ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න.
Flintstones එහෙම නැතිනම් ගිරිපුර ඇත්තෝ කිව්වම ගොඩක් අය දන්නවනේ. හැබැයි මේ කතාවනම් ඔයාල බලලා නැතිව ඇති කියලා හිතනවා. ඉතින් මේ ගෙනාවේ 1994 වසරේ මැයි 27 වෙනිදා නිකුත් වුණ The Flintstones කියන චිත්‍රපටයයි. ඒ කියන්නේ ගිරිපුර ඇත්තන්ගේ පළවෙනිම කාටූන් නොවන චිත්‍රපටය. මේකත් ලොකු පොඩි කාටත් ලොකු ආදර්ශයක් දෙන චිත්‍රපටයක් තමයි. මෙය Comedy, Family, Fantasy කියන වර්ගීකරණයට අයත් වෙනවා. Brian Levant අධ්‍යක්ෂණයෙන්ද, Tom S. Parker, Jim Jennewein සහ Steven E. de Souza කතාව රචනයෙන්ද දායක වෙලා තියෙනවා. තව දෙයක් කියන්න ඕණෙ, මම මේ උපසිරස චරිතවලට යොදාගෙන තිබුණේ සිරස නාළිකාවේ හඬකවලා විකාශණය වුණු ගිරිපුර ඇත්තෝ කාටූන් එකේදි දාලා තිබුණු නම් තමයි. බොරළුගොඩ ෆ්ලින්ගල ලෙස John Goodman ද විමලා ලෙස Elizabeth Perkins ද ගල්පාත ලෙස Rick Moranis ද ඩොටී ලෙස Rosie O’Donnell ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.
දන්නවනෙ, බොරළුගොඩ පවුල සහ ගල්පාත පවුල ඉන්නේ හරිම යාළුකමින් සතුටින්. බොරළුගොඩට දුවෙක් ඉන්නවනෙ පෙබළු කියලා, ඉතින් අපේ ගලයාටයි ඩොටීටයිත් ඕණෙ වෙනවා දරුකමට හරි දරුවෙක්ව හදන්න ගන්න. හැබැයි ඒකට මුදල් ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නෙ නෑ, හැබැයි බොරළු එයාලගේ ඉතිරී කිරීමකින් සල්ලි අරගෙන ඒක ගල්පාතට දෙනවා. ගලේ හිතනවා ඒ අමිල ණය තමාට හැකි විදිහකට කවදාහරි ගෙවනව කියලා. ඔය අතරේ තමයි විධායක නිලධාරියෙක්ව පත් කරගන්න පරීක්ෂණ විභාගයක් ගල් වලේ පැවැත්වෙන්නෙ. බොරළුට ඕණෙ කොහොමහරි හොඳ තැනකට එන්න. ඒකට එයාට ඒ විභාගය සමත් වෙන්නම වෙනවා. නමුත් මොනවා වෙයිද? ගල්පාතගේ වගේම බොරළුගොඩගෙ සිහින සැබෑ වෙයිද? කථාවේ තේමාවට මම දැම්මේ පෝසත්කමේ සැබෑ අරුත කියලා, මොකක්ද ඒකේ තේරුම? මේ කතාවෙන් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. කෙටියෙන්ම කියනවනම් පෝසත්කමට වඩා මිතුරුකම වැදගත්… ඉතින් මේ හැමදේකටම උත්තර දැනගන්න කතාව බලන්න…
අපොයි! තව පොඩ්ඩෙන් වැදගත්ම දේ කියන්න අමතක වෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීමේදී කිසිඳු ඩයිනෝසරයෙකුට හිංසා කරලා නැහැ. එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා… තවත් උපසිරසකින් හමුවෙමු…
ජය…
412 downloads