කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි 51 ක් දිවෙන මෙම ෆිලුමට imdb 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. මේ කතාව කසාද බඳින්න හිතන් ඉන්න හැමෝටම වටින කතාවක් වේවි. ඒ වගේම බැඳලා ඉන්න අයටත් හිතෙයි මේක තමන්ට කොච්චර ගැළපෙනවද කියලා. කසාද බැඳපු මුල්ම මාස කීපය ඉතින් ජින්කි ජිකා තමයි. හරිම සතුටින් ඉන්නවා. ඊට පස්සෙ ටික ටික එකිනෙකාට දොස් කියා ගන්න තත්වෙට පත් වෙනවා.
Young-min (Jo Jung-suk)සහ Mi-young(Shin Min-ah) කියන්නෙත් ඒ වගේම ඉස්කෝලෙන් උපාධිය එහෙම අරගෙන කසාද බඳින කපල් එකක්. මෙයාලත් හනි මුන් එක එහෙම හොඳට සමරලා ආදරෙන් ඉන්නවා කිරියි පැණියි වගේ. ඒත් අනිත් කසාද බඳින හැම කපල් එකක්ම වගේ මේ දෙන්නත් එකිනෙකාට දොස් කියා ගන්න තත්වෙට පත් වෙනවා. ඒත් බය වෙන්න එපා වෙන කතාවල වගේ මේකෙ කසාද ජීවිතේ එකපාරටම අවුල් වෙලා යන්නෙ නෑ. ඒත් ඊට පස්සෙ මී යන්ග් පළවෙනියටම ආදරය කරපු කෙනාව හම්බෙනවා. ඒත් එයා හම්බුණා කියලා මොනවත් වෙනස් වෙයිද බලන්නකො. ඊට පස්සෙ තමන්ගෙ බිරිඳට කොච්චර ආදරේ කරත් වෙන ගෑණු දිහා බැලෙන ලෙඩේ මේ කොල්ලටත් වැළදෙනවා. ඒක මං හිතන්නෙ ලංකාවෙ හැම කොල්ලෙක්ටම තියන ලෙඩක්. ඒ වගේම තමයි ගෑණු දරුවෝ මේක තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. මේ බයිස්කෝපබැලුවට පස්සෙ හිතෙයි ඇයි කියලා ඔන්න. ඒත් මේ හැම කොටසක් අවසානෙදිම ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද. ඇත්තටම කාටද ආදරේ කරන්නෙ කියලා. යොන්ග් මින්ග් සහ මී යොන්ග් තේරුම් ගන්නවා.
මම මේ ලිපියෙ ලිව්වෙ පුළුවන් තරමක් සරල කරලා. ලියලා තියෙනවට වැඩිය කතාව ලස්සනයි. පටන් ගන්න තත්පරේ ඉදලම ආසාවෙන් බලන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කිසි දේකට වද වෙන්න අවශ්‍ය නෑ. එහෙනම් මං ගීහින් එන්නම්. ආ… ඒ වගේම තමයි මේක මගෙ විසි හය වන උපසැරසිය. හරිම සතුටුයි මට නම්. ඊළඟ උපසැරසියෙන් හමුවෙමු. ප්‍රතිචාර වලට ස්තූතියි.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
My Love My Bride 2014 720p BluRay x264 Korean AAC – Ozlem
My.Love.My.Bride.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
674 downloads