෙන එළ බයිස්කෝප් එකක්. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ 300, PS. I Love You, The Ugly Truth වගේ චිත්‍රපටි වලින් අපි දුටු Gerard Butlerත්, සුරූපී Jennifer Anistonයි තමයි.
Gerard Butler මෙහි Milo නමැති Bounty Hunterගේ චරිතයට පණ පොවනවා. නොදන්න උදවියට දැන ගැනීම උදෙසා පමණක් Bounty Hunter කෙනෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල කියන්නම්. කුමක් හෝ වැරැද්දක් කරල නීතියේ රැහැනින් මිදිලා ඉන්න වැරදිකාරයෝ අල්ලන එක තමයි Bounty Hunterලගේ රාජකාරිය. එයාලට ඒකට ගෙවන ගෙවීමට කියන්නෙ bounty එක කියල.
Miloට ලැබෙන අළුත්ම වැඩේ තමයි Nicoleව නීතියට භාර කිරීම. Nicoleව හොයාගෙන Miloගියත්, Nicoleව දැක්කම Miloයි Nicoleයි දෙන්නම් උඩ යනව. ඒ මොකද? මේ දෙන්න ඉස්සර පෙම්වතුන්. “ඉස්සර” හොඳේ? මල සේකර, කොහොමහරි Milo, Nicoleව රැගෙන අදාල උසාවියට භාර දෙන්න යනවා. වැඩි විස්තර කියන්නෙ නැහැ, ඒත් අතරමඟදී පිරිසක් Nicoleව ඝාතනය කිරීමට තැත්කරනවා. Milo රාජකාරියයි ප්‍රේමයයි අතරෙ හිර වෙනවා. මොනව වෙයිද?
මතකනෙ Hitch, Fools Gold චිත්‍රපටි, ඒවා අධ්‍යක්ෂණය කල Andy Tennantගේම නිර්මාණයක් තමයි මේක. හොඳ ඇතිනේ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Bounty.Hunter.2010.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
715 downloads