නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය…
“It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’
” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න පුලුවන්. ඒත් එයා ජීවත්කරවන්න නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවමයි. ”
ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න සතියකට විතර පස්සේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න මට පුලුවන් උනා. මුලින්ම මගේ පලමුවෙනි උපසිරැසි නිර්මාණය ‘ My Dog Skip ‘ වෙනුවෙන් ඔයාලා දක්වපු අදහස්වලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ කරපු දිරිගැන්වීම නිසාම මේ විශිෂ්ඨ සිනමාකෘතිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මට පුලුවන් උනා කිවුවොත් මං හරි.
හරි එහෙනම්, අපි දැන් චිත්රපටිය දිහාවට හැරෙමු. චිත්‍රපටියෙ නම තමයි SAVIOR. ගොඩක් අය මේක කලින් බලල ඇති කියල හිතනවා. කලින් බලල තිබුනත් , නැතත් දැන්නම් අනිව බලන්න කියල ආරාධනා කරනවා. ඇත්තම කිව්වොත්, හැමදාටම අපේ ළඟ තියාගන්න වටින චිත්රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. 1992- 1995 අතර කාලයෙ තිබුන බොස්නියානු යුද්ධය තමයි මේකට පදනම වෙලා තියෙන්නෙ. ඉතාම සංවේදී, හිත සසල කරවන රූප රචනාවක් වන මෙය Peter Antonijevic ගේ අධ්‍යක්ෂනයක්.
1998 නොවැම්බර්මස 20 වැනි දින තිරගතවීම ආරම්භ කල SAVIOR , IMDb Ratings 7.3/10 ක ඉහල අගයක්, මේවනවිට හිමිකරගන්න සමත්වෙලා තියනවා. ඇත්තටම මේවගේ උසස් සිනමා කෘතියක් ඒවගේ අගයක් ගැනීම කිසිසේත් පුදුමයක් නෙවෙයි. මේකෙ ප්‍රධාන චරිතයට සුපිරි නලුවෙක්වන Dennis Quaid පණ පොවනවා. Vantage Point , The Day After Tomorrow වගේ චිත්‍රපටි බලපු අයටනම් ඔහුව හොඳට මතක ඇති. ඊට අමතරව මෙහි Stellan Skarsgard සහ Natasa Ninkovic යන නලු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටිය ගැන තවත් තොරතුරු ටිකක් ඔයාලට සුපුන් ලියනගේ සොහොයුරා මීට පෙර පලකල ලිපියෙන් බලාගන්න පුලුවන්. මිනිත්තු 103 ක් පුරා දිවයන මෙම සිනමා කෘතිය ඔයාලව ඒ තුල ජීවත්කරවනවා විතරක් නෙවෙයි, විටක ඔබේ සිතට සැනසුමක් ගෙන එන්නටත් , විටක ඇසට කඳුලක් නංවන්නටත් සමත් වේවි. ඒවගෙම විටින් විට චිත්‍රපටියේ පසුබිමින් ඇහෙන ගී තනු වචනයෙන් කියාගත නොහැකි අමුතු හැඟීමක් හිතට ගෙන ඒවි කියලත් කියන්න ඕන.
නැවතත් මතක් කරන්න තියෙන්නෙ ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය මේ දක්වා මඟ හැරුනනම් , මම කියන නිසාවත් බලන්න කියන එක තමයි… අවසානවශයෙන්, මේ චිත්‍රපටිය ගැන ඔයාලගෙ අදහස් පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත් සුපිරිම චිත්‍රපටියකින් ඔයාල හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !
ප.ලි : Google හි Search කිරීමෙන් හෝ torrentking.eu වැනි වෙබ් අඩවියකින් සුදුසු පිටපතක් ලබාගන්න.
සුපුන් ලියනගේ සොහොයුරා විසින් ලියන ලද ලිපිය…
බයිස්කෝප් සහෝදරයන් දෙන චිත්‍රපටි බලල විතරක් මදිනේ මටත් ලිපියක් ලියන්න හිතුනා. මේ මගේ මුල්ම ලිපිය. චිත්‍රපටිය ගැන කියනවනම් බොස්නියානු යුද්ධය පසුබිම් වන Anti War ගනයට අයත් සුපිරිම චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Dennis Quaid විසිනුයි. මීට අමතරව Stellan Skarsgard සහ Natasa Ninkovic රංගනයෙන් දායක වනවා. අධ්‍යක්ෂණය Peter Antonijevic ගේ.
චිත්‍රපටිය ආරම්භ වන්නේ හමුදා නිලධාරියෙක් වන Guy (Dennis Quaid) ගේ ආදරණීය බිරිඳ සභ පුතා මුස්ලිම් අන්තවාදින්ගේ බෝම්බයකින් මියයාමත් සමගයි. මෙයට පළිගැනීමක් ලෙස පල්ලියකට ගිහින් මුස්ලිම් ජාතීකයන් කීපදෙනෙක් මරාදමන Guy, ඒ නිසා සර්බියන් යුද්ධ පෙරමුණට පිටුවභල් කෙරෙනවා. මෙතනින් පසුව Guy ට දෛවෝපගත සිදුවීම් පෙලකට මුහුන දෙන්න වෙනවා. Guy ගේ අනාගතය කොහොම වෙයිද..??? පළිගැනීම වෙනුවට ගැලවුම්කාරයෙක් වෙන්න ඔහුට හැකිවෙයිද..??
ඉතා හැඟුම්බර මෙම චිත්‍රපටිය IMDB Ratings වලින් 7.1/10 ක් ගෙන තියෙනවා. අටුවාටිකා ඔනනෑනේ ? ඉතින් අනිවා බාගන්න. බලලා කොමෙන්ටුවකුත් දාන්න හොදේ…
Due to copyright issues, we do not provide any torrent links.
Savior.DvDRip-Trixter
Savior.1998.XviD.avi
107 downloads