Image may be NSFW.
Clik here to view.
කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ.
ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ සිට නිකුත් වෙනවා වෙනවා කිය කිය ඉදලා අන්තිමේදී කොහොමහරි 2015 වසර අවසානයේදී නිකුත් උනා. ෆිලුමේ රංගනයෙන් එක්වන ප්‍රධාන නළුවා වන්නේ 2015 වසරේ ඉතා හොද ප්‍රතිචාර ලැබූ “”තනි ඔරුවන්” ෆිලුමේ රංගනයෙන් දායක උනු “”ජෙයම් “රවී”ය. ඒ වගේම ප්‍රධාන නිළිය වන්නේ “”ත්‍රිශා “ක්‍රිශ්නන්”ය. ෆිලුම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ‘කල්‍යාන ක්‍රිශ්නන්’ විසිනි. නිෂ්පාදනය කරලා තියෙන්නේ ‘විශ්වනාදන් රවිචන්ද්‍රන්’ විසිනි. සංගීතයෙන් එක් වෙලා තියෙන්නේ ‘ශ්‍රීකාන්ත් දේවා’ ය. ඇත්තටම මොහු ගොඩ කාලෙකට පස්සේ තමා මෙසේ චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆිලුමේ කිසිම ආදරබර ප්‍රේම ගීත කිසිවක් නෑ. තියෙන්නෙත් ගීත 2ක් පමණී.
කතාව මෙහෙමයි. තමිල්නාඩුවේ ‘ස්වදේසීය බෙහෙත් ගුරාගේ පරම්පරාව’ හා ‘යකඩ මිනිසා රාසමානික්කම්ගේ පරම්පරාව’ කියලා බොක්සින් පරම්පරා දෙකක් තියෙනවා. මේ පරම්පරා දෙකම ආරම්භ උනු හැටි ෆිලුම ආරම්බයේ කියන නිසා ඔයාලට දැනගත හැකියි. මේ පරම්පරා දෙක යම් හේතුවක් නිසා ජන්මාන්තර හතුරෝ වෙලා ඉන්නේ. මේ අය නිසා මින් පසුව තමිල්නාඩුවේ බොක්සින් තරග පැවැත්වීම තහනම් කියලා උසාවිය නියෝගයකුත් පනවලයි තියෙන්නේ. වසර 20කට පස්සේ ‘ෆියුචර් ක්‍රීඩා නාලීකාව’ විසින් මේ පරම්පරා දෙක අතර තරගාවලියක්(බොක්සින්) සංවිධානය කරනවා. පස්සේ මේ පරම්පරා දෙකටම අයත් වන භූලෝගම් නැමැත්තයි ආරුමුගම් නැමැත්තයි සූදානම් වෙනමා සටන් කරන්න. පස්සේ මොකද උනේ? මොකක්ද මේ ජන්මාන්තර කෝන්තරය? ඇයි මේ ක්‍රීඩා නාලිකව මේ දෙගොල්ලෝ අතරේ මෙහෙම තරගයක් සංවිධානය කරන්නේ? එයාලගේ යටි අරමුණ මොකක්ද? මෙතනින් එහාට මොකද උනේ? මේ වගේ තවත් කරුණු කාරණා හා අපට වැදගත් සමාජයට ආදර්ශමත් ලොකුම ලොකු පණිවිඩයක් චිත්‍රපටය අවසානයේදී දෙනවා. ඒවාත් බලන්න චිත්‍රපටය නරබන්න කියලා ඉල්ලනවා.
පොඩි දෙයක් කියන්න හිතුනා. ඔයාලා තනි ඔරුවන් ෆිලුම බැලුවා නම් ඒකෙන් දෙන පණිවිඩය තමා, හැම පොඩි පොඩි අපරාධයක් පිටුපසම සංවිධානගත වූ විශාල අපරාධයක් තියෙන බවයි. ඒ වගේම මේකෙන් මහා විශාල වෙළද ආයතන හා ව්‍යාපාරිකයින් දුප්පතාව හා මධ්‍යම පාන්තිකයින්ව කොහොම හිර කරන්, එයාලගේ සේසත සූරා කනවාද කියලා පණිවිඩය ඔයාලා ඉදිරියේ තබනවා.
“ප්‍රචාරනය කරලා කරලා අපේ මොලේ හෝදනවා.
ඒ හින්දා මොකවත්ම විශ්වාස කරන්න එපා. හැම දෙයක්ම සැක කරන්න.”
“ඔයාලගේ පලාතේ ජාතී රණ්ඩුවක් ඇති උනොත් සැක කරන්න.”
“ඊට පිටුපසින් කවුද ලාභ ලබන්නේ කියලා.”
“ඔයාලගේ ගමේ ආගමික කැරැල්ලක් ඇති උනොත් සැක කරන්න.”
“ඒක හින්දාත් සමහරුන්ට ලාභයක් ඇති.”
“රටවල් 2ක් අතර යුද්ධයක් ඇති උනොත් සැක කරන්න.”
“ඒකත් ව්‍යාපාරිකයින් පවත්වන යුද්ධයක් කියලා.”
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.