Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Superman II (1980) with Sinhala Subtitles |සුපිරි මිනිසා 2 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Superman (1980)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටයක් වන මෙය ඩොලර් මිලියන පනස් හතරක වියදමෙන් නිර්මාණය වෙලා මිලියන එකසිය අනුවක් අදායම උපයල තියන  අතර  ඔයාලට පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව දැන් තියනවා.

මේකේ කතාව මම ඔයලට විස්තර විදියට කියන්න යන්නේ නැ. මොකද ඔයාල දැනටමත් සුපර් මෑන් චිත්‍රපට සහ කාටුන් බොහොමයක් බලලනේ ඇත්තේ. මේ කතාව ඇතුලේ ලොයිස් ලේන් සහ ක්ලාක් කෙන්ට් ටික ටික ආදරයෙන් බැඳීම ලස්සනට පෙන්නනවා. කොටින්ම ලස්සන ආදර කතාවක් වගේ. ඒ අතරේ සුපුරුදු සුපර් මෑන් වීරක්‍රියා ඒ විදියටම සිදුවෙනවා. කොහොම උනත් ලොයිස් ට ආදරය කරන හින්ද එයා තමා සතු සුවිශේෂී බලය පවා එයා වෙනුවෙන් කැප කරන්න සුදානම් වෙනවා. ඒ අතරේ ක්‍රිප්ටන් ග්‍රහ ලෝකෙන් ආව අපරාදකාරයෝ ටිකක් පෘතුවිය බලහත්කාරයෙන් පාලනය කරන්න යනවා. ඒකට ඔයාලට පලවෙනි කොටසේ හමු උන ලෙක්ස් ලුතර් ගේත් උදව් ලැබෙනවා. ඉතින් තමාගේ බලය ලොයිස් ලේන් වෙනුවෙන් කැප කරාවිද එහෙමනම් මේ සතුරන්ගෙන් ලෝකය කොහොමද බේර ගන්නේ කියල දැන ගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. රුප රචනා කිරීමේදී ඉහලම තාක්ෂනය බාවිතා කරලා තියන හින්ද ඔයාලට කම්මැලි නැතුව මේ චිත්‍රපටය බලන්න පුළුවන් වේවි කියල හිතනවා.

මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපට මාලාවේම තුන්වන කොටස. ඔයාලට වැඩි විස්තර ඕන නම් සුපර් මෑන් ගැන ලොකු විස්තරයක් බයිස්කෝප් මංසලේ දාල තියනවා. ඉතින් සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම්.

බුදු සරණයි…..!

Superman (1978) | සුපිරි මිනිසා 1

Superman II (1980) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Superman.II.1980.720.BrRip.264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>